යුරෝපයේ පුනරුදය
මෙම ලිපිය තුළින් පුනරුදය නිසා එකල යුරෝපයේ පැවති සෑම අංශයක ම පාහේ ඇති වූ වෙනස්වීම් පිළිබඳ ව තොරතුරු ලබා දීමට උත්සාහ කරමි.
අතීත යුරෝපයේ ප්‍රබල වෙනස්වීමට පුනරුදය බල පෑ ආකාරය
අතීත යුරෝපය මෙතෙක් දුර ගමන් ගත් ගමන් මාර්ගය සම්පූර්ණයෙන් ම වෙනස් කරලීමට නැතහොත් දේශපාලන,ශාස්ත්‍රීය,විද්‍යාත්මක සහ ආර්ථික යන සෑම අංශයක ම පාහේ වෙනස්කම් ඇති කිරීමට මේ පුනරුදය සමත් විය.ලොව ම පාහේ මවිතයට පත් කළ ඒ පුනරුදය නිසා යුරෝපය වෙනස් වූ ආකාරය පිළිබඳ ව කතා කරන විට අනිවාර්යයෙන් ම සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් ම තිබෙයි.එම කරුණු කිහිපයෙන් 4 ක් පිළිබඳ වමේ ලිපියෙන් තොරතුරු ලබා දීමට මම සිතමි.ඒ අනුව එම කරුණු 4 නම්,
1) ශාස්ත්‍රීය පුනරුදය
2) භාෂාව සහ සාහිත්‍ය පුනර්ජීවනය
3) මානව වාදය
4) කලා ශිල්ප ( මේ උප මාතෘකාව තුළින් පුනරුද සමයෙ දී යුරෝපයේ කලා ශිල්පවල ඇති වූ වෙනස්කම් පිළිබඳ ව තොරතුරු සපයයි. )
1) ශාස්ත්‍රීය පුනරුදය
මෙහි දී මේ ශාස්ත්‍රීය පුනරුදය වශයෙන් හඳුන්වනු ලබන්නේ මේ යුරෝපයේ 15 වන සියවසේ දී භාෂාව,සාහිත්‍යය සහ නොයෙක් නොයෙක් වූ කලා ශිල්ප එසේ නැතහොත් චිත්‍ර කලාව, ප්‍රතිමා කලාව,ගෘහ නිර්මාණ ශිල්පය ආදී වූ සියලු ම අංශයන්ගේ ඇති වූ පිබිදීමයි.
2) භාෂාව සහ සාහිත්‍ය පුනර්ජීවනය
එදා පැවති යුරෝපයේ ප්‍රධාන අවධියක් වුණු මධ්‍යතන යුගයේ දී බහුල වශයෙන් භාවිත වූයේ විවිධ ගෝත්‍රික භාෂාවන් ය.කෙසේ වුවත් මෙකල යුරෝපයේ ආගමික හා ඇතැම් නීතිමය කටයුතුවලදී ද ඉතා සුළු වශයෙන් ලතින් භාෂාව භාවිත විය.නමුදු පුනරුද සමයේ දී මෙම ග්‍රීක හා ලතින් භාෂාවලින් ලියවුණු පොත් පත් පරිශීලනය වැඩි වූ නිසා එම භාෂාවල නවෝදයක් ඇති වූ අතර මේ සිදුවීම යුරෝපා පුනරුදයේ සිදු වූ ඉතාමත් ම වැදගත් සිදුවීමකි.තව ද මෙම භාෂාවලින් ලියවුණු පොත පත ක්‍රම ක්‍රමයෙන් වැඩි වීමත් සමඟ එරට සාහිත්‍යය අතිනුත් විශාල පිබිදීමක් ඇති විය.විවිධ ග්‍රීක නාට්‍ය පිළිබඳ ව ද යුරෝපා වැසියන්ගේ දැඩි උනන්දුවක් ඇති විය.
මෙකල ග්‍රීක සහ ලතින් යන භාෂාවලින් නොයෙක් වූ ග්‍රන්ථ රචනා කොට එළි දැක් වූ දක්ෂ කර්තෘන් රාශියක් බිහි විය.
1.ඉතාලියේ ඩාන්ටේ
2.පෙට්රාක්
3.බොකැෂියෝ
4.එංගලන්තයේ සර් තෝමස් මුවර්
5.ප්‍රැන්සිස් බේකන්
6.විලියම් ෂේක්ස්පියර්
7.ප්‍රංශයේ ඉරාස්මස්
යන කර්තෘන් එලෙස හඳුනා ගත හැකි ය.
තව ද මේ අතුරින් අලගියරි ඩාන්ටේ විසින් රචනා කරන ලද ඩිවිනා කොමිඩියා නම් කාව්‍ය ග්‍රන්ථය ද පෙට්රාක් විසින් ලෝරාට සැහැලි කවි නම් ග්‍රන්ථය ද විශේෂ වෙයි.
3) මානව වාදය
මේ මානව වාදය යනුවෙන් හඳුන්වනු ලබන්නේ මිනිසා උතුම් කොට සැලකීමයි.පුනරුද සමයේ දී මෙය විශේෂ ලක්ෂණයක් වූ අතර මෙකල සියල්ල ආගමික රාමුවක් මුල් කර ගෙන පැවතුණි. කෙසේ නමුත් මානව වාදය මුල් වීම නිසා මේ සෑම දෙයක් දෙස ම වඩාත් විචාරාත්මක ව බැලීමට පටන් ගන්නා ලදී.තව ද මුලින් ඉගැන් වූ දේව ධර්මවාදී විෂයයන් වෙනුවට මානව වාදී විෂයයන් ඉගැන්වීම ආරම්භ කරන ලදී.එසේ ඉගැන් වූ මානව වාදී විෂයයන්වලට උදාහරණ ලෙස, 1-සාහිත්‍යය
2-කලාව
3-ඉතිහාසය
4-නීතිය
5-ආචාර විද්‍යාව
යන විෂයයන් හඳුනාගත හැකි ය.
4) කලා ශිල්ප
මෙම මාතෘකාව යටතේ පුනරුද සමයේ දී විවිධ කලා ශිල්පවල සිදු වූ වෙනස්කම් ගැන තොරතුරු සැපයීමට මම උත්සාහ කරමි.
යුරෝපයේ කලා ශිල්ප
පුනරුද සමයට පෙර කාලය
1) විවිධ චිත්‍ර ශිල්පීන් නොයෙක් නොයෙක් ශ්‍රේණි වශයෙන් සංවිධානය වී සිටීම.
2) මෙකල බිහි වුණු විවිධ නිර්මාණ එම ශ්‍රේණියේ නමින් හැඳින්වීම.
3) සියලු ම කලා ශිල්ප පාහේ ආගමට නැඹුරු වීම.
4) කලා කෘතිවලට අනුග්‍රහය දැක්වීමේ ශක්තිය පල්ලියට පමණක් හිමි ව තිබීම.
පුනරුද සමයට පසු කාලය
1) කලාකරුවන්ට අනුග්‍රහය දැක්වීමට ලෞකික රස වින්දනය අගය කරන ධනවත්තු ඉදිරිපත් වූහ.
2) පුද්ගලවාදයේ ප්‍රතිඵලයක් වශයෙන් කලාකරුවන් සිය දක්ෂතා ස්වාධීන ව ඉදිරිපත් කිරීම.
3) එදිනෙදා බිහි වන ඒ නිර්මාණ අදාළ කලාකරුවන්ගේ නමින් ම හඳුන්වනු ලැබීම.
4) පෞද්ගලිකත්වය ඉස්මතු කරන ලෞකික රසවින්දනයට මුල් තැනක් දුන් නිර්මාණ බිහි වීම.
යුරෝපයේ එකල කලා ශිල්ප ඉහත ආකාරයට දැක්වීමට හැකි වෙයි.