කොන්ස්ටාන්ටින් ස්ටැනිස්ලාවුස්කි - 13-වසර නාට්‍ය හා රංග කලාව

කොන්ස්ටාන්ටින් ස්ටැනිස්ලාවුස්කි

කොන්ස්ටාන්ටින් ස්ටැනිස්ලාවුස්

"කොන්ස්ටාන්ටින් ස්ටැනිස්ලාවුස්කි - රංග කලාව වෙනස් කළ මිනිසා"  

රුසියානු ජාතික නළුවකු,අධ්‍යක්ෂකවරයෙකු හා රංග ප්‍රයෝක්තෘවරයෙකු වන කොන්ස්ටාන්ටින් ස්ටැනිස්ලාවුස්කි ලෝක රංග කලාවෙි ප්‍රගමනයට විප්ලවීය පරිවර්තනයක් දායාද කළ මහා යුග පුරුෂයෙකි.1863 ජනවාරි 05 දින රුසියාවේ මොස්කව් නුවරදී උපන් කොන්ස්ටාන්ටින් සර්ගෙයේවිචි ඇලෙස්සියෙව් පසුව ස්ටැනිස්ලාවුස්කි  යන ආරූඪ නාමය ඈදා ගනිමින් කොන්ස්ටාන්ටින් ස්ටැනිස්ලාවුස්කි  නමින් ප්‍රකට විය.

ඔහුගේ පියා  වු සර්ගෙයි විලැඩිමිරෝවිචි ඇලෙස්සියෙව්  ධනවත් කර්මාන්තකරුවෙක් හා ව්‍යාපාරිකයෙක් විය.මව එලිසවීටා වැසිලියෙවිනා ඇලෙස්සියේවා ප්‍රකට ප්‍රංශ නිළියක වු  මාරි වැලරි ගේ දියණියකි.ඇය පියානෝ වාදනයේ කෘතහස්ත ශිල්පිනියක වුවාය.

ඇලෙක්⁣සියේවිචි පවුල රුසියන් සමාජය තුළ ධනවත් පවුලක් වුවද ඔවුන්ගේ පවුල්වල මුතුන්මිත්තන් යරොස්ලාවි පලාතේ ගොවියෝ වුහ.එපමණක් නොව ලාවුස්කිගේ මුත්තා 18 වන සියවසේ මුල් භාගයේ දී වහල් මෙහෙයෙන් නිදහස ලැබු දාසියෙක් විය.මෙි නයින් බලන කල ස්ටැනිස්ලාවුස්කිගේ පවුල තුල අතීත අනාගත මතකයන් රාශීයක් රැදී තිබිනි.එය ඔහුගේ අනාගත රංග කලා අභිවෘර්ධියට මහගු රුකුලක් වන්නට ඇත.

ස්ටැනිස්ලාවුස්කිගේ  බාල කාලය ගෙවුණේ ද මොස්කව් හි මහා ඇලෙස්සියෙව්ස්කයා වීදියේ පිහිටි විශාල මන්දිරයක් සහිත පියා සතු වත්තේය. විවෙිකය හා විනෝදය සදහා එහි ආ ගිය විවිධාකාර චරිත ඔහුගේ පුද්ගල නිරීක්ෂණය හා ජීවිත පර්යාලොකනය පුළුල් කිරීමට හේතුවිය.විශේෂයෙන් ම මෙ⁣ම වත්තේ කුඩා ගොඩනැගිල්ලක රඟහලක් පිහිටා තිබී ද පවුලේ සාද සංග්‍රහ හා විනෝදාංශවල එක් අංගයක් ලෙස පවුලේ නාට්‍ය නිෂ්පාදනය කොට එම රඟහලේදී වෙිදිකාගත කිරීම නිසාද කුඩා ස්ටැනිස්ලාවුස්කි ගේ සිත රඟපෑම කෙරෙහි  ඇදී ගියේය.

1877 සැප්තැම්බර් 05 වැනිදා මෙම රඟහලේදී පවුලේ සාහාජිකයින් ඉදිරියේ "තේ කෝප්පය" නමින් විකට ගණයේ නාට්‍යයක් වෙිදිකා ගත විය. එ කල දහ හතර වියේ පසු වු කුඩා ස්ටැනිස්ලාවුස්කි මෙම නාට්‍යයේ චරිතයක් නිරූපණය කල අතර මෙය ඔහුගේ  කලඑළි රංගනය ලෙස සැලකිය හැකි මෙම භූමිකාව ඔහු කොයිතරම් හොදට නිරූපණය කලදයත් පවුලේ කිසිවෙකුට එම චරිතය රඟපෑවෙි ස්ටැනිස්ලාවුස්කි බව හදුනාගැනීමට පවා නොහැකි විය . මෙයින් නොනැවතුණ ස්ටැනිස්ලාවුස්කි  පලමු නාට්‍යයේ ධෛර්යය සමගින් "මහලු ගණිතඥයා" නමින් තවත් නාට්‍යයක් නිෂ්පාදනය කලහ.

එකල රුසියාවෙි සමිභාවනීයත්වයට පත් ව තිබු "මාලි" රඟහලේ වෙිදිකා ගත කළ නාට්‍ය  නිෂ්පාදන නැරඹීම ඇලෙස්සියෙව්චි  සමිප්‍රදායක් විය . මෙ නිසා 1870 ගණන්වල සිටම ඔහු නාට්‍ය රසිකයෙක් විය.

එකල රුසියාවෙි පැවති" සාහිත්‍යය කලා අනුග්‍රාහක සංගමය" ස්ටැනිස්ලාවුස්කි විසි පස් වියට එළඹ සිටියදී ඔහුගේ කුසලතාවන් හදුනාගන ඔහුට එහි අධ්‍යක්ෂක ධූරය පිරිනැමීය. තරුණ වියේදී ම මෙම ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් වු ඔහු ආධුනික නළු නළි  කණ්ඩායමක් පුහුණු කරමින් ප්‍රසිද්ධ වෙිදිකාවට නාට්‍ය නිෂ්පාදනය කිරීම  ඇරඹීය.

ස්ටැනිස්ලාවුස්කි "මාලි" රඟහල ප්‍රමුඛ රුසියානු රංග ශාලාවලලට අයත් ප්‍රකට,ජනප්‍රිය වෘත්තීය නළු නිළියන් අනුගමනය කල සමිප්‍රදායික රූපණ ක්‍රමය ගැන කලකිරී සිටියේය. නළුකමෙි ප්‍රමිතිය ලෙස එකල පැවතියේ නිසැකයෙන්ම දක්ෂකමි ඇති අතිශය ජනප්‍රිය නළුවකු හෝ නළියක ගේ රූපණ විලාසය අන්‍යයන් කොපි කිරීමය.මෙි කාල සීමාව යනු නාට්‍ය කලාව හුදෙක්ම නළුවාගේ කලාවක් ලෙස සැලකින එනමි  චරිතයක බාහිර ලක්ෂණ හා රළු ස්භාවිකත්වය ඉස්මතු කරමින් අත්පා විසිකරමින් වෙිදිකාවෙි දුව පැන රඟපෑමක් කල පමණින් එය උසස් රඟ පෑමක් ලෙස පළිගැනිණ.