උසස් පෙළට නියමිත දේශගුණ වර්ගීකරණ පාඩම හා අදාළ වේ.
වියලි දේශගුණය - B
1.පහල අක්ෂාංශ කාන්තාර වර්ගය ( පහල අක්ෂාංශ ශුෂ්ක ) – Bwh
මෙම කාන්තාර උෂ්ණ කාන්තාර හා නිවර්තන කාන්තාර වශයෙන් ද හදුන්වයි.
ව්‍යාප්තිය - සෑම මහද්විපයකම ව්‍යාප්ත වී ඇත.සහරා කාන්තාරය, කලහාරි කාන්තාරය, අරාබි කාන්තාරය, තාර් කාන්තාරය, ඇටකාමා කාන්තාරය, බටහිර ඕස්ට්‍රේලියා කාන්තාරය, උතුරු ඇමෙරිකාවේ ඇරිසෝනා කාන්තාරය වැනි ප්‍රදේශ වල ව්‍යාප්ත වී ඇත.
දේශගුණික ලක්ෂණ - සුර්ය රශ්මිය බහුලව ලැබේ.කාන්තාර වල වාර්ෂික උෂ්ණත්ව අන්තරය ඉහල මට්ටමක පවතී.මෙම දේශගුණය ව්‍යාප්ත වී ඇති කාන්තාර වල සුළං වේගයෙන් හමා යයි.සුළග ඉතා වියලි වන අතර එම නිසාම වැලි කුණාටු හා දුවිලි කුණාටු ද ඇති වේ.දිවා කාලයේදී කාන්තාරයේ සංවහන ලක්ෂණ ඇති වේ.කාන්තාරවල වාර්ෂික වර්ෂාපතනය ඉතා අඩු වේ.වාශ්පිභවනය ඉතාමත් අධික වේ.සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 250 ට අඩු වේ. ඇතැම් විට ලැබෙන වර්ෂාපතනය නිසා ප්ලායා විල් පවා නිර්මාණය වේ.
ස්වාභවික වෘක්ෂලතා හා සතුන් - ජල හිගයක් පවතින නිසා ප්‍රමාණවත් තරම් ශාක වර්ධනයක් සිදු නොවේ.තැනින් තැන මිටි තෘණ පදුරු දක්නට ලැබේ.වඩාත් සුලභව ඇත්තේ ශුෂ්කකාමි ගස් හා කටු පදුරු වේ.ශාක වල කදන් කටු සහිත වේ.ඇතැම් පැළෑටි වලින් දුර්ගන්ධයක් ද නිකුත් වේ.පතොක් ගස බහුලව දක්නට ලැබේ.තාල වර්ගයේ ශාකයක් ලෙස රට ඉදි ගස දක්නට හැකිය.ශාකයක මල් හට ගන්නේ නම් එයද ශාකයේ ඉහලම කෙළවරේය.සතුන් අතුරින් ඔටුවා ප්‍රධාන වේ.එමෙන්ම මිනිසුන් විසින් ඇති කරන එළුවෝ සහ බැටළුවන් ද වෙති.
මානව කටයුතු - කාන්තාර ප්‍රදේශ වල ජන සංඛ්‍යාව අඩු වේ.ඇතැම් ප්‍රදේශ වල සංචාරක සත්ව පාලනය සිදු කර ගෙන යනු ලබයි.රට ඉදි, ඔලිව්, පැගිරි, දුම්කොළ වැනි වගාවන් පවත්වාගෙන යනු ලබයි.සමහර දියුණු ප්‍රදේශ වල ජල සම්පාදනයෙන් තෘණ වගා කොට සතුන් පෝෂණය කිරීම සිදු කෙරේ.
2.පහල අක්ෂාංශ ස්ටෙප් වර්ගය ( පහල අක්ෂාංශ තෘණ ) – Bsh
ව්‍යාප්තිය - උතුරු හෝ දකුණු අක්ෂාංශ අංශක 15-30 දක්වා පැතිරේ.තාර් කාන්තාරය වටා ඇති ප්‍රදේශය, සිහෙල් කලාපය, අප්‍රිකාවේ සහරා කාන්තාරයට උතුරු ප්‍රදේශය යනාදියේ මෙම දේශගුණික කලාපය විහිදී ඇත.
දේශගුණික ලක්ෂණ - සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙ.ග්‍රේ. අංශක 20-30 ත් අතර පිහිටයි.වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 250-500 ත් අතර වේ.මෙම දේශගුණික කලාපය උප නිවර්තන වැඩි පීඩන කලාප සිමාවේ පිහිටා ඇත.
ස්වාභවික වෘක්ෂලතා හා සතුන් - තෘණ තලා වැඩිපුර දක්නට ලැබේ.ඒවා ද බොහෝවිට වියලි කාලයේ දී මැරී යයි.කටු පදුරු හා ශුෂ්කකාමි ශාක තැනින් තැන දක්නට ලැබේ.ලෝකයේ ඉතාම අප්‍රිය ජනක ප්‍රදේශ වන්නේ මෙම කාන්තාර වේ.
මානව කටයුතු - ජනාවාස අඩුය.ලෝකයේ ජන ශුන්‍ය ප්‍රදේශ ගණයට මේවා අයත් වේ.කෘෂිකර්මය සාර්ථක නොවේ.ඉදහිට සතුන් ඇති කිරීමක් දක්නට ලැබේ.
3.මධ්‍ය අක්ෂාංශ කාන්තාර වර්ගය ( මධ්‍ය අක්ෂාංශ ශුෂ්ක ) – Bwk
ව්‍යාප්තිය - මධ්‍ය අක්ෂාංශ වල පිහිටි වියලි දේශගුණික වර්ගයකි.ගෝබි කාන්තාරයට උතුරින් හා නැගෙනහිරින්, මොන්ගෝලියාවේ, රොකී කදුවැටියට නැගෙනහිරෙන් පිහිටි උස් තැනිතලාව, කළු මුහුදට හා කැස්පියන් මුහුදට උතුරෙන් රුසියාවේ ස්ටෙප්ස් ප්‍රදේශ යනාදියේ මෙම දේශගුණික කලාපය ව්‍යාප්තව ඇත.
දේශගුණික ලක්ෂණ - උෂ්ණත්වයේ විචලනය අධිකය.වර්ෂාපතනය අඩු අතර වර්ෂාපතනය පිළිබද විශ්වාසයක් තැබිය නොහැකිය.දිගු නියං කාල ඇති වේ.
ස්වාභවික වෘක්ෂලතා හා සතුන් - වෘක්ෂලතා වැස්ම ඉතා දුර්වල වේ.මිටි තෘණ වර්ග හා ශුෂ්කකාමි පැළෑටි වර්ග වැඩේ.
මානව කටයුතු - පස සාරවත් වුවද වර්ෂාපතනය අඩු හෙයින් ප්‍රයෝජන සිමිත වේ.මිනිස් වාසයට සුදුසු වුවද ජන සංඛ්‍යාව අඩු වේ.එළුවන්, බැටළුවන්, ගවයන් ඇති කරනු ලබයි.ව්‍යාපාරික සත්ව පාලනය දියුණු වී ඇත.රයි, ඕට්ස් වැනි ධාන්‍ය වර්ග වගා කෙරේ.
උසස් පෙළ
ආර්ථික විද්‍යාව
(සිද්ධාන්ත/පුනරීක්ෂණ)
තනි හෝ කණ්ඩායම් පන්ති
076-6557372 (කොළඹ/ගම්පහ අවට පමණි)
(විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි)