කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය භාවිතා කරනු ලැබේ. විවිධ ශාක කොටස් කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කළහැකි වුවත්, ශාක පත්‍ර කොම්පෝස්ට් නිෂ්පාදනයට වඩාත් යෝග්‍ය වේ. එයට හේතුව, කොළ වර්ග ඉතා ඉක්මනින් දිරාපත් වීමේ හැකියාවයි. කොළවල සැළකිය යුතු ප්‍රමාණයක් නයිට්‍රිජන් අන්තර්ගත වීම නිසා පහසුවෙන් දිරාපත් වීම සිදුවේ. ශාක පත්‍ර ළපටි හා කොළ පාට අවස්ථාවේදී පහසුවෙන් දිරාපත් කරගැනීමේ හැකියාවක් ඇත. එසේම සමහර සත්ව පොහොර පහසුවෙන් දිරාපත් වන අතර බ්‍රොයිලර් කුකුළු අපද්‍රව්‍ය එහි අන්තර්ගත දහයියා අතුරනුව නිසා දිරාපත් වීමට අපහසු වේ. කෙසේ නමුත් කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු කිරීමෙන් දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය පවා දිරාපත් කර ගැනීමේ හැකියාවක් ඇත.
මේ සඳහා පහත සඳහන් කොළ වර්ග වඩාත් සාර්ථකව භාවිතා කළ හැකිය. පහතරට වියලි කලාපයේ හා පහතරට අතරමැදි කලාපයේ ඇති කොළ පොහොර ලෙස භාවිතා කළ හැකි ශාක
ශාක විශේෂය |
ශාක කුලය |
දේශීය නම |
Aleurites moluccana |
Euphorbiaceac |
කැකුණ |
Alstonia macrophylla |
Apocynaceae |
හවරි නුග |
Barringtonia recemosa |
Lecythidaceae |
මිදෙල්ල |
Cebera manghas |
Apocynaceae |
මුදු කදුරු, ගොඩ කදුරු |
Croton lacciferus |
Euphorbiaceae (Leguminosae) |
කැප්පිටියා |
Curcuma zedoaria |
Zingiberaceae |
හරන්කහ |
Datura metel |
Solanaceae |
අත්තන |
Erythrina SP |
Fabaceae (Leguminosae) |
එරබදු |
Gliricidia sepium |
Fabaceae (Leguminosae) |
වැටහිර, සෙවන ගස් |
Jatropha curcas |
Euphobiaceae |
වැටඉදරු |
Manihot glaziovii |
Euphobiaceae |
ඉන්දියන් රබර් |
Manihot SP |
Euphobiaceae |
අලි මඤ්ඤොක්කා |
Melia dubia |
Meliaceae |
ලූනුමිදෙල්ල |
Michelia champaca |
Mangokiaceae |
සපු, ගිනිසපු |
Micolossa ceylanica |
Asteraceae (Composiae) |
පුපලා |
Mikania cordata |
Asteraceae (Composistae) |
වතුපාලු, ගහල වැල් |
Oroxylum indicum |
Bigoniaceae |
තොටිල්ල |
Pagiantha dichotoma |
Apocynaceae |
දිවි කදුරු |
Pavatta indica |
Rubiaceae |
පාවට්ටා |
Pongamia pinnata |
Fabaceae (Leguminosae) |
කරඳ, මඟුල් කරඳ |
Premna tomentosa |
Verbenaceae |
සේරු |
Samanea saman |
Mimmosaceae (Leguminosae) |
මාරා |
Tephrosia purpurea |
Favaceae (Leguminosae) |
පිල |
Thespesia populnea |
Malvaceae |
ගංසූරිය, සූරිය |
Tithonia diversifolia |
Asteraceae (Composiae) |
නත්තසූරිය, තිත්ත |
Wickstroemia canescens |
Thymelaeceae |
නමහදුනු, මහාපට් |
කොළ වර්ග භාවිතා කිරීමේ වැදගත්කම
බෝග අවශේෂ
පිදුරු භාවිතා කිරීමේ වැදගත්කම
ජලජ වල් පැළෑටි භාවිතා කිරීමේ වැදගත්කම
තණකොළ භාවිතා කිරීමේ වැදගත්කම
සත්ව පොහොර භාවිතයේ වාසි
ගොම භාවිතා කිරීමේ වැදගත්කම
කුකුල් පොහොර භාවිතා කිරීමේ වැදගත්කම
එළු පොහොර භාවිතා කිරීමේ වැදගත්කම
අකාබනික පොහොර
ශාකවලට අකාබනික පොහොර හෙවත් රසායනික පොහොර යෙදීමේ වාසි කිහිපයක් වේ. ඒවා නම් ඉක්මනින් ප්‍රතිඵල ලබාදීම, සුළු ප්‍රමාණයක් යෙදීම අවශ්‍ය වීම, ඌනතාවලට පිලියම් ලෙස යෙදිය හැකි වීම, ප්‍රවාහනය ගබඩා කිරීම පහසු වීම යනාදියයි. කෙසේ නමුත් රසායනික පොහොර සඳහා යම් මුදලක් වැය කිරීමට සිදුවන අතර වැඩිපුර යෙදූ විට ශාකයට මෙන්ම පරිසරයට ද හානියක් ඇතිවිය හැක. මේ නිසා රසායනික පොහොර ශාකයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් යෙදීම අත්‍යාවශ්‍යය.
ශ්‍රී ලංකාවේ බෝග නිෂ්පාදනය සම්බන්ධයෙන් පාංශු හා බෝග විශේෂඥයින් විසින් ඒ ඒ බෝග සඳහා පැලෑටි පෝෂක අවශ්‍යතා පරීක්ෂණ මඟින් ගනනය කර ඇත. ඒ අනුව ඒ ඒ බෝග සඳහා වෙන වෙන පොහොර නිර්දේශ හඳුන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ ගොවීන් තම බෝග සඳහා පොහොර යෙදීමට ප්‍රථම ඉඩමේ පස් නියදියක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂි උපදේශකයකු මඟින් ප්‍රාදේශීය පර්යේෂණාගාරයකට යවා පසේ අඩංගු පෝෂණ තත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාගත හැකි අතර වසර 02 ක් තුලදී ඒ ඒ ඉඩම්වල වගාකලයුතු බෝග වලට යෙදිය යුතු පැලෑටි පෝෂක ප්‍රමාණයද එම ආයතනය මඟින් ලබාගත හැක. එබැවින් සෑම බෝගයකටම පොහොර යෙදීමට පෙර පස් පරික්ෂාව කරගෙන පොහොර යොදන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇත.
අකාබනික හා කාබනික ශාක පෝෂණ ප්‍රභවයන් භාවිතා කරමින් පසෙහි සාරවත් බව තිරසාර ලෙස පවත්වා ගනිමින් බෝග නිෂ්පාදනය කරනු පිණිස සමාජයීය වශයෙන් පිළිගනු ලබන හා අාර්ථිකව ඵලදායී හා සලකා බලනු ලබන පාරිසරික තත්වනයට ගැලපෙන ශාක පෝෂණ ක්‍රමයක් ලෙස ඒකාබද්ධ ශාක පෝෂණ ක්‍රියාවලිය අර්ථ දැක්විය හැකිය. අකාබනික හා කාබනික ශාක පෝෂණ ප්‍රභවයන් භාවිතා කරමින් පසෙහි සාරවත් බව තිරසාර ලෙස පවත්වා ගනිමින් බෝග නිෂ්පාදනය කරනු පිණිස සමාජයීය වශයෙන් පිළිගනු ලබන හා අාර්ථිකව ඵලදායී හා සලකා බලනු ලබන පාරිසරික තත්වනයට ගැලපෙන ශාක පෝෂණ ක්‍රමයක් ලෙස ඒකාබද්ධ ශාක පෝෂණ ක්‍රියාවලිය අර්ථ දැක්විය හැකිය. අකාබනික හා කාබනික ශාක පෝෂණ ප්‍රභවයන් භාවිතා කරමින් පසෙහි සාරවත් බව තිරසාර ලෙස පවත්වා ගනිමින් බෝග නිෂ්පාදනය කරනු පිණිස සමාජයීය වශයෙන් පිළිගනු ලබන හා අාර්ථිකව ඵලදායී හා සලකා බලනු ලබන පාරිසරික තත්වනයට ගැලපෙන ශාක පෝෂණ ක්‍රමයක් ලෙස ඒකාබද්ධ ශාක පෝෂණ ක්‍රියාවලිය අර්ථ දැක්විය හැකිය.