ව්‍යාපායකට අරමුණු එකක් හෝ කීපයක් පැවතිය හැකිය. මෙම අරමුණු ඉටු කර ගැනීමේ අපේක්ශාවෙන් ව්‍යාපාර ක්‍රියාත්මක වේ. එයට හේතු වන්නේ ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන් විසින් විවිධ ප්‍රතිලාභ ව්‍යාපාරය තුලින් අපේක්ශා කිරීමයි. සාමන්‍යයෙන් අරමුණු යනු දිගු කාලීනව ලගා කරගැනීමට අපේක්ශා කරන ප්‍රථිඵලයකි.
ව්‍යාපාරයකට ලාභ ඉපැයීම වැදගත් වන්නේ එහි අයිතිකරුවන් යෙදූ මුදලට ප්‍රමාණවත් ලාභයක් ලබාදීම අවශ්‍යවන නිසාය.
පාරිභෝගික තෘප්තිය ඉහල නැංවීම
ව්‍යාපාරයක රදාපැවැත්ම තීරණය වන්නේ කොතරම් දුරට සිය පාරිභෝගිකයන් තෘප්තිමත් කරනවාද යන්න මතය. මේ නිසා ව්‍යාපාර සිය පාරිභෝගිකයන්ට උපරිම තෘප්තියක් ලැබෙන පරිදි කටයුතු කරනු දක්නට ලැබේ.
ඉහතින් සදහන් කල අරමුණු ඉටු කරගැනීම සදහා ව්‍යාපාර විසින් විවිධ ඉලක්ක / උප අරමුණු බිහිකරගෙන ඇත. එවැනි උප අරමුණු / ඉලක්ක ලෙස,
ව්‍යාපාර විසින් සාධාරණ මිලකට ඉහල ගුණැත්වයෙන් යුත් භාණ්ඩ සැපයීමට ක්‍රියා කරයි
ව්‍යාපාර විසින් විවිධ අංශ වලට සරිලන ආකාරයේ විවිධ රැකියා අවස්ථා බිහිකරනු ලබයි. එය ව්‍යාපාරයක සමාජ වගකීමකි.
සිය සේවකයන්ගේ සුභසාධනය හා රැකියා ජීවිතයේ තෘප්තිය ඉහල නැංවීම සඳහා ලබාදෙන වැටුපට අමතරව ආහාරපාන, නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම්, රක්ෂණාවරණ ආදිය ලබාදීම සිදු කරයි.
මිනිසාගේ ප්‍රධාන මූලික අවශ්‍යතා
ඉහත සඳහන් අවශ්‍යතා වලට අමතරව තවත් අවශ්‍යතා ගණනාවක්ම මිනිසෙකුට ඇතිවීමට පුලුවන. එවැනි අතිරේක අවශ්‍යතා කිහිපයක් මෙසේය.
අවශ්‍යතා වල ලක්ෂණ
|
අවශ්‍යතාවය |
වුවමනා |
ආහාර |
බත්, පාං, ඉදිආප්ප |
ඇදුම් |
කමිස, කලිසම්, ටී ෂර්ට්, පවහන් |
නිවාස |
තට්ටු නිවාස, බංගලා, නේවාසිකාගාර |
වුවමනා වල ලක්ෂණ
ජීවත්වීමට යම් වුවමනාවක් සපුරා ගැනීම අනිවාර්ය නොවන අතර ඒ හා සමාන තවත් වුවමනාවකින් එය සපුරාගත හැකිය.
පුද්ගලයාගෙන් පුද්ගලයාට වුවමනා සපුරාගන්නා ආකාරය වෙනස් වේ.
වුවමනා විවිධ හා අසීමිත වන බැවින් ඒවා සංකීර්ණ වේ.
වුවමනා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කල හැක.
එක් වශ්‍යතාවයක් සපුරා ගැනීම සදහා විවිධාකාරයේ වුවමනා සපුරා ගත හැකිය
අවශ්‍යතා හා වුවමනා සැසදීම
අවශ්‍යතා |
වුවමනා |
ජීවත් වීමට අත්‍යාවශ්‍ය වේ. |
අත්‍යාවශ්‍ය නොවේ |
පොදු වේ |
විවිධයි |
සීමිතයි |
අසීමිතයි |
නිර්මාණය කල නොහැක |
නිර්මාණය කල හැක |
ප්‍රාථමික වේ |
ද්විතීක වේ |
ව්‍යාපාර වර්ගීකරණය කරන ආකාරය මීලග කොටසින් බලපොරොත්තු වන්න...