ඉන්දු නිම්නයෙන් සොයාගත් නිර්මාණ අතර කැටයම් කරන ලද මුද්‍රා වැදගත් වේ.මෙහි දී මුද්‍රා 2000 ක ට අධික සංඛාවක් සොයගෙන ඇත. මුද්‍රා නිපදවීම ඉන්දු නිම්න වැසියන්ගේ දෛනික කර්මාන්තයක් වී තිබීම. මේ සදහා භාවිතා කර ඇත්තේ හතරැස් දිගටි හැඩයේ දුඹුරු පැහැති මොලොක් පාෂාණ විශේෂයකි.කුඩා නියන් හා කටු ආධාරයෙන් කැටයම් කොට කිසියම් ලවණමය ද්‍රාවයක් ආලේප කොට පිලිස්සීමෙන් දැඩි බවක් ලබාගෙන ඇත. ප්‍රමාණයෙන් අගල් ¾ ක් හා 1 ½ ක් වේ. මේවා තනා ඇත්තේ පාස් ලෙස හෝ මාල ලෙස භාවිතා කරීමටය විය හැකිය. සොල්දාදුවන්ට ,වංශාධිපතිනට, පූජකවරුනට හා සමාන්‍ය ජනතාවට ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සදහා හැදුනුම් පතක් හෙවත් පාස් එකක් ලෙස භාවිත කරනු පිණිස සාදන්න ට ඇත.
මෙම ශිෂ්ටාචාරයට අයත් වෙළෙද ශ්‍රේණිය විය. එම වෙළෙද ශ්‍රේණිය හැදින්වීම සදහා මෙවැනි මුද්‍රා භාවිතකොට ඇති බව බෂාම් පවසයි. මුද්‍රා වල දැක්වෙන අක්ෂරවලින් වෙළෙද ශ්‍රේණි හදුන්වා ඇති බව ඔහුගේ මතය වි ය.මෙම මුද්‍රාව කිසියම් නිර්මාණශිලී බවක් ගැබ් ව ඇති බැව් පෙනේ. මිනිස් රූප, ස්ත්‍රී රූප, සත්ත්ව රූප හා වෘක්ෂ ලතා භාවිතයෙන් නිර්මාණයකර ඇති මුද්‍රා තුළ අක්ෂර යොදා ඇත්තේ ද චිත්රීය ලක්ෂණ මැවෙන අයුරිනි.
වෘෂභ රූප හා ඇත් රූප දැක්වෙන මුද්‍රා
සත්ත්ව රූප යොදාගෙන කරන ලද මුද්‍රා අතර මොල්ලිය සහිත ගවයා දැත්වෙන මුද්‍රාව ඉතා වැදගත් ය.බෙල්ලේ යොදා ඇති ආභරණ සහිත සැරසිලි ව්‍යුක්ත රූපී බවක් දක්වයි. ගවයාගේ ශාරීරික ලක්ෂණ අවධානයෙන් යුතු ව තාත්වික ස්වරූයෙන් දැක්වීමට ශිල්පියා උත්සාහ ගෙන ඇත. මෙය ශිවගේ වාහනය වූ නන්දි ගවයා සිහිපත් කර වීමට සමත් ය. විවිධ හැඩයෙන් යුත් ගව රූප යොදාගෙන කරන ලද මුද්‍රා රැසක් හමු වී ඇත. පූජා භාණ්ඩ ඉදිරියෙන් සිටගෙන සිටින ගවයා සහ තප්පුලන ගවයා වැදගත් නිර්මාණයෝ ය. ගව රුවෙහි හිස කද පාර්ශ්වගත ව යොදා ඇති අතර දිගු අං සෘජු දර්ශීව යොදා ඇත.විශේෂයෙන් පූජා භාණ්ඩ ඉදිරිපිට සිටින ගවයා දැක්වෙන මුද්‍රාව ව්‍යුක්ත රූපි බවක් දක්වයි. ඇත් රුව ද ඉන්දු නිම්න මුද්‍රා අතර විශේෂ තැනක් ගනී.
අං සහිත දෙවියා
අං සහිත දෙවියන් දැක්වෙ න මුද්‍රා කිහිපයක් මොහෙන්ජො - දාරෝවෙන් සේ ම හරප්පාවෙන් ද හමු වී ඇත. මේ අතරින් මොහෙන්ජො - දාරෝවෙන් හමු වූ අං සහිත දෙවියා දැක්වෙන මුද්‍රා ව විශේෂත්වය ක් ගනී.අසුනක් මත යෝගී ඉරියව්වෙන් හිදගෙන සිටින රෞද්‍ර දෙවියක් දැක් වේ.වක්රාකාර ව දෙපසට විහිදී ගිය අං දෙකක් ඒ මාධ්‍ය යේ ඉහළට නෙරාගිය ත්‍රිකෝණාකාර කොටසකින් යුතු හිස් වැස්මත් පැළදගෙන ඇත. මෙහි මුහුණු තුනක් දැක්වෙන අතර එය වෙස් මුහුණක් විමට ද ඉඩ ඇත. මෙම හිස් වැස්ම හින්දු දහමේ සංකේතයක් විය හැකි ය. අං දෙක සහ මධ්‍යයේ වූ ත්‍රිකෝණාකාර හැඩ ය ශිව සංකේතය වන ත්‍රීශූලය සිහිපත් කරව යි. මෙහි සත්ත්ව රූප කිහිපයක් ඇත.ඇතා ,සිංහයා, රයිනෝසිරස්, ගවයා සහ මුවෝ මේ අතර වෙති. සතුන් ගේ අවනත බව දැක්වෙන ඉරියව් නිසා මෙයින් ප්‍රකාශ වනුයේ කිසියම් ආගමකට අයත් දෙවියක් බවට ඉගියක් ලැබෙයි. හිදගෙන සිටින ආසනය යට මුවන් දෙදෙනෙක් සිටිති. බුදුන් මිගදායේ දී දම්සක් දෙසූ අවස්ථාවේ අසුන් යට සිටි මුවන් සිහියට නැගේ. මෙය ශිව දෙවියන්ගේ මුලාශ්‍රයන් බව ජෝන් මාෂල් පවසයි.
ස්ත්‍රී රූප සහිත මුද්‍රා
විවිධ තේමා හා ආකෘති යටතේ නිර්මාණය වූ ස්ත්‍රී රුප සහිත මුද්‍රා රැසක් ඉන්දු නිම්නයෙන් හමු වී ඇත. මේවා ප්‍රධාන කොටස් කෙකකට බෙදා දැක්විය හැකි ය.
1 දණ තෙක් ඇදි රෙදිකඩක් සහිතව දෑත් ගෙන සහ නිතඹ පෙදෙස අභරණවලින් සරසන ලද මුද්‍රා.
2 දරුවන්ට කිරිපොවන ස්ත්‍රී රූප හා ගර්භනී කාන්තා රූප දැක්වෙන මුද්‍රා .