2.2 දෘඩාංග හා ඒවායේ අතුරු මුහුණත් සම්බන්ධයෙන් පරිගණකයේ ක්‍රියාකාරීත්වය
ආදාන උපාංග
අත්යුරු ආදානය
දත්ත ඇතුලත් කිරීම යම් පුද්ගලයකු විසින් කරනු ලබයි. මේ සඳහා යතුරු පුවරුව , මූසිකය , ස්පර්ෂක තිර සහ වෙනත් උපාංග භාවිත කළ හැකිය. දත්ත ඇතුලත් කිරීමේ දී දෝෂ ඇති වීම මෙහි ඇති අවාසියකි. දත්ත ඇතුලත් කිරීමට වැය වන පිරිවිය අඩු වේ. වේගවත් බව අඩුය.
ස්වයංක්‍රීය / සෘජු ආදානය
ස්වයංක්‍රීය ක්‍රමයට දත්ත ඇතුලත් කිරීමේ දී ඒ සඳහා විශේෂිත උපකරණ භාවිත වේ. තීරු කේත කියවනය, QR කේත කියවනය, චුම්භක තීරු කියවන, සුහුරු කාඩ්පත් කියවනය ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. නමුත් මේ සඳහා උපකරණ ගණනාවක් භාවිත කළ හැකිය.
ස්වයංක්‍රීය දත්ත ආදනයේ දී නිවැරදිව, වේගවත්ව අඩු පිරිවැයකින් දත්ත ආදානය කිරීමේ හැකියාව ඇත.
ප්‍රතිදාන උපාංග
දත්ත ප්‍රදර්ශනය කිරීම
පරිගණකයෙන් සකසනු ලබන දත්ත මිනිසාට තේරුම් ගැනීමට හැකි වන සේ ප්‍රදර්ශනය කිරීම කළ යුතුය. ඒවා ඇසට ප්‍රදර්ශනය කිරීමේ ක්‍රම දෙකකි. එනම් මෘදු පිටත් (Soft Copy) සහ දෘඩ පිටපත් (Hard Copy) ලෙසින්ය. මෘදු පිටපත් ප්‍රදර්ශනය සඳහා පරිගණක තිර භාවිත කරන අතර දෘඩ පිටපත් ලබා ගැනීම් සඳහා මුද්‍රණ යන්ත්‍රය භාවිත කළ යුතු වේ.
පරිගණක තිරය
පරිගණකයෙන් සකසනු ලබන දත්ත මිනිසාට ප්‍රදර්ශනය කිරීම සඳහා පරිගණක තිර අවශ්‍ය වේ. මේ සඳහා විවිධ වර්ගයේ තිර අවශ්‍යතාවය අනුව භාවිත කරනු ලැබේ. CRT, LCD, LED, TFT සහ Multimedia Projectors එයින් උදාහරණ කිහිපයකි.
කැතෝඩ කිරණ නලය සහිත පරිගණක තිරය CRT - Cathode Ray Tube Monitors
මෙම වර්ගයේ පරිගණක තිර සැකසීමේ දී ආලෝකයේ මූලික වර්ණ තුන සහිත තිත් තුන බැගින් පිහිටින සේ තිරය මත තිත් මිලියන ගණනක් තබා ඇත. ඉලෙක්ට්‍රෝන කදම්භ තුනක් මගින් මෙම තිත් ආලෝකමත් කරමින් විවිධ වර්ණ සහිත රූප තිරය මත නිර්මාණය කරනු ලැබේ. මෙහිදී ඉලෙක්ට්‍රෝන කදම්භ තුන තිරයේ එක් කෙළවරක සිට අවසානය දක්වා වේගයෙන් චලනය කිරීම මගින් රූප නිර්මාණය කරනු ලැබේ.
ද්‍රව ස්ඵටික තිරය LCD- Liquid Crystal Display Screen
ද්‍රව ස්ඵටික තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම තිරය ඉතාම පැතලි අඩු ඉඩ පුමාණයක් වැය වන එකකි. ද්‍රව ස්ඵටික තාක්ෂණයේ මූලික යෙදුමක් ලෙස අතෙහි බඳින ඩිජිටල් ඔරලෝසුව දැක්විය හැකිය. මෙහිදී තරලයක ගිල්වා ඇති ස්ඵටික විදුලිය මගින් චලනය කිරීම සිදුකර තිරය මත රූප නිර්මාණය කරනු ලැබේ. තිරයේ නිර්මාණය වන රූප දර්ශනය කිරීම සඳහා පසුතලයෙන් ආලෝක ප්‍රභවයක් ඇති කළ යුතු අතර පැරණි ඒවායේ දී ඒ සඳහා ප්‍රතිදීපන නල (Florescent Tube) යෙදාගන්නා ලදි. ඒ නිසා එම මොනිටර් LCD ලෙසම හැඳන්වූහ. නමුත් පසුකාලීනව මෙම ආලෝක ප්‍රභවය ලෙස LED භාවිත කරන්නට විය. ඒ නිසා එම මොනිටර් LED මොනිටර් ලෙස හඳුන්වන්නට වූහ. නමුත් මෙම දෙකෙහි ක්‍රියාකාරීත්වයේ වෙනසක් නැත. LED යොදාගෙන ක්‍රියාත්මක වන වෙනමම මොනිටර් විශේෂයක් ඇත.
LCD සහ CRT සන්සන්දනය කිරීම
මෙම මොනිටර් වර්ග දෙකෙහි ක්‍රියාකාරීත්වය සලකා බැලීමේ දී වාසි අවාසි ඇත.
LCD
CRT
TFT
තුනී පටල ට්‍රාන්සිස්ටරය (Thin Film Transistor -TFT) භාවිතයෙන් නිපදවා ඇති මෙම තිර විශේෂය LCD වර්ගයේ තිර විශේෂයක්ම වේ. මෙහි එක් එක් පික්සල් ට්‍රාන්සිස්ටරයක් මගින් පාලනය වේ. TFT තාක්ෂණය මඟින් ගුණාත්මක පැතලි පුවරු නිපදවනු ලබන අතර මිල අධික වේ. TFT තිර Active-matrix LCD ලෙස ද හැඳින්වේ.
LED ආලෝක විමෝචක ඩයෝඩ භාවිතය ( Light Emitting Diode)
පැතිලි තිර ලෙස සලකනු ලබන මෙම වර්ගය LED ඩයෝඩ ජාලයක් ලෙස සකසා භාවිත කරනු ලැබේ. වීඩියේ දර්ශනයේ දී සලසනු ලබන එක් එක් පික්සල සඳහා වෙන වෙනම LED ඩයෝඩ භාවිත කරනු ලැබේ. එළමහනේ භාවිත කළ හැකි වීම මෙහි ඇති වාසියකි. වේදිකා පසුතල, දැනවීම් පුවරු සහ මහා මාර්ග දැන්වීම් ආදියේ දී යොදා ගනු ලැබේ. එයට අමතරව වේදිකා ආලෝක කරණය වැනි අවස්ථා වලදී ද මෙම තාක්ෂණය භාවිත වේ. මෙහි ඇති වාසිය වන්නේ විද්‍යුත් ආලෝකකරණයේදී භාවිත වන ඹුලික වර්ණ තුන වන රතු, නිල් සහ කොළ භාවිත කරමින් ඕනෑම වර්ණයකින් රූප නිර්මාණය කිරීමට ඇති හැකියාවයි.
බහු මාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍ර Multimedia Projectors
විශාල පිරිසකට පරිගණකයේ ප්‍රතිදානය ප්‍රදර්ශනය කළ යුතු විට ඒ සඳහා ප්‍රක්ශේපන යන්ත්‍ර භාවිත කරනු ලැබේ. මෙම ප්‍රක්ශේපන යන්ත්‍ර වල අධි ආලෝකයක් නිකුත් කරන විදුලි බුබුලක් ඇති අතර එමගින් විශාල තිරයක් මත පැහැදිලි දසුන් මැවිය හැකි වේ. තාක්ෂණය අනුව මූලික වර්ග දෙකකි.
ප්‍රක්ශේපන යන්ත්‍රවල මූලික ගුණාංග.
මුද්‍රණ යන්ත්‍ර - Printer
දෘඩ පිටපත් ලබා ගැනීම සඳහා මුද්‍රණ යන්ත්‍ර භාවිත කරනු ලැබේ. අද වන විට ද්විමාණ මෙන්ම ත්‍රිමාණ පිටපත් ලබා ගැනීමේ මුද්‍රණ යන්ත්‍ර වෙළඳපලෙන් ලබා ගත හැකිය.
ද්විමාණ මුද්‍රණ යන්ත්‍ර 2D Impact vs. Non impact
කඩදාසි හෝ වෙනත් පැතලි මතුපිට මත ද්විමාන ලෙස මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ යන්ත්‍රය භාවිත වේ. ක්‍රියාකාරීත්වය අනුව මෙම යන්ත්‍ර වර්ග දෙකකි. එනම් Impact සහ Non impact. Impact මුද්‍රණ යන්ත්‍ර වලින් මුද්‍රණය කිරීමේ දී මුද්‍රණ හිස කඩදාසිය සමග සෘජුවම ඝට්ඨනය වේ.
උදා- තිත් න්‍යාසික මුද්‍රකය, ඩේසි වීල් මුද්‍රකය
Non Impact මුද්‍රණයේ දී භෞතික වශයෙන් කිසිවක් ඝට්ඨනය නොවන අතර අදාළ තීන්ත පමණක් කඩදාසිය මත තැන්පත් වේ.
තීන්ත විදුම් මුද්‍රකය (Inkjet Printer)
ලේසර් මුද්‍රකය (Laser Printer)
උෂ්ණත්ව ක්‍රියාකාරී මුද්‍රකය (Thermal Printer)
මෙම යන්ත්‍ර වල මුද්‍රණය සඳහා තීන්ත භාවිත නොවේ.
3D printers
ත්‍රිමාණ ආකාරයට නිර්මාණය කරන ලද අනුරුවක් මුද්‍රණය කර ගැනීම සඳහා මෙවැනි යන්ත්‍රයක් භාවිත කළ හැකිය. මුද්‍රණය කිරීමේ මාධ්‍ය ලෙස විශේෂීත ප්ලාස්ටික් පටියක් භාවිත කරනු ලැබේ. මෙය උණුසුම් කර නොසලයක් මගින් යොමු කිරීමෙන් අවශ්‍ය අනුරුව මුද්‍රණය කරනු ලැබේ. විවිධ වර්ණයේ අමුද්‍රව්‍ය මේ සඳහා යොදා ගනු ලැබේ. මෙහිදී නොසලය XYZ යන අක්ෂ 3 ඔස්සේම ක්‍රියාත්මක කළ හැකි නිසා ත්‍රිමාණ වස්තු මුද්‍රණය කළ හැකිය.
Vinyl cutter
පරිගණකය හා සම්බන්ධ කළ හැකි යන්ත්‍රයක් වන මෙය භාවිතයෙන් කඩදාසි මෙන්ම ප්ලාස්ටික් ස්ටිකර වැනි දේ මත අකුරු සහ විවිධ හැඩතල කැපීම කළ හැකිය. මෙහි නොසලය ලෙස විශේෂිත කැපුම් තලයක් භාවිත කරනු ලැබේ
ක්ෂුද්‍ර සකසන හා මව් පුවරු - Micro Processors (CPU) and Mother Board
පුද්ගල පරිගණකයක මවු පුවරුව යනු එහි මධ්‍යයේ පිහිටි මුද්‍රිත පරිපථ පුවරුවයි. මෙම පුවරුව පරිගණකයේ සියළු උපාංග සඳහා සබඳතාවන් සපයනු ලැබේ. මුල් කාලීනව මෙම මව් පුවරුවේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම සදහා විශාල රැහැන් ප්‍රමාණයක් භාවිත කරමින් ඉතාම සංකීර්ණ පද්ධත් ලෙස පරිගණකය නිමවා තිබුණි. නමුත් පසුකාලීනව මෙම පුවරුව ඉතාම විධිමත් ලෙස වෙනම ම ඒකකයක් ලෙසින් නිර්මාණය විය.
මව් පුවරුවක එයට අදාල උපාංග එකිනෙක සම්බන්ධ කිරීඹ සඳහා සබඳතා ගණනාවක් පිහිටුවා ඇත.
මෙය Parallel ATA (PATA), ලෙසද හඳුන්වනු ලැබේ.
The Parallel ATA standard is the result of a long history of incremental technical development, which began with the original AT Attachment interface, developed for use in early PC AT equipment. The ATA interface itself evolved in several stages from Western Digital's original Integrated Drive Electronics (IDE) interface
මීට පෙර නිෂ්පාදිත පරිගණකවල Hard disk එක මව් පුවරුව සමග සම්බන්ධ කිරීම සඳහා IDE Connector භාවිත කරන ලදි. නමුත් දැන් යොදා ගන්නා SATA Connector ඊට වඩා වේගවත් මෙන්ම සම්බන්ධ වන cable එක ද සිහින් වේ. වර්ෂ 2000 දී මෙම තාක්ෂණය හඳුන්වා දී ඇත.
1.5, 3.0, 6.0 and 16 Gbit/s Standardized in 2004,
eSATA (e standing for external) බාහිර සම්බන්ධතා සඳහා භාවිත වේ.
USB 1.0 |
January 1996 |
Full Speed (12 Mbit/s) |
USB 1.1 |
August 1998 |
Full Speed (12 Mbit/s)[31] |
USB 2.0 |
April 2000 |
High Speed (480 Mbit/s) |
USB 3.0 |
November 2008 |
SuperSpeed (5 Gbit/s) |
USB 3.1 |
July 2013 |
SuperSpeed+ (10 Gbit/s) |
USB 3.2 |
September 2017 |
SuperSpeed+ (20 Gbit/s) |
ක්ෂුද්‍ර සකසනය Micro Processor මධ්‍යම සැකසුම් ඒකකයක් (CPU)
මධ්‍යම සැකසුම් ඒකකයක් (CPU) නැතහොත් සකසනයක් යනු පරිගණක ක්‍රමලේඛන ක්‍රියා කරවිය හැකි තාර්කික පරිපථයකි. 1970 ගණන් වල දී වාණිජමය වශයෙන් මෙම ඒකක නිපදවීම ආරම්භ කරන ලදි. ක්ෂුද්‍ර සකසන බහුල වශයෙන් පරිගණක යන්ත්‍ර වලදී භාවිත කරන අතර, කුඩා ප්‍රමාණයේ සෙල්ලම් බඩුවේ සිට අති නවීන වාහන දක්වා මෙම ඒකක අන්තර්ගත කරනු නිෂ්පාදනය කරනු ලැබේ.
ක්ෂුද්‍ර සකසන නිෂ්පාදනය - Development of Intel and AMD Processors
වාණිජ වශයෙන් ක්ෂුද්‍ර සකසන සැකසීමේ ප්‍රසිද්ධ සමාගම් දෙකක් ඇත. ඉන්ටෙල් සහ ඒඑම්ඩී යනු එම සමාගම් වන අතර මෙම සමාගම් සමාන්තර ලෙස තම නිෂ්පාදන වෙළඳපලට යැවීමේ තරඟයක යෙදී සිටී. අදාළ සමාගම් තම නිෂ්පාදන අතීතයේ සිට මේ දක්වා සංවර්ධනය කළ ආකාරය පහත වගුවෙන් නිරීක්ෂණය කළ හැකිය.
1971 දී බිට් 4 ක දත්ත සැකසීම සැකසීම හැකි ක්ෂුද්‍ර සකසනයක් මුලින්ම වාණිජ වශයෙන් වෙළඳපලට ඉදිරිපත් කිරීම ඉන්ටෙල් සමාගම විසින් සිදු කරන ලදි. ඉන්පසුව මෝටරෝලා සහ ඒඑම්ඩී යන සමාගම් විසින් ද ක්ෂුද්‍ර සකසන නිෂ්පාදනය ආරම්භ කරන ලදි.
Type (Intel) |
Speed |
Released Date |
Type (AMD) |
Speed |
Released Date (Year) |
4004 |
740kHz |
1971.Nov.15 |
AM 2900 |
|
1975 |
80286 |
12MHz |
1982 Feb |
8086 |
|
1979 |
i80386 |
33MHz |
1985-1990 |
AM 386 |
20MHz |
1991 |
i80486 |
100MHz |
1989-1992 |
AM486 |
40MHz |
1993 |
250Mhz |
1993-1999 |
AMD K5 |
75-133MHZ |
1995 |
|
450MHz |
1997-1999 |
AMD K6 |
100-300 MHz |
1998 |
|
1.4Ghz |
1999-2003 |
K7 Athlon |
500-2.3GHz |
1999-2005 |
|
3.2GHz |
2000-2008 |
K8 Hammer |
1.6-3.2 Ghz |
2003-Present |
|
2.9GHz |
2006-2009 |
K10 Family H |
1.7-3.7 GHz |
2007-2012 |
|
2.3 Ghz |
2006-2008 |
|
|
|
|
3.3 GHz |
2006-2011 |
Buldozer AMD E1 6010 |
|
2011-2017 |
|
3.7 Ghz |
2010-Present |
A4 – A10 |
|
2011 |
|
4 GHz |
2009-Present |
|
2013 |
||
Intel Core i7 |
4.4 GHz |
2008-Present |
|
2017- Present |
|
Intel Core i9 |
2.6 GHz- 3.3 GHz |
2017-Present |
|
2017 - Present |
Source- https://en.wikipedia.org
සුදුසු මව් පුවරුව තෝරාගැනීම - Compatibility of Board
පරිගණක සඳහා මව් පුවරු තොරාගැනීමේ දී අදාළ ක්ෂුද්‍ර සකසන සඳහා ගැලපෙන ආකාරයේ එකක් තෝරා ගැනීම සිදු කළ යුතුය. එහි දී යොදා ගනු ලබන ආචයන ඒකක වෙනත් උපාංග මෙන්ම විදුලි සැපයුම ආදි සියළු උපාංග හා ගැලපෙන ආකාරයට තොරාගැනීම සිදු කළ යුතු වේ.
ආචයන උපාංග Storage Devices - අභ්‍යන්තර දෘඩ තැටි Internal Hard Disk (SATA/IDE)
පරිගණකය අභ්‍යන්තරයේ සියළු මෘදුකාංග ගබඩා කර තැබීම සඳහා අභ්‍යන්තර දෘඩ තැටි භාවිත වේ. මෙම උපාංගය චුම්භක තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කර තිබේ.
Capacity = Cylinders × Heads × Sectors × sector size
ජංගම දෘඩ තැටි External Hard Disk (SATA/IDE/ USB)
ජංගම දෘඩ තැටියක් යනු සාමාන්‍ය දෘඩ තැටියක් විශේෂ ආවරණයක් තුල අසුරා ඇති අවස්ථාවකි. පරිගණකය හා සම්බන්ධ කිරීමට USB සබඳතාවය භාවිත කරන අතර විදුලිය ද එම සබඳතාවය හාරහා ලබා දෙනු ඇත.
ප්‍රවේශ කාලය Disk Access Time
දෘඩ තැටි වල වේගය මැනීමේ අගයක් ලෙස ප්‍රවේශ කාලය දැක්විය හැකිය. මෙම ප්‍රවේශ වීම සඳහා ගත වන කාලය මිලි තත්පර (ms) වලින් දක්වනු ලැබේ. ඉතා වේගවත් දෘඩ තැටි වල මෙම වේගය මිලි තත්පර 9-15 වැනි අගයයන් වල පවතී. නමුත් සාමාන්‍ය DRAM එකක වේගය මෙන් 200 ගුණයකටත් වඩා අඩුය.
ප්‍රවේශ කාලය යනු කියවීම සහ ලිවීම් සඳහා භාවිත කරන හිස read/write head ඩිස්ක ඛණ්ඩකය වෙත ලඟා වීමට ගතවන කාලයයි. මෙහි දී කලින් හිස පිහිටි ස්ථානය අනුව මෙම කාලය වෙනස් විය හැකිය. ඒ අනුව සාමාන්‍ය අගයක් ලෙස මෙය දක්වනු ලැබේ.
10−9 |
ns |
One billionth of one second |
|
10−6 |
µs |
One millionth of one second |
|
10−3 |
ms |
One thousandth of one second |
අන්වේක්ෂණ කාලය Seek Time
අන්වේක්ෂණ කාලය යනු දෘඩ තැටිය තුල ගබඩා කර ඇත දත්තයක් සොයාගැනීම සඳහා දෘඩ තැටියේ පරිපථය ලබා ගන්නා කාලයයි. transfer time (data rate) සහ rotational delay (latency) යන ප්‍රමාදයන් ද මෙයට ඇතුලත් වේ. Seek time is the time taken for a hard disk controller to locate a specific piece of stored data. Other delays include transfer time (data rate) and rotational delay (latency).
When anything is read or written to a disc drive, the read/write head of the disc needs to move to the right position. The actual physical positioning of the read/write head of the disc is called seeking. The amount of time that it takes the read/write head of the disc to to move from on part fo the disk to another is called the seek time. The seek time can differ for a given disc due to the varying distance from the start point to where the read/write head has been instructed to go. Because of these variables, seek time is generally measured as an average seek time. (techopedia)
ප්‍රකාශ තැටි (Optical Disk)
ආලෝකය යොදාගනිමින් ලෝහ ආලේපිත තැටියක දත්ත ගබඩා කිරීමේ තාක්ෂණයක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙහි ආලෝකය වශයෙන් අඩු බලැති ලේසර් කදම්භයක් භාවිත කරනු ලැබේ.
CD ROM |
650 MB - 900 MB |
CD R |
Compact Disc-Recordable can be written once and read arbitrarily many times. |
CD RW |
Compact Disc-ReWritable can be written, read arbitrarily many times, erased, and written again |
DVD ROM |
4.7 GB - 9.4 GB |
DVD R |
DVD recordable |
DVD RW |
DVD rewritable |
DVD RAM |
DVD Random Access Memory) |
Blue Ray |
25 GB - 128 GB |
Blue Ray Disk
Type |
Diameter |
Layers |
Capacity |
|||
Standard disc size, single layer |
12 |
1 |
25,025,314,816 |
|||
Standard disc size, dual layer |
12 |
2 |
50,050,629,632 |
|||
Standard disc size, XL 3 layer[90] |
12 |
3 |
100,103,356,416 |
|||
Standard disc size, XL 4 layer[90] |
12 |
4 |
128,001,769,472 |
|||
Mini disc size, single layer |
8 |
1 |
7,791,181,824 |
|||
Mini disc size, dual layer |
8 |
2 |
15,582,363,648 |
සැනෙළි ධාවක Flash Drive
thumb drive, pen drive, gig stick, flash stick,[1] jump drive, disk key, disk on key (after the original M-Systems DiskOnKey drive from 2000), flash-drive, memory stick (not to be confused with the Sony Memory Stick), USB stick or USB memory
මතක පත Memory Card
A memory card, flash card or memory cartridge is an electronic flash memory data storage device used for storing digital information. These are commonly used in portable electronic devices, such as digital cameras, mobile phones, laptop computers, tablets, PDAs, portable media players, video game consoles, synthesizers, electronic keyboards, and digital pianos.
සමාන්තර පරිගණනය Parallel Computing
ජාලක පරිගණනය Grid Computing