වයිරස්
ලාක්ෂණික ලක්ෂණ:
- ප්‍රාග්න්‍යෂ්ටික හෝ සූ න්‍යෂ්ටික නොවේ.
- කිසිදු සෛලීය සංවිධානයක් නැත.
- පරිවෘත්තිජ ක්‍රියා හා ප්‍රජනනයට ජීවී ධාරක සෛල අත්‍යවශ්‍ය ය.
- එම නිසා ජීවීන් ලෙස නොහඳුන්වයි.
- ධාරක සෛලයකට ඇතුළු වුවහොත් ගුණනය වී විවිධ පරිවෘත්තිජ පථ මඟින් ආසාදනය සිදු කර ලාක්ෂණික ජීවී ගතිගුණ පෙන්වයි.
- අනිවාර්‍යය පරපෝෂිතයන් වේ.
- සාමාන්‍යයෙන් මධ්‍ය හරයකින් හා කැප්සිඩයකින් සමන්විත වේ.
- මධ්‍ය හරයේ න්‍යෂ්ටික අම්ල ඇත.
- කැප්සිඩය ප්‍රෝටීන ආවරණයක් වන අතර කැප්සොමියර නම් ප්‍රෝටීන උප ඒකක වලින් සෑදී ඇත.
- කැප්සිඩයක කැප්සොමියර නිශ්චිත ගණනක් ඇත.
- ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස RNA හෝ DNA ඇත.
- ප්‍රෝටින සංස්ලේෂණයට අවශ්‍ය එන්සයිම හෝ අතිරේක RNA නැත.
- ප්‍රෝටීන සංස්ලේෂණ යාන්ත්‍රණයක්ද නැත.
- ධාරක සෛල වල ප්‍රෝටීන සංස්ලේෂණ යාන්ත්‍රණ මත රඳා පවතී.
- RNA වයිරස, RNA වලින් DNA ප්‍රතිවර්තී ප්‍රතිලේඛනය සඳහා රිවස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් එන්සයිමය දරයි.
වයිරස වල රූපකාරකය හා ආකාර
කැප්සිඩ නිර්මාණය අනුව මූලික රූප විද්‍යාත්මක සමමිති ආකාර දෙකකි.
- හෙලිකල්
- අයිකොසාහෙඩ්‍රන්
එම සමමිතිය මත පදනම්ව ප්‍රධාන රූපාකාර 4 කි.
- හෙලිකල්/හෙලික්සීය - දිගු, නම්‍යශීලී හෝ දෘඪ දණ්ඩකි. උදා:ජලභීතිකා වයිරසය
- අයිකොසාහෙඩ්‍රන්/බහුතල - බහුතලීයයි. උදා:ඇඩිනො වයිරසය
- සංකීර්ණ වයිරස - සමිමිති කිහිපයක් පෙන්වයි.(හෙලිකල් හා අයිකොසාහෙඩ්‍රන් එක්ව ඇත) උදා:බැක්ටීරියා භක්ෂක
- ආවරිත වයිරස - දළ වශයෙන් ගෝලාකාරය. කැප්සිඩ ආවරණයකින් වට වී ඇත. උදා:හ'පීස් සිම්ප්ලෙක්ස් වයිරසය
වයිරස වල ගුණනය
- එක් වයිරසයකට, ධාරක සෛලයක් තුළ, තමාට සමාන වයිරස ගණනාවක් ඇති කළ හැක.
- එම නිසා වයිරසය ධාරකයා හානි කර, ඔවුන්ට දරුණු රෝග තත්ත්ව ඇති කරයි.
- බැක්ටීරියා භක්ෂකයන්, බැක්ටීරියා ආසාදනය කළ හැකි, දර්ශීය වයිරස් කාණ්ඩයකි.
- ඔවුන් යාන්ත්‍රණ දෙකක් උපයෝගී කර ගනී.
- ව්‍යංශජනක චක්‍රය - ධාරක සෛල ජාරණය(ජීරණය) නොකර වයිරස DNA, ධාරක DNA බවට සංස්ථාපනය කරයි; ධාරකයා ජීරණය නොකරමින් ගුණනය වේ.
- ජාරක චක්‍රය - ධාරක සෛලය ජාරණය කරයි.
බැක්ටීරි භක්ෂකයකුගේ ධාරක ජීවන චක්‍රය
පියවර පහකි.
- සම්බන්ධ වීම - බැක්ටීරි සෛලයේ ගැළපෙන ප්‍රතිග්‍රාහක ස්ථානයට වයිරසය සම්බන්ධ වේ.
- විනිවිද යාම - බැකීටීරි භක්ෂකයා, බැක්ටීරී සෛලය තුළට DNA නික්ෂේප කරයි. එය බැක්ටීරි සෛල බිත්ති බිඳ දමන එන්සයිමයකින් පහසු කරවයි.
- ජෛව සංස්ලේෂණය - ධාරක සෛල ප්ලාස්මය තුළ වයිරස DNA හා ප්‍රෝටීන් ජෛවීයව සංස්ලේෂණය කරයි. මෙහිදී ධාරක සෛල වල DNA බිඳ වැටිම උත්තේජනය වේ.
- පරිණතිය හා සමූහනය - භක්ෂක DNA හා ප්‍රෝටීන සංස්ලේෂණය වූ පසු සම්පූර්ණ වයිරස සෑදීමට DNA හා ප්‍රෝටීන් කැප්සිඩ සමූහනය වේ.
- නිදහස් වීම - බැක්ටීරියා සෛල බිත්ති කැඩී විවෘත වීම බැක්ටීරි භක්ෂක මඟින් ප්‍රේරණය කරයි. අලුතින් නිපදවුණු බැක්ටීරි භක්ෂක ධාරක සෛලයෙන් නිදහස් වේ.