පොදු මිල මට්ටම සාමන්‍ය මිල මට්ටම ලෙසද හදුන්වයි. පොදු මිල මට්ටම යන්න අපහට සරලව මෙසෙ හැදින්විය හැක.
පොදු මිල මට්ටම යනු සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් නිරූපනය කරන දර්ශකයකි.
රටක සාර්ව ආර්ථික අරමුණක් ලෙස පොදු මිල මට්ටම ස්ථාවරව පවත්වාගෙන යාම හදුන්වා දිය හැක. එසෙ හැදින්වීමට හේතුව වන්නෙ, පොදු මිල මට්ටම හා මුදලෙ ක්‍රය ශක්තිය අතර පුතිලෝම සම්බන්ධයක් පැවතීමයි.
එනම්, පොදු මිල මට්ටම ඉහල යන විට ක්‍රයශක්තිය පහල යන අතර, පොදු මිල මට්ටම පහළ යනවිට ක්‍රයශක්තිය ඉහල යයි.
මෙහිදී එක් එක් භාණ්ඩවල මිල ගණන්වල හැසිරීම වෙන වෙනම සැලකිල්ලට නොගෙන සමස්ත මිල ගණන්වල හැසීරීම සැලකිල්ලට ගත යුතුය.
සමස්ත මිල ගණන්වල හැසිරීම අධ්‍යනය සදහා යොදාගන්න ක්‍රමවේදය වන්නෙ මිල දර්ශකයි.
2.ශ්‍රී ලංකාවෙ පොදු මිල මට්ටම මැනීමට භාවිතා කරන මිල දර්ශක
ශ්‍රී ලංකාවෙ පොදු මිල මට්ටම මැනීම සදහා භාවිතා කෙරෙන දර්ශක කීපයක් පැවතියද වර්තමානයෙ ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන දර්ශක පහත දැක්වෙ.
ඒවා නම්,
ලක්ෂණ
ii.තොග මිල දර්ශකය
කොලඹ පාරිභෝගික මිල දර්ශකයෙ පැවති දුර්වලතා නිසා විකල්ප මිල දර්ශකයක් ලෙස 1977දී මෙම මිල දර්ශකය හදුන්වා දෙන ලදී.
තොග මිල දර්ශකය පිලියෙල කිරීමට නිශ්පාදන වෙලදපලට ප්‍රවේශ වන පලමු අවස්ථාවෙදී පවත්නා මිල ගණන් සැලකිල්ලට ගත යුතුයි.
පාදක වර්ශය ලෙස 1974 යොදාගනිමින් ලැස්පියර් සූත්‍රය භාවිතා කොට තොග මිල දර්ශකය මාස්පතා ගණනය කරනු ලබයි.
iii.දළ දේශිය නිශ්පාදිතයෙ අවධමනකය හෙවත් ආරෝපිත මිල දර්ශකය
මෙය ගණනය කිරීමට ප්‍රවේශ 2ක් භාවිතා කරයි.
මෙම ක්‍රම දෙක අනුව ගණනය කිරීම නිසා වටිනාකම් දෙකක් ලැබෙන අතර ඒ වටිනාකම් 2 අතර වෙනසක්ද හටගනියි. එම වෙනසට හේතුව වන්නෙ, මිල ගණන් වල හටගෙන ඇති මිල ගණන් වල වෙනස බව සැලකිය යුතුයි.
මෙම ක්‍රමය අනෙකුත් ක්‍රම 2න් වෙනස් වන්නෙ, මෙම මිල දර්ශකය පාරිභෝගික මිල දර්ශකය මෙන් තෝරාගත් භාණ්ඩ වල මිල ගණන් මත පාදක නොවී දේශිය නිශ්පාදිතය තුල ඇතුලත් සියලුම අවසාන භාණ්ඩ හා සේවා වල මිල ගණන් නිරූපනය කිරීම නිසාය.