252. 2014, T-20 ලෝක කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් හට මෙම තොරතුර වඩාත් ඉහළ ම අගයක් ගෙන දුන්නේ .......................
පිළිතුර : තොරතුරක වටිනාකම උපරිම වන්නේ ඒවා නිකුත් කරන වේලාවේ හෝ නිප්දවන වේලාවේ දී ය. කල් ගත වන විට එහි වටිනාකම ක්‍රමයෙන් අඩුවී ගොස් අවසානයේ දී ඒවා දත්ත බවට පත්වේ. තිසර පෙරේරා සිය ජයග්‍රාහී ලකුණ ලබා ගත් විට දී ක්‍රීඩා ලෝලීහු සියල්ලක්ම අත්පොළසන් දෙනු ලබන අතර වටිනාකම උපරිම වන්නේ එම අවස්ථාවේ දීය.
253. පහත සඳහන් කුමන වගන්තිය සත්‍ය වන්නේ ද?
පිළිතුර : පරිගණක පාදක ඉගෙනුම යනු සිසුන්ට කැමති වේලාවක කැමති ආකාරයට ඉගෙන ගත හැකි ඉගෙනුම් ක්‍රමවේදයකි. මාර්ගගත විභාග මගින් සිසු සිසුවියන්ට තම විෂය ප්‍රවීණ තාවය පිළිබඳව තක්සේරු කල හැකිය. මයික්‍රොසොෆ්ට් පවර්පොයින්ට් යනු යෙදුම් මෘදුකාංගයක් වන අතර එය මිලදී ගත යුතු මෘදුකාංග පැකේජයකි.ස්කයිප් යනු ප්‍රසිද්ධ වීඩියෝ සම්මන්ත්‍රණ මෘදුකාංගයකි. මෙමගින් ජලයක් හරහා ශ්‍රව්‍ය සහ දෘශ්‍ය තොරතුරු සම්ප්‍රේෂණය කළ හැකි වේ.
254. ෆේස්බුක් (Facebook) යනු, දිනපතා නව සාමාජිකයන් එකතු වන, මිලියන ගණනක් ජනතාව සම්බන්ධ කරන ජනප්‍රිය සමාජ ජාලයකි. පහත වගන්ති අතුරින් කවරක් සත්‍ය වන්නේ ද?
පිළිතුර : තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීමේ දී ඇතැම් වේලාවට හොඳ මෙන්ම නරක ද දැකිය හැකි අවස්ථා අනන්තවත් දැකිය හැකිය. කුඩා ළමුන් මේ හා සම්බන්ධ වී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු කර ගන්නා අතර නන්නාඳුන පුද්ගලයින් හා සම්බන්ධතා පවත්වා ගැනීමන් වර්ථමානයේ බොහෝ ඛේදවාචකයන් දැකගත හැකිය. මිතුරන් හා සම්බන්ද වීමට ඉතාමත්ම හොඳ මාධ්‍යයක් වුවද මෙයින් අනිසි ප්‍රතිඵල මෙන්ම හොඳ ප්‍රතිඵල ද දැකිය හැකිය. පෞද්ගලික තොරතුරු ෆේස්බුක් තුළ ප්‍රකාශයට පත් කිරීම තුළින් අවාසනාවන්ත සිද්ධීන් හටගෙන ඇත.
255. පහත දක්වා ඇති මෘදුකාංග “පද්ධති මෘදුකාංග “(System software) හෝ “යෙදුම් මෘදුකාංග " (Application software) ලෙස වර්ගීකරණය කරන්න.
මෘදුකාංගය |
වර්ගීකරණය |
ලිනක්ස් (Linux) |
පද්ධති මෘදුකාංග |
වදන් සකසනය (Word processor) |
යෙදුම් මෘදුකාංග |
වෙබ් අතිරික්සුව (Web browser) |
යෙදුම් මෘදුකාංග |
විශ්ලේෂණාත්මක එන්ජිම (Analytical Engine) සොයා ගනු ලැබුවේ කවුරුන් විසින් ද?
පිළිතුර : විශ්ලේෂණාත්මක එන්ජිම සොයා ගනු ලැබුවේ චාල්ස් බැබේජ් විසිනි. වර්ථමානයේ භාවිතා කරන පරිගණක වල ඇතුළත් ආදානය, ප්‍රතිදානය, ආචයනය සහ පාලනය යන සියළුම දේ විශ්ලේෂණාත්මක එන්ජිමෙහි තිබින.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න.