12-වසර නාට්‍ය හා රංග කලාව

නාට්‍ය කලාවේ මුලික සංකල්ප 01

අනුකරණය(Imitation)

අනුකරණය ,ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්‍රියාවලියකි.මිනිසා විද්‍යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්‍යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්‍රියාවන්ට දේවත්වයද සචෙිතනික ගුණය ද ආරෝපණය  කලේ  ය. ඉර,හඳ,තාරකා,ගහකොළ,ජලය මෙන්ම වැස්ස,හිරුඑළිය,විදුලිය කෙටීම,ගංවතුර,අදෘශ්‍යමාන බලවෙිගයන්ගේ ප්‍රථිපල ලෙස ඇදහු ඔවුහු ඒවාට දේවත්වය ආරෝපණය කරමින්, පුද පූජා පවත්වමින් අනුකරණරාත්මක කාර්‍යයේ නිරත වුහ.

  • වැස්ස හිඟ වු විට වර්ෂාව ලබා ගැනීමට වැස්ස අනුකරණය කළහ.
  • ගසකට නැග පාෂාණ ද්විත්වයක් ගෙන  එකිනෙකට ඝටිටමින් ගිනි පුපුරු නිපදවා,බෙරවයි,ගස මුදුනේ දීම දිය බිමට හෙළීමෙන් විදුලිය,හෙණ හඬ,වර්ෂාව අනුකරණය කළහ.
  • ඇතැමි ප්‍රාථමික සමාජවල යුද්ධයකට යාමට පෙර පිරිස දෙකට බෙදී, යුද්ධයේ ජයග්‍රහණය අනුකරණාත්මක රංගනයකින් ඉදිරිපත් කිරීමෙන් යුද්ධය ජයගත හැකි බව විශ්වාස කළහ .

මෙසේ ගල් යුගය - එඩේර යුගය පසු කරමින් මිනිසා නුතන යුගයට පා තබා ඇත.එහිදි ඔවුන් ලබා ඇති දියුනුව විස්මිතය.

ලොව විවිධ අභිචාර විධි ක්‍රම තූළද මෙරට සාමිප්‍රදායික  ශාන්තිකර්ම හා කෝලමි,සොකරි,නාඩගමි තුළ ද ප්‍රබල අනුකරණාත්මක  රංගන සහිත නාට්‍යමය ලක්ෂණ අඩංගු විවිධ ජවනිකා අන්තර්ගතය.

අනුකරණය  පිළිබඳව පෙර අපර දිග විද්වත් මත

අනුකරණය යනු පුර්වයෙහි පැවති හෝ දැන් පවතින හෝ යමක් අනුව යෑමය. එයට අනුව ක්‍රියා කිරීමය. එසේ නැතහොත් බාහිර සංස්කෘතියක පවතින දෙයක් යමෙකු විසින් අනුගමනය කරන ලද්දේ ද, එයට අනුව ස්වකීය චර්යා ධර්ම හැඩගස්වා ගන්නේ ද එය අනුකරණයයි.

භරත මුනිවරයා ප්‍රකාශ කළේ " ලෝකයේ යමි පැවැත්මක් වෙිද, එසේ පවතින එම පැවැත්ම අනුකරණය කරීම නාට්‍ය" යනුවෙනි.එය භරත මුනි විසින් මෙසේ ප්‍රකාශ කර ඇත.

නා නා භාවෝපසමිපන්නං-

නා නා වස්ථාතරාත්මකං 

ලෝක වෘත්තානුකරණං-

නට්‍ය මේතද්  භවිෂ්‍යති

එනමි ලෝකයේ යමි ස්භාවයක් වෙිද , එම ස්භාවය අනුකරණය  කිරීම නාට්‍ය වෙි.

"The imitation of an action"  ද ඉමිටෙිෂන් ඔෆ් ඇන් ඇක්ෂන්  මෙම අදහස පල කරනු ලැබුවෙි  ග්‍රීක දාර්ශනික විද්වතෙක් වු ඇරිස්ටෝටල් ය. ඇරිස්ටෝටල් පැහැදිලි කරන්නේ ලෝකයේ කිසියමි පුද්ගලයෙකු  විසින් කරනු ලබන කිසියම් කාර්යයක් වෙිද එම කාර්යය අනුකරණය කිරීම නාට්‍ය යනුවෙනි.

අනුකරණය වු කලී 'නාට්‍ය' හා 'රූපණයේ' මුලික පදනමයි.

 සහජ මානව ක්‍රියාවලික් වන අනුකරකරණය "රූපණයේ" ප්‍රභවයට ද බලපෑවෙිය. නාට්‍යකරුවා අනුකරණය කරන්නේ ක්‍රියාවෙි යෙදී සිටින්නෝය.ඒ සමාජිය මිනිසා මිස වෙනෙකෙකු  නොවෙි. නමුත් ඇරිස්ටෝටල් දක්වන අන්දමට "පුද්ගල ක්‍රියා මිනිස් සමාජය තත්වාකාරයෙන් (ඒයාකාරයෙන්ම ) අනුකරණය කිරීම නාට්‍යයෙන් සිදු නොවන අතර අනුකරණාත්මක මිනිස් ක්‍රියා තුලින් චරිත ප්‍රතිනිර්මාණය කරමින් ඉදිරිපත් කිරීම ඉන් සිදුවන බව "ඔහු පවසයි.ශෝකාන්ත නාට්‍යයේ දී ප්‍රකෘති ස්වභාවයට වඩා හොඳ පුද්ගලයන් ද සුඛාන්තයේදී ප්‍රකෘති ස්වභාවයට වඩා පහත් ගති ඇත්තෝ ද අනුකරණය කෙරෙති. රූපණයේ හරය අනුකරණය බව පැහැදිලි මුත් නළුවගේ කාර්යය හුදු අනුකරණයම නොවේ. අනුකරණය නිර්මාණාත්මක කාර්යයක් ලෙස උපයෝගී කර ගැනීම රූපණයේ සැබෑ අරුතයි.

භාරතීය නාට්‍ය කලාවෙි ද "අවස්ථානුකෘර්ති නාට්‍යං" ලෙස භරතමුනි  නාට්‍ය ශාස්ත්‍රයේ දැක්වුයේ "අවස්ථා අනුකරණය කිරීම නාට්‍ය " බවය. සමස්තයක්  ලෙස විග්‍රහ කිරීමෙිදී  පැහැදිළි වන්නේ අනුකරණය යන්න රූපණයේ පදනම බවයි.

 අන්‍ය කලා තුලද අනුකරණය ඇති බව:-

 චිත්‍ර කලාව:- සොබාදහමෙි වර්ණ හා හැඩතල අනුකරණය සුසංයෝජනයෙන් අපූර්ව කලා කෘතියක් නිම වීමයි.

සංගීතය:- සංගීත භාණ්ඩ තුළින් හෝ මිනිස් කටහඬින් සොබාදහමේ රිද්මය හා ශබිද මධූර්යය අනුකරණය කිරීමයි.

 නර්තනය:- රිද්ම රටා මගින් චරිත , භාව හා ක්‍රියා අනුකරණය  කිරීමයි.

නාට්‍ය:-  පුද්ගල  ක්‍රියාවන් (Action of Man) අනුකරණය  කිරීමයි

මෙි අනුව පැහැදිලි වන කරුනක් නමි නාට්‍ය , සාහිත්‍යාංග , සංගීතය , නර්තනය , චිත්‍ර වැනි සකල විධි කලා මාධ්‍යයන්ගේ ඇත්තේ අනුකරණය බව පවසයි.

ඇරිස්ටෝටල් දක්වන අන්දමට "කලාව නමි අනුකරණයයි."  මින් ඒ බව මනාවට පසක් වේ.

 

 


ලිපිය නිර්මාණය කලේ,
අමිල බංඩාර


MEMBER

අදාල තවත් ලිපි,



අමිල බංඩාර

12-වසර නාට්‍ය හා රංග කලාව

අනෙකුත් ලිපි