උසස්පෙළ ආර්ථික විද්‍යාව

තෝමස් මුවර්ගේ යුතෝපියා ග්‍රන්ථය

                                                                         

 

දාහත්වන ශතවර්ෂයේදී දේශපාලන ආර්ථිකය ආරම්භයේ සිටම හා ඊට පෙර පවා සාහිත්‍ය ප්‍රබන්ධ කථා තුලින් ආර්ථික අදහස් විකාශනය කරනු දැකගත හැකි විය. ඒ අතරින් ක්‍රිස්තු වර්ෂ එක්දහස් පන්සිය දහසයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ සර් තෝමස් මුවර් විසින් රචිත යුතෝපියා ග්‍රන්ථය වැදගත් වේ.

මෙම ග්‍රන්ථය හරහා ආර්ථික චින්තන සාහිත්‍ය තුල යුතෝපියා නම් මනඃකල්පිත නොමැතිනම් මනෝරාජික රාජ්‍යයක් පිළිබඳ ව කරුණු දක්වා ඇත.

තෝමස් මුවර්ගේ ග්‍රන්ථය අනුව යුතෝපියාව යනු පරිපූර්ණත්වයට පත්වූ සෞභාග්‍යය සපිරි ලෝකයකි. මෙය තුල යුද්ධය, දරිද්‍රතාව, අසමානතාව, රෝග බිය, හිංසනය වැනි ගැටලු කිසිවක් නොමැත.

ග්‍රීක භාෂාවේ එන ou-topos යන වදන ou (not), topos (place) යන වදන භාවිතා කොට utopia යන වචනය සකස් වී ඇති අතර එහි අර්ථය no-place එනම් ස්ථානයක් නොමැත යන ලෙස අදහස් වේ.

නමුත් utopia වචනය ග්‍රීක භාෂාවේ eutopia යන වදනට සමාන බවත් එහි eu යනු හොඳ හෝ නිවැරදි අදහස බවත් දැක්වේ. ඒ අනුව යුතෝපියා යන්නේ නිවැරදි ම අර්ථය ලෙස නිවැරදි ස්ථානය ලෙස අපට අර්ථකථනය කළ හැකි ය.

 

                                                  utopia from Greek

                                    ,,u" ----------> not ---------> No - place land

                                                                                        or

                                    ,,to"pos" ----> place -------> Good place land

 

 

තෝමස් මුවර් විසින් රචිත මෙම කතාවේ එන රාජ්‍ය අත්ලන්තික් සාගරයේ පිහිටා තිබූ දූපතකි. නමුත් සැබෑ ලෝකයේ හෝ ලෝක සිතියමක් තුලවත් මෙවැන්නක් දැකගත නොහැකි නිසා එය ප්‍රබන්ධයක් බව බොහෝ දෙනා පිලිගන්නා ලදි. විශේෂයෙන් ම තෝමස් මුවර් සාහිත්‍ය රස තීව්‍ර කරනු වස් හා පාඨකය සිය ප්‍රබන්ධය වෙත ඇද බැද තබා ගැනීම උදෙසා රසවත් ව මෙම ග්‍රන්ථය රචනා කර ඇති බව විචාරක අදහසයි. භෞතික ලෝකය තුල වූ පරමාදර්ශී පරිපූර්ණ සමාජයක් සම්බන්ධයෙන් සාහිත්‍යාත්මකව කරුණු දක්වා ඇති මෙම ග්‍රන්ථය හරහා සහජීවනශීලී සමාජයක ක්‍රියාකාරීත්වය මනාව විස්තර කර ඇත. එහිදී යුතෝපියානු සමාජවාදය යන සංකල්පය උකහා දැක්වීමට තෝමස් මුවර් කටයුතු කර ඇත. ඒ පිලිබද අධ්‍යයනය කිරීමේදී සමාජවාදය පිලිබද පරමාදර්ශී තත්වය මෙම යුතෝපියානු සමාජවාදය බව නිසගයෙන් ම පසක් වී ඇත. එම නිසා සෞභාහ්‍යමත් පාරාදීසයක් විස්තර කිරීමට මෙම යුතෝපියා සංකල්පය භාවිතා කරන සෙයක් අපට දැකගත හැකිය.

 

තෝමස් මුවර් විසින් රචිත මෙම ග්‍රන්ථය කොටස් දෙකකින් යුක්ත වේ.

 1.dialouge of council

 2. explanation about Utopia

 

මෙහි පලමු කොටසින් තෝමස් මුවර් ඔහුගේ මිතුරෙකු වූ Peter Gilles හා Hieronymus Van Busleyden හුවමාරු කරගත් ලිපි පදනම් කරගන යුතෝපියාව නම් මනෝරාජික දූපත පිලිබද සිය අදහස ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම මෙහි දී දහසය වන සියවසේ යුරෝපා රාජ්‍ය පාලන තන්ත්‍රයේ දුර්වලතා නිසා සමාජය තුල සිටි ජනතාවට විදීමට සිදු වූ ප්‍රතිවිපාක පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත.

එසේම මෙම ග්‍රන්ථය රචනා කිරීමේදී තෝමස් මුවර් සමඟ නාවික ගමනේ යෙදුනු සමීපතයෙකු වූ Raphael Hythlodeasus පිලිබද ද සඳහන් වන අතර එම චරිතය වඩා වැදගත් වන්නේ ග්‍රන්ථය රචනා කිරීමේදී ඔහු හා කල සංවාද ඇසුරු කරමින්  ඊට  ඇතුලත්  කරනු ලැබීම නිසාය.

ග්‍රන්ථයේ දෙවන කොටසින් යුතෝපියාවේ භූ රූප, ජනගහනය, රට තුල පාලන තන්ත්‍රය ක්‍රියාත්මක වන අකාරය හා පාලකයන් තෝරා ගන්නා ආකාරයත් කෘෂිකර්මය හා අනෙකුත් කර්මාන්ත ඇතුලුව සියලු ආර්ථික ක්‍රියාකාරකම් පිලිබදව කරුණු රාශියක් දක්වා ඇත. යුතෝපියාවේ සමාජ ක්‍රමය පිලිබඳ අධ්‍යයනයේදී රටේ උගතුන් පූජකය ලෙස කටයුතු කරන බවත්, යුද සිරකරුවන් හා අපරාධකරුවන් වහලුන් ලෙසත් යොදාගන ඇත.

එසේම යුතෝපියාවේ සමාජ සුබසාධනය උදෙසා විවිධ පියවර ගෙන ඇති  අතර ආගම ඇදහීමේදී ඔවුන්ට ආවේණික වූ ක්‍රමවේද අනුගමනය කර ඇත.

මෑතකාලීන යුගයේ ආසියාවේ හා ලතින් ඇමරිකානු රටවල යුතෝපියානු සංකල්පය භාවිත කල බව එම රටවල ප්‍රාථමික හා ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් පැවතීමෙන් අපට හදුනා ගත හැකිය.

1.පාරිසරික යුතෝපියානු සමාජය 

2.ආර්ථික යුතෝපියාව

3.ආගමික යුතෝපියාව 

 පශ්චාත් හිඟ ආර්ථික විද්‍යාව හා කල්ගත වූ ධනවාදය පිලිබඳ මතවාදීමය තත්ත්වය නිසා  21 ශතවර්ෂයේ දී මෙම යුතෝපියානු සංකල්පය පිලිබඳ විද්වතුන් වැඩි  අවධානයක් යොමු කරන ලදි.


ලිපිය නිර්මාණය කලේ,
I
ISURU SENANAYAKE


MEMBER

අදාල තවත් ලිපි,



ISURU SENANAYAKE

උසස්පෙළ ආර්ථික විද්‍යාව

අනෙකුත් ලිපි