01. පහත සඳහන් පද අර්ථ දක්වන්න,
(a) දෛශික රාශි
(b) අදීශ රාශි
(c) ස්කන්ධය
(d) ගම්‍යතාව
02. නිව්ටන්ගේ පලමු නියමය අර්ථ දක්වන්න.
03. නිව්ටන්ගේ දෙවන නියමය අර්ථ දක්වා ඒ ඇසුරින් ලබාගත හැකි සමීකරණය ලබා ගන්න.
04. නිව්ටන්ගේ තෙවන නියමය ලියා අර්ථ දක්වන්න.
05. පහත රූපසටහන් පිටපත් කරගෙන ඒ මත ඇතිවන බල ලකුණු කරන්න.
06. පහත රූපයේ පෙනෙන පරිදි 2 kg හා 3 kg ස්කන්ධයෙන් යුත් වූ ලී කුට්ටි දෙකක් එකිනෙක ස්පර්ශ වී පවතී. 2 kg වස්තුව මත යොදන තිරස් F බලය හේතුවෙන් එම කුට්ටි දෙක 2 ms-2 ක ත්වරණයෙන් ඉදිරියට ගමන් කරයි. ( ස්කන්ධයන් අතර හා පොළොව අතර ඝර්ෂණය ශූන්‍ය බව උපක්පනය කරන්න.)
(i) F බලයේ විශාලත්වය ගණනය කරන්න.
(ii) 2 kg හා 3 kg ලී කුට්ටි මත ක්‍රියාත්මක වන බල වෙන වෙනම ඇඳි රූප සටහන් මත ලකුණු කරන්න.
(iii) එම කුට්ටි දෙක අතර තෙරපුම් බලය ගණනය කරන්න.
07. ස්කන්ධය 1000 kg වන ට්‍රැක්ටරයක් , ස්කන්ධය 2000 kg වන ටේලරයක් ඇදගෙන යයි. පාර මගින් රෝද මත ඇතිවන ඝර්ෂණ බලය කිලෝග්‍රෑමයට 1 N බැගින් වන අතර ට්‍රැක්ටරයේ එන්ජිමෙන් යෙදවෙන බලය 6000 N වේ.
(i) ට්‍රැක්ටරයේ සහ ටේලරයේ ත්වරණය සොයන්න.
(ii) ට්රැක්ටරය මඟින් ටේලරය අදිනු ලබන බලය සොයන්න.
08. පහත රූපයේ දැක්වෙන පරිදි මිනිසෙකු විසින් ස්කන්ධය 50 kg වූ ට්‍රොලියක් ඇදගෙන යයි. මිනිසා විසින් ඒ සඳහා 125 N ක බලයක් යොදයි. ට්‍රොලිය ඉදිරියට යන ත්වරණය හා අභිලම්බ ප්‍රතික්‍රියාව (R) ගණනය කරන්න. (ඝර්ෂණ බල ශූන්‍ය බව උපකල්පනය කරන්න)
පිළිතුරු
01. (a) විශාලත්වයක් මෙන්ම දිශාවක් ද සහිත රාශීන් දෛශික රාශීන් ලෙස හඳුන්වයි. උදා - ප්‍රවේගය, බර
(b) විශාලත්වයක් තිබුණ ද දිශාවක් රහිත රාශීන්, අදීශ රාශීන් ලෙස හඳුන්වයි. උදා - ස්කන්ධය, වේගය
(c) යම් වස්තුවක ඇති පදාර්ථ ප්‍රමාණය ස්කන්ධය ලෙස හඳුන්වයි.
(d) යම් වස්තුවක ස්කන්ධයේත්, ප්‍රවේගයේත් ගුණිතය ගම්‍යතාව ලෙස හඳුන්වයි.
02. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියා නොකරයි නම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වීම සිදු වේ.
03. යම් වස්තුවක් මත යොදන බාහිර අසමතුලිත බලයේ විශාලත්වය එහි ගම්‍යතා වෙනස් වීමේ සීඝ්රතාවට අනුලෝමව සමානුපාතික වේ.
04. වස්තූන් දෙකක් එකිනෙක අන්තර් ක්‍රියා කිරීමේ දී එකිනෙක් සම්බන්ධයෙන් ක්‍රියාව හා ප්‍රතික්‍රියාව යන දෙකම විශාලත්වයෙන් එක සමානව ද, දිශාවෙන් ප්රතිවිරුද්ධව ද වන බවයි.
05.
06. (i) පද්ධතියට ,
F = ma
F = 5 x 2
F = 10 N
07.
ට්‍රැක්ටරයේ හා ටේලරයේ ත්වරණය,
(පද්ධතියට F = ma,)
F = ma
(6000 N - 3000 N) = 3000 x a
3000 N = 3000 x a
a = 1 ms-2
ට්රැක්ටරය මඟින් ටේලරය අදිනු ලබන බලය,
(ටේලරයට F = ma,)
F = ma
( T - 1000 N) = 1000 x 1
T = 1000 N + 1000 N
T = 2000 N
08. අභිලම්භ ප්‍රතික්‍රියාව ,
R + 125 sin 30O = mg
R + 125 x (1/2) = 500 N
R = 500 N - 62.5 N
R = 437.5 N
ට්‍රොලිය ඉදිරියට යන ත්වරණය,
F = ma
125 cos 30O = 50 x a
125 x (√3/2) = 50 x a
a = 125 x √3/100
a = 2.16 ms-2