13-වසර දේශපාලන විද්‍යාව

රටක සංවර්ධනය කෙරෙහි බලපෑම් එල්ල කරන දේශපාලන අස්ථාවරතත්වය

 

රටක් යනු නිශ්චිත භූමි සීමා, ගුවන් සීමා, දේශ සීමා යන සීමාවන්ගෙන් යුක්ත නියමිත හෙවත් ප්‍රමාණවත් ජනගහනයක් සිටින භූමිය යි. රට හෙවත් රාජ්‍ය ඉහත දැක් වූ අයුරින් නිර්වචනය කළ හැකි ය. රටක් ප්‍රධාන වශයෙන් දෙ ආකාරයකින් සංවර්ධනය වේ. එනම් මානව සංවර්ධනය හා භෞතික සංවර්ධනය වේ. එහි දී මානව සංවර්ධනය වූ කලි මානවය තුළ සිදුවන්න වූ සංවර්ධනය යි. එය ද අපට තවත් කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකි ය. එනම් අධ්‍යාපන වශයෙන් ගත් කළ අවුරුදු 18 අඩු සියලු දෙනා “ළමයින්” වශයෙන් හදුන්වනු ලබයි. එහෙයින් ඔවුනට අධ්‍යාපනය ලැබීමට පුර්ණ අයිතියක් ඇත. C. W. W. කන්නන්ගර මහතා අප “නිදහස් අධ්‍යාපනයේ පියා” යන විරුදාවලියෙන් හදුන්වන්නේ එතුමන් විසින් නිදහස් අධ්‍යාපන ක්‍රමය පාසලට රැගෙන ආ බැවිනි. එසේ නොමැති වූයේ නම් අදටත් ධනවත් දෙමාපියන්ගේ දරුවන්ට පමණක් අධ්‍යාපනයේ ඵල නෙලා ගැනීමට අවස්ථාව උදා වී ඇත.

සමාජයීය වශයෙන් සංවර්ධනය පිළිබද සාකච්ඡා කිරීමේ දී සමාජයේ මූලික ඒකකය පවුල වේ. කෙමෙන් කෙමෙන් වර්ධනයත් සමග සමාජයේ පවතින සමිති සමාගම් හා එක්ව කටයුතු කිරීම ආදිය සමාජයීය වශයෙන් වන්න වූ සංවර්ධන වේ. ආධ්‍යාත්මික සංවර්ධනය වූ කලී ආගම හා සම්බන්ධ වන එමෙන් ම පූජක උතුමන්ලා අප වදිනු පුදනු ලබන ස්ථානයන් තුලින් තව ද භාවනා ක්‍රම ආදිය, විවිධ දේශනා, විවිධ ක්‍රියාකාරකම් ආදියෙන් අප මනසෙහි ඇති කර ගන්නා වූ ඒකාග්‍රතාව මේ නමින් හැදින්විය හැක. අනෙක් සංවර්ධනය වනුයේ භෞතික සංවර්ධනය වේ. එහි දී මංමාවත් ඉදිවීම, පාසල් විවිධ ගොඩනැගිලි ඉදිවීම, ගුවන්තොටුපල ඉදිවීම, උමං මාර්ග, විදුලිබලාගාර, වරාය ආදී වූ රටේ භෞතික සම්පත් තුළින් රටට ඇතිවන්නා වූ ප්‍රතිලාභ භෞතික සංවර්ධනය වශයෙන් හදුන්වනු ලැබේ. රටක විදේශ විනිමය අද වන විට ඉතා වැදගත් කොට සලකයි. ඒ මන්ද යත්: දිනෙන් දින ඉහළ යන ජනග‍හනය සමග ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා දීම රාජ්‍ය නායකයාගේ සහ පවතින ආණ්ඩුවෙහි වගකීම වේ.

ජනතා ඡන්දයෙන් තේරී පත් වී පාර්ලිමේන්තුව වෙත යන ඔවුන්ගේ වගකීම වනුයේ ජනතා හඩට කන්දීම තමා දේශපාලන මගට යොමු වූ තම ප්‍රදේශයෙහි පවත්නා වූ පොදු අඩුපාඩුකම් සොයා බලා කටයුතු කිරීම ඔවුන්ගේ වගකීම සහ යුතුකම වේ. මැතිවරණ කාලයේ දී පමණක් ගමට විත් බොරු පොරොන්දු දී තම වැඩ පිළිවෙලවල්, ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ආදිය ඉදිරිපත් කර මිනිසුන්ගේ සිත් දිනා ගනිමින් වැඩි ඡන්දයෙන් පළාත් සභාවට, පාර්ලිමේන්තුවට තේරීපත් වුව ද තම පාලන කටයුතු නිසි අයුරින් ඉටු කරන්නේ නැත. එයින් රටක් සංවර්ධනය කෙරෙහි දැඩි බලපෑම් එල්ල වන ප්‍රධාන සංධිස්ථානයක් වනුයේ දේශපාලන අස්ථාවරතත්වයයි. D.S සේනානායක මහතා,  C.W.W කන්නන්ගර මහතා, බණ්ඩාරනායක මහතා යනු ලංකා දේශපාලනයේ වැදගත් පුද්ගලයෝ ය. ඔවුහු රට තුළ හොද දේශපාලන ක්‍රමයක් ගෙන යන්නට වුහ. එමගින් රට තුළ කිසියම් නැගී ඒමක් නිරූපණය වන්නට ද විය. පුවත්පත්, ප්‍රවෘත්ති ආදිය මගින් අපට අසන්නට දකින්නට ඇත්තේ පක්ෂයේ ම නැතහොත් පක්ෂ අතර සිදුවන්නා බහිම්බස් වීම, කියන සින්දු ආදිය වේ. අද වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුමක් ද යන්න වත් නොදන්නා නළු නිළි පිරිසක් රාජ්‍ය පාලන කටයුතු සදහා එක් වී ඇත. එය ප්‍රධාන වශයෙන් ලංකා දේශපාලනයේ අස්ථාවරත්වයට හේතුවෙයි. මේ ආකාරයෙන් කරුණු සලකා බැලීමේ දී පෙනෙන කරුණක් වනුයේ සංවර්ධනය වනු ලබන රටක අනාගත සංවර්ධනය  සදහා එම රට තුළ පවතිනු ලබන දේශපාලන අස්ථාවරත්වය ගැඹුරින් ඒ කෙරෙහි බලපානු ලබන බවයි.                                             

 

 

 

 

      


ලිපිය නිර්මාණය කලේ,
K
kelum priyadarshana


TOP MEMBER

අදාල තවත් ලිපි,



kelum priyadarshana

13-වසර දේශපාලන විද්‍යාව

අනෙකුත් ලිපි