උසස් පෙළ : ආර්ථික විද්‍යාව :
- සාර්ව ආර්ථික සමතුලිතය -
- සාර්ව ආර්ථික න්‍යාය යනු, ආර්ථික පද්ධතියක් සමස්තයක් වශයෙන් ගෙන එහි ව්‍යුහය සාධනය හා අධ්‍යයනය කිරීමයි.
- සාර්ව ආර්ථික අරමුණු,
- පූර්ණ සේවා නියුක්තිය
- ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම .
- ආර්ථික ස්ථායීතාව
- සාධාරණ ආදායම් ව්‍යාප්තිය
- තිරසාර සංවර්ධනය
- ආර්ථික කාර්යක්ෂමතාව
- ආර්ථික නිදහස
- ආර්ථික සුරක්ෂිතභාවය
- සාර්ව ආර්ථික ප්‍රතිපත්ති : සාර්ව ආර්ථික අරමුණු ඉටුකරගැනීමට රජය විසින් භාවිතා කරන විවිධ උපකරණ වේ.
- සාර්ව ආර්ථික ප්‍රතිපත්ති.
- ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති
1)මූල්‍ය ප්‍රතිපත්ති
2)ෆිස්කල් ප්‍රතිපත්ති
- සැපයුම් කළමනාකරණ ප්‍රතිපත්ති
1)සැපයුම් ප්‍රවර්ධන ප්‍රතිපත්ති
2)විදේශ වෙළඳ ප්‍රතිපත්ති
3)ආදායම් ප්‍රතිපත්ති
4)සෘජු පාලන ප්‍රතිපත්ති
- සැපයුම් කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී යොදා ගන්නා උපකරණ,
- ක්ෂුද්‍ර මූල්‍ය සැපයීම.
- නීති රීති ලිහිල් කිරීම.
- අධ්‍යාපනය හා පුහුණුව සඳහා ආයෝජන වැඩිකිරීම.
- පර්යේෂණ හා සංවර්ධනය සඳහා කෙරෙන ආයෝජන ධෛර්යමත් කිරීම.
- ශ්‍රම වෙළඳපොළ ප්‍රතිසංස්කරණ
- විදේශ වෙළඳ ප්‍රතිපත්ති : නිදහස් අන්තර්ජාතික වෙළඳාමට බලපෑම් කිරීම සඳහා ගන්නා ක්‍රියාමර්ග යි.
- විදේශ විනිමය අනුපාතිකයට ගැලපුම් කිරීම.
- අපනයන දිරිගැන්වීම
- ආනයන පාලනය කිරීමට ක්‍රියාකිරීම
- තීරු බදු පැනවීම හා ක්‍රියාත්මක කිරීම
- ආදායම් ප්‍රතිපත්ති : උද්ධමන වේගය පාලනය කිරීම සඳහා සෘජු ලෙස වැටුප් සහ මිල උපනතීන් කෙරෙහි බලපෑම් කිරීමටරජය ගනු ලබන ප්‍රයත්නයන් ය
- නිමැවුම් පරතරය : ආර්ථිකයේ සැබෑ නිමැවුම් මට්ටම ව්‍යාපාර චක්‍ර ඔස්සේ විභව නිමැවුම් මට්ටමට වඩා අඩු හෝ වැඩි වීමයි.
- නිමැවුම් පරතරය = විභව නිමැවුම -සත්‍ය නිමැවුම
- විභව නිමැවුමක් වීමට , සම්පත් පූර්ණ හා ප්‍රශස්ත අනුපාතිකයක් යටතේ යොදාගෙන තිබිය යුතුයි.
- නිමැවුම් පරතරයේ කොටස් දෙකකි.
1)උද්ධමනාත්මක පරතරය
2)අවධමනාත්මක පරතරය
සමස්ත ඉල්ලුම > විභව නිමැවුම
සමස්ත ඉල්ලුම < විභව නිමැවුම
Y=E විට (සමහාර ඉල්ලුම = සමාහාර සැපයුම )
W=J විට (විදීම් = කාන්දුවීම් )
- සමාහාර ඉල්ලුම : දෙන ලද කාල පරිච්ඡේදයක් තුළ ආර්ථිකයේ විවිධ ක්‍රියාකාරකයන් භාණ්ඩ හා සේවාවන් මිල දී ගැනීමට සැලසුම් කොට ඇති වියදම් ප්‍රවාහයයි
- සමාහාර සැපයුම : දෙන ලද අවස්තාවක ආර්ථිකයේ පවත්නා නිමැවුම් හෝ ආදායම් මට්ටම.
- සමහාර ඉල්ලුමේ සංරචක :
- පෞද්ගලික පරිභෝජනය C
- ආයෝජනය I
- රජයේ මිලදී ගැනීම් G
- ශුද්ධ අපනයන NX
Y=C+I+G+X
- පෞද්ගලික පරිභෝජනය C
- ඉතුරුම් S
- බදු T
- ආනයන M
සමීකරණය : Y= C + S + T+ M
- විදීම් (J) : ආදායම් චක්‍රීය ප්‍රවාහයට පිටතින් ඇතුළුවන මුල්‍ය ප්‍රවාහයන්.
- සංරචක :
ආයෝජන , රජයේ මිලදී ගැනීම් ,අපනයන
- කාන්දුවීම්(w) : ආදායම් චක්‍රීය ප්‍රවාහයෙන් පිටතට ගලා යන මූල්‍ය ප්‍රවාහයන්.
- සංරචක :
ඉතුරුම්, බදු , ආනයන.
- සමීකරණ ,
- J = I + G+ X
- W =S + T + M
- සමහාර ආදායම = සමහාර සැපයුම
- සමාහාර වියදම = සමහාර ඉල්ලුම
- සමස්ත ආදායම් - වියදම් ප්‍රවේශය
Y = E නිමැවුම සමතුලිත යි
Y > E නිමැවුම සංකෝචනය වේ
Y<E නිමැවුම ප්‍රසාරණය වේ.
- සමස්ත විදීම් කාන්දුවීම් ප්‍රවේශය
J=W සමතුලිතය
J > W නිමැවුම ප්‍රසාරණය වේ
J < W නිමැවුම සංකෝචනය වේ
(ප්‍රස්තාර සටහන් ඉදිරියේදී, බලාපොරොත්තු වන්න.)
.
තියරි කොටස් ටිකේ කෙටිසටහනක් තමයි මං මේ හැදුවේ.ඊට පස්සේ තියෙන්නේ MATHS PART එකක් නේ.ඒක නිසා ඊළඟ කොටසින් ඒ ටිකට වෙන ම කෙටිසටහනක් ලියන්නම්.
දෝෂ /අදහස්/යෝජනා ඇත්නම් දැනුම් දෙන්න.
nethuhasanz9@gmail.com
සැකසුම : නෙත්මි හසාරා.