ශ්‍රී ලාංකේය “ජන සංගීත” උන්නතියට දායක වූ සංගීතඥයෝ
ඩබ්ලිව්. බී. මකුලොලුව
- උපත - 1922 පෙබරවාරි මස 17 වැනිදා මහනුවර හාරිස්පත්තුව ඉඩමේගම
- සංගීත පුහුණුව - ශාන්ති නිකේතනයේ එස්රාජ් හා සිතාර් වාදනය (රවීන්ද්‍රනාත් තාගෝර් තුමා යටතේ)
- මෙතුමා ගේ සුවිශේෂී සේවා
- ගොයම් දා මඟුල, මාර පරාජය, හිර ගෙයින් මරුමුවට, මහාභිනිෂ්ක්‍රමණය යන ලංකාවේ ප්‍රථම සංධ්වනි 4 නිර්මාණය
- "හෙළ ගී මඟ" කෘතිය (1962) එළි දැක්වීම - මෙහි ජනගීත සිද්ධාන්ත හා ජන ගීත ස්වර ප්‍රස්ථාර ඇතුළත් කර තිබීම
- "අභිනව මූලික ගීත" නම් ග්‍රන්ථය එළිදැක්වීම - රාගධාරී සංගීතය ඉගෙනීමට හින්දුස්ථානි ගීත සඳහා සිංහල පද මාලා යොදා තිබීම
- මුද්‍ර නාට්‍ය නිර්මාණකණය - පහනින් පහන, තරණය
- සංගීතය සැපයීම - අරුණට පෙර
- මහනුවර පිලිමතලාව ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලයේ ප්‍රථම විදුහල්පති වීම
- ජන ගී සංරක්ෂණය
- විපත - 1984 සැප්තැම්බර් 8
සී ද එස්. කුලතිලක (වෝලන් සිරිල් ඩි සිල්වා කුලතිලක)
- උපත - 1926 දෙසැම්බර් 14
- සංගීත පුහුණුව - ශාන්ති නිකේතනය
- මෙතුමාගේ සුවිශේෂී සේවා
- මානව වංශ සංගීත විද්‍යාව යන විෂය හඳුන්වා දීම
- ජන ගී පර්යේෂණ කටයුතුවල නිරත වීම
- ග්රන්ථ හා ලිපි රැසක් රචනා කිරීම
- ජන සංගීත සිද්ධාන්ත
- විශ්ව සංගීත ක්ෂේත්‍ර
- ලංකාවේ සංගීත සම්භවය
- දහඅට වන්නම
- ආසියාතික හා පැසිෆික් කලාපීය සංගීත භාණ්ඩ
- මානව සංගීත විද්‍යාව
- චීන සංගීතය
- බෞද්ධ සජ්ඣායනයේ ස්වර මාපකය
- වන්නම හඳුනාගනිමු
- භාරතීය සංගීතයේ ශ්රැති පෙළහර
- විපත - 2005 මැයි 21
ශ්‍රී ලංකාවේ “සංගීත” උන්නතියට දායක වූ ශිල්පියෝ
ලයනල් රන්වල
- උපත - 1939 නොවැම්බර් 27
- මොහුගේ හැකියා
- මෙතුමා ගායකයෙකි
- ලංකාවේ ප්‍රථම ඔපෙරාව වූ ඩබ්ලිව්. බී. මකුලොලුව ශූරීන්ගේ "දෙපානෝ" ගීත නාට්‍යයේ රඟපා ඇත
- නිෂ්පාදනය කළ ළමා නාට්‍ය
- නොගිය ගමන
- එක ගෙඩියයි පල ගත්තේ
- නිෂ්පාදනය කළ ගීත
- සඳ සාවි මා
- ගම අවුලඤ්ඤං
- වන්නම් සව්දම්
- මේ අවුරුදු කාලේ
- පාන්කිරිත්තී
- අහසෙ ඉන්නවලු
- යුද්දෙටත් ඇවිත්
- මෙතුමාගේ ප්‍රථම ගීත එකතුව - අහසෙ ඉන්නවලු (රන්වල ශූරින්ගේ 60 වන ජන්ම දිනය නිමිත්තෙන් 1999 වර්ෂයේ දී)
- අවසානය රඟපෑ නාට්‍ය - රඟ මඬල සමුගනී
- පුත්‍රයෝ
- සහන් රන්වල - "රන්වල පදනම" නම් පියාගේ ජන ගී පදනම පවත්වාගෙන යයි
- චිරන්ත රන්වල - ස්වර්ණවාහිනීයේ නිවේදකයෙකි
- විපත - 2002 නොවැම්බර් 13 තලවතුගොඩදී හදිසි අනතුරකින්
රෝහණ බැද්දගේ
- උපත - 1935 නොවැම්බර් 01 වෙනි දින රයිගම කෝරලයේ උඩුව ගම්මානයේ
- මෙතුමාගේ සංගීත ගුරුවරුන් - ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන්, බී. වික්ටර් පෙරේරා
- මෙතුමා සහාය දැක්වූ අවස්ථා
- මකුලොලුව මහතාගේ “හෙළ මිහිර” ජන සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස
- මකුලොලුව ශූරීන්ගේ දෙපානෝ නාට්‍යයේ ශිල්පියකු ලෙස
- රෝහණ බැද්දගේ ශූරින් තනු නිර්මාණයෙන් දායක වූ නාට්‍ය
- දයානන්ද ගුණවර්ධනයන්ගේ ජසයා ලෙන්චිනා
- ගජමන් පුවත
- මධුර ජවනිකා
- ආනන්ද ජවනිකා
- 1985 වර්ෂයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉන්දියානු සාගර කලාපීය රටවල සංගීත සම්මේලනයට රෝහණ බැද්දගේ ශූරීන් සම්බන්ධ වී ඇත.
මූලාශ්‍රය : ජානක බණ්ඩාර ජයලත් - පෙරදිග සංගීතය (10,11 ශ්‍රේණි) ග්රන්ථ