158. පරිගණක වල භාවිතා කරනු ලබන කේත ක්‍රම,
- BCD – Binary Coded Decimal (4 bits)
- EBCDIC – Extended Binary Coded Decimal Interchange Code (8 bits)
- ASCII – American Standard Coded for Information Interchange (7 bits)
- Unicode (16 bits)
159. පරිගණක ජාල වල අවාසි
- ඇතැම් (තරු ආකාරයේ පරිගණක ජාල ) ජාල වල ප්‍රධාන පරිගණකයේ බිඳවැටීමෙන් මුළු ජාලයම අක්‍රීය වේ.
- ජාල පද්ධතියේ ඇතිවන දෝෂ නිසා දත්ත සහ තොරතුරු නැතිවීම.
- ඇතැම් විට අවශ්‍ය කරන සම්පත් කරා ලඟා වීමට කාලය ගතවීම.
- ජාලය පාලනය කිරීමට පුහුණු නිලධාරීන් අවශ්‍ය වීම.
160. විනෝදාස්වාදය සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතා වන අවස්ථා වන්නේ,
- ඒකාකාරී බව නැති කිරීමට සංගීතයට සවන් දීමට.
- අන්තර්ජාලයට සම්බන්ධ වී අතපසු වූ රූපවාහිනී වැඩසටහනක් හො කැමති චිත්‍රපටයක් බැලීම.
- සමාජ ජාලා වෙබ් අඩවි වලට සම්බන්ධ වී මිතුරු මිතුරියන් සමග අදහස් හුවමාරුවට. (facebook)
- අන්තර්ජාලයෙන් භාගත කල හැකි ක්‍රීඩා ආදිය තනිව හො කණ්ඩායම් ලෙස කිරීම.
- අන්තර්ජාලයට සම්බන්ධ වී විද්‍යුත් පොත් කියවීම.
- සිත් ගන්නා ලද ස්ථාන ජායාරූප ගත කර ඒවා අන්තර්ජාලයේ අනෙක් පුද්ගලයින් හට ද දැකීමට සැලස්වීම.
- අධ්‍යාපනයට සම්බන්ධ බ්ලෝග් පිටු සැකසීම.
161. මොළයේ ක්‍රියාකාරිත්වය සටහන් කිරීම සඳහා ........... උපකරණය යොදා ගනු ලබයි. හිස් කබලට අලවනු ලබන , ප්‍රමාණයෙන් කුඩා, විද්‍යුත් අග්‍ර මගින් මොළයෙන් නිකුත් කරනු ලබන විද්‍යුත් ස්පන්ද ග්‍රහණය කර මොළයේ ක්‍රියාකාරීත්වය රූපවාහිනී තිරයක සටහන් කරනු ලැබේ. රෝගියා අවදියෙන් මෙන්ම නිදා සිටින විට දී ද මෙම යන්ත්‍රයෙන් සටහන් ලබා ගනියි. ඉහත හිස්තැන සම්පූර්ණ කිරීමට යොදා ගත හැකි ස්කෑනර යන්ත්‍රය වන්නේ,
- EEG – Electro Encephalography
162. වාරක මතකයේ ප්‍රධාන ආකාර මොනවාද?
- ප්‍රාථමික වාරක මතකය (L1 Cache memory),
- ද්විතීයක වාරක මතකය (L2 Cache memory),
- තෘතීයක වාරක මතකය (L3 Cache memory)
163. පරිගණක තිර බෙදා දැක්විය හැකි ආකාර මොනවාද?
- කැතෝඩ කිරණ නල (CRT – Cathode Ray Tubes)
- ද්‍රව ස්ඵටික සංදර්ශක නල (LCD – Liquid Crystal Display)
164. තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ අනිසි ප්‍රතිඵල වන්නේ,
- පාසල් ළමුන් අන්තර්ජාලයේ ක්‍රීඩා වලට ඇබ්බැහි වීම නිසා ඔවුනගේ පාසල් වැඩ කටයුතු අතපසු වීම.
- ඇස් වල ආබාධ, කොන්දේ ආබාධ සහ හිසේ කැක්කුම වැනි රෝග ඇතිවීම.
- සමාජ ජාලා තුළින් වයසට නොගැලපෙන මිතුරු මිතුරියන් ගේ ඇසුර.
- පරිගණක වෛරස නිසා පරිගණකයේ ඇති වැදගත් ගොනු මැකී යාම සහ අස්ථානගත වීම.
- අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීම නිසා ළමුන්ගේ මනස විකෘති තත්ත්වයට පත් වීම.
- පෞද්ගලිකත්වයට හානි වන ලෙස රූප, ජායාරූප ආදිය විකෘති කර නිපදවීම සහ බෙදා හැරීම.
165. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් (LMS – Learning Management System) මගින් පාසලේ කළමනකරණ මණ්ඩලයට ඇති වාසි මොනවා ද?
- කළමනාකරනය තුළින් ගුණාත්මක ඉගෙනුමක් ඇති කිරීම,
- ක්‍රියාකාරකම් අධීක්ෂණය සහ ප්‍රතිඵල සටහන් කිරීමට,
- ශිෂ්‍ය / ගුරු සහ පාසල් කළමණාකරනයට අදාල තොරතුරු යාවත්කාලීන කිරීමට හැකි වීම,
- කාල පරිච්ජේද වෙන් කිරීමට,
- ස්වයංක්‍රීය සීනු පද්ධතියක් ක්‍රියාවට නැංවීම,
- විද්‍යුත් තැපෑල හෝ කෙටි පණිවිඩ සේවාව මගින් සිසු දක්ෂතා සහ ප්‍රතිඵල දෙමාපියන් හට දැන්වීමට හැකි වීම.
166. දුරස්ථ අධ්‍යාපනයේ (Distance education) ගති ලක්ෂණ මොනවාද?
- කාලසටහන් නැති අතර කැමති වේලාවක කැමති ස්ථානයක සිට ඉගෙන ගැනීමේ හැකියාව ලැබීම,
- විද්‍යුත් පොත් භාවිතයට හැකි වීම,
- මාර්ගගත ප්‍රශ්න සහ තරඟාවලි,
- මාර්ගගතව ගුරුවරයෙකු හා සම්බන්ධ වීමේ හැකියාව,
- ගුරුවරුන් මගින් උපදෙස් ලබා ගැනීමේ හැකියාව ලැබීම.
167. ඉගෙනුම් ක්ෂේත්‍රයේ දී තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ යෙදීම් මොනවා ද?
- පරිගණක ආධාරක ඉගෙනුම (CAL – Computer Assisted Learning )
- පරිගණක ආධාරක ඉගැන්වීම (CBT – Computer Based Teaching )
- වෙබ් ආධාරක ඉගැන්වීම (WBT – Web Based Teaching )
තවත් කොටසක් බලාපොරොත්තු වන්න.