පරිගණක ජාලකරණය පිළිබඳ හැඳින්වීමක්
පරිගණක ජාලයක් යනු, සරළව ගත් විට එකිනෙකට සම්බන්ධ කර ඇති පරිගණක දෙකකි.
පරිගණක ජාලයක පරිගණක දෙකකට වැඩි ගණනක් හෝ වෙනත් උපකරණ වුවද ඇතුලත් විය හැකිය.
පරිගණක ජාලයක ලක්ෂණ
පරිගණක ජාලයේ මූලික අරමුණ සම්පත් බෙදාහදා ගැනීමයි:
සම-සම-ජාලයන් (Peer-to-peer networks)
සාමාන්යයෙන් වැඩිපුර ක්‍රියාත්මක කරනු ලබන්නේ මෙම අකාරයේ ජාල වේ. පරිගණක දහයක් හෝ ඊට අඩු ගණනක් සම්බන්ධ වන අතර දැඩි ආරක්ෂාවක් අවශ්‍ය නොවේ.
සියලු පරිගණකවල එකම තත්වයක් ඇති නිසා, 'peer' යන පදය භාවිතා කරයි. ඔවුන් සමාන පදනමක් මත එකිනෙකා සමඟ සන්නිවේදනය කරන අතර ගොනු, වැනි වචන සැකසීමේ හෝ පැතුරුම්පත් ලේඛන ජාලය හරහා ජාලය හරහා බෙදා ගත හැකිය.ජාලයෙහි සියලු පරිගණකවලට එක් පරිගණකයකට සම්බන්ධ වූ මුද්‍රණ යන්ත්‍ර හෝ ස්කෑනර් වැනි
උපාංග බෙදා ගත හැකිය.
සේවාක / සේවාදායක ජාලයන් (Client/server networks)
පරිගණක ජාලයක් යනු එක් මධ්‍යගත, බලසම්පන්න පරිගණකයක් (සර්වරය ලෙස හඳුන්වන) හා පුද්ගලික පරිගණක හෝ සේවා මධ්යස්ථාන (සේවාලාභීන් යනුවෙන් හැඳින්වෙන)
කිහිපයක එකට එකතු වී නිර්මාණය වන පරිගණක ජාල වේ. මෙහිදී සේවාලාභීන් හට සේවාදායකයේ ගබඩා කර තිබෙන වැඩසටහන් සහ හා දත්ත සඳහා පිවිසීමට හැකි අතර එය
සීමාමහිත වේ. තවද සේවාදායකය මගින් අනික් පරිගණක සතු හැකියාවන් පාලනය කර හැකි අතර අනෙක් පරිගණක සියල්ල තම අවශ්‍යතාවයන් සේවාදායක පරිගණකය හරහා
ඉටු කරගත යුතු වේ.
Client-Server සහ Peer-to-Peer ජාල අතර ප්‍රධාන වෙනස්කම්
Client-Server සහ Peer-to-Peer ජාලය අතර ඇති ප්රධාන වෙනස නම් Client-Server ජාලය තුල විශේෂිත සේවා දායකයෙක් හා සම මට්ටමේ සේවා
ලබාගන්නා පිරිසක් සිටින අතර Peer-to-Peer ජාල තුලදී සෑම පරගණකයක්ම සේවා දායකයෙක් හා සේවා ලාභියෙක් ලෙස ක්‍රියා කරයි.
සේවාදායක-සේවක ආකෘතියේ, දත්ත ගබඩාව මධ්‍යගත සේවාදායකයා මත ගබඩා කර ඇති අතර, සම සම ජාල වලදී එකිනෙකාට තමන්ගේම දත්ත ඇත.
Peer-to-Peer ජාලය තුලදී සෑම පරිගණකයක්ම සේවාදායකයෙකු ලෙස ක්‍රිියා කරන නිසාවෙන් ජාලය තුල කාර්යක්ෂමතාව වැඩිය, නමුත්
Client-Server අකෘතිය තුලදී එක් සේවා දායකයෙක් පමණක් ඇති නිසා කාර්යක්ෂමතාව අඩු විය හැක.
Client-Server ආකෘතිය Peer-to-Peer ආකෘතිය ක්රියාත්මක කිරීමට වඩා මිල අධික වේ.
Client-Server ආකෘතිය Peer-to-Peer ට වඩා ප්‍රයෝජනවත් වන අතර, කාර්යාල හා අනෙකුත් විධිමත් අවස්ථා වලදී Client-Server ආකෘතිය ජාල
නිර්මාණය සඳහා යොදාගනී.
ජාලයක සංරචක (Components of the network )
පරිගණක ජාලයක් පහත සඳහන් අංගයන්ගෙන් සමන්විත වේ,
පරිගණක එකිනෙක සම්බන්ධ වී තිබීම අනිවාර්යය වේ. එය රැහැන් රහිතව හො සහිතව විය හැතිය.
එක් එක් පරිගණකයේ ජාල අතුරුමුහුණත (NIC) තිබිය යුතුය.
එක් ලක්ෂයක සිට දත්ත මාරු කිරීම සඳහා 'ස්විචය' භාවිතා කරනු ලබයි.