241. මෙහෙයුම් පද්ධතියකට උදාහරණයක් නොවන්නේ,
- Windows XP, Linux, UNIX
- Microsoft Office, Linux, Windows NT
- Linux, Windows NT, UNIX
- Windows, MS-DOS, UNIX
242. පරිගණකයේ දිනය හා වේලාව නිවැරදිව තබා ගැනීමට ඉවහල් වන මව්පුවරුව මත අන්තර්ගත උපාංගය වනුයේ,
- RAM
- Slot
- Processor
- Battery
243. පරිගණකයක මතකය තාවකාලිකව රඳවා ගන්නා කොටස වනුයේ,
- සසම්භාවී පිවිසුම් මතකය (RAM)
- දත්ත බසය (Data Bus)
- කියවීමට පමණක් ඇති මතකය (ROM)
- වාරක මතකය (Cache Memory)
244. Delete කල file එකක් නැවත ලබා ගැනීමට දිය යුතු විධානය (command) වනුයේ,
- File -> Restore
- Recycle Bin -> Restore
- Recycle Bin -> Undo
- Recycle Bin -> Empty
245. පද්ධතියක මෙහෙයුම් පද්ධතියට (Operating System - OS) අයත් උපාංග වනුයේ,
- දෘඩාංග (Hardware)
- යෙදුම් මෘදුකාංග (Application Software)
- ජීවාංග (Live ware)
- පද්ධති මෘදුකාංග (System Software)
246. පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
- Video Card භාවිතා කිරීමට වඩා Onboard Video Port එකක් භාවිතා කිරීම මිල අධිකය.
- Video Card එකක් භාවිතා කිරීමේදී යම් දෝෂයක් සිදුවූ විට ඒ වෙනුවට වෙනත් Video Card එකක් භාවිතා කිරීමේ හැකියාව ඇත.
- Video Port, PS/2 Port එකට සම්භන්ධ කිරීමේ හැකියාව ඇත.
- පරිගණක තිරයෙහි (Screen), ත්වරතාවය (Resolution) සඳහා VGA Card වල බලපෑමක් නැත.
247. ශ්‍රේණිගත කෙවෙනි (serial port) සහ සමාන්තරගත කෙවෙනි (parallel port) සම්බන්ධයෙන් සත්‍ය නොවනුයේ,
- MODEM උපාංගය පරිගණකයට සම්බන්ධ කිරීමට ශ්‍රේණිගත කෙවෙනිය යොදාගත හැකිය.
- තුඩු (pins) 9 සහ 25 ප්‍රමාණයෙන් වූ ශ්‍රේණිගත කෙවෙනි දැකගත හැකිය.
- මුද්‍රණ යන්ත සහ සුපරීක්ෂක - පරිලෝකන යන්ත පරිගණකයට සම්බන්ධ කිරීම සඳහා සමාන්තරගත කෙවෙනි භාවිතා කරයි.
- තුඩු (pins) 9 සහ 25 ප්‍රමාණ වලින් වූ සමාන්තරගත කෙවෙනි දැකගත හැකිය.
248. විශ්ව ශ්‍රේණිගත බස් කෙවෙණිවල (Universal Serial Bus – USB port) විශේෂතා පහත දී ඇත. එමගින් USB කෙවෙනි වල ලක්ෂණයක් නොවන්නේ,
- උපාංග පරිගණකයට සම්බන්ධ කළ විගසම ක්‍රියාත්මක වීමට පටන්ගනී. ධාවක / එළවුම් (Driver) මෘදුකාංග අවශ්‍ය නොවන අතරම මෙය plug & play නම් වේ.
- USB ආකාරයේ බොහෝ උපාංග ක්‍රියාත්මක වීම සඳහා බාහිරින් විදුලිය සැපයීම සිදුකල යුතුවේ.
- පරිගණකය වසා දැමීමකින් තොරව USB උපාංග පරිගණකයට සවිකිරීම - ඉවත් කිරීම සිදුකළ හැකිය. මෙය hot swappable - hot pluggable නම් වේ.
- USB කෙවෙනියකට විවිධ ආකාරයෙන් වූ උපාංග 127 ක් සවිකිරීමේ හැකියාව ඇත.
249. දත්ත සම්ප්‍රේෂණ වේගය (Data Transmission Speed) මැනීම සඳහා භාවිතා කල නොහැකි ඒකකය වනුයේ,
- Bps (bits per second)
- Kbps (kilobits per second)
- Ips (instructions per second)
- Mbps (Megabits per second)
250. අර්ධ ද්වීපථ (Half Duplex) ආකාරයේ දත්ත සම්ප්‍රේෂණයට උදාහරණයක් වනුයේ,
- ගුවන්විදුලි සන්නිවේදනය
- වෝකි- ටෝකි උපකරණය මගින් සන්නිවේදනය (Walki talki)
- දුරකථනය
- රූපවාහිනී සන්නිවේදනය
251. පරිගණක ජාලයක් (Computer Network) සඳහා උදාහරණයක් නොවන්නේ,
- ප්‍රවාහන සේවා පද්ධතිය
- දුම් රිය මාර්ග පද්ධතිය
- මහා මාර්ග පද්ධතිය
- පාසල් පන්ති කාමරය
252. ප්‍රාථමික ආචයනය - ප්‍රධාන මතකය (Primary Storage) සඳහා අසත්‍ය කියමන වනුයේ,
- ප්‍රාථමික ආචයන ඒකක, අර්ධ සන්නායක (Semiconductors) භාවිතා කරමින් නිෂ්පාදනය කරනු ලබයි.
- ප්‍රාථමික ආචයනයේ මූලික කාර්‍යය වනුයේ මධH සැකසුම් ඒකකයට අවශ්‍ය කරනු ලබන දත්ත සැපයීම සඳහා තාවකාලිකව තැන්පත් කරතැබීමයි.
- Hard Disk යනු. ප්‍රාථමිකක ආචයන ඒකකයකි.
- සසම්භාවී පිවිසුම් මතකය, ප්‍රාථමික ආචයන ඒකක සඳහා උදාහරණයකි.
253. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය ආකාර දෙකකි. එනම් නියමු මාධ්‍ය (Guided Media) සහ විකිරණ මාධ්‍ය (Radiated Media) නම් වේ. මේවායින් විකිරණ මාධ්‍ය නොවන්නේ,
- ගුවන්විදුලි තරංග (Radio Waves)
- අධෝරක්ත කිරන (Infrared)
- ප්‍රකාශ තන්තු (Fiber Optics)
- ක්ෂුද්‍ර තරංග (Microwaves)
254. දත්ත සම්ප්‍රේෂණයේදී වයරයන් භාවිතා කරනු ලබන අතර මෙහිදී නියමු මාධ්‍ය යන් භාවිතා කරයි. පහත ඒවායින් නියමු මාධ්‍යයන් නොවන්නේ,
- සාමාන්‍ය ආකාරයේ වූ වයර (Twisted Pair Cables)
- සමාක්ෂක යොත් (Coaxial Cables)
- සන්නිවේදන චන්ද්‍රිකා(Communication Satellites)
- ප්‍රකාශ තන්තු (Fiber Optics)
255. දත්ත සම්ප්‍රේෂණයේදී විකිරණ මාධ්‍යයන් (Radiated Media) අඩංගු පිළිතුර වනුයේ,
- ගුවන්විදුලි තරංග, ක්ෂුද්‍ර තරංග, ප්‍රකාශ තන්තු
- ප්‍රකාශ තන්තු, සාමාන්‍ය ආකාරයේ වූ වයර, සන්නිවේදන චන්ද්‍රිකා
- සන්නිවේදන චන්ද්‍රිකා, ක්ෂුද්‍ර තරංග, සමෝක්ෂ යොත්
- අධෝරක්ත කිරණ, සන්නිවේදන චන්ද්‍රිකා, ගුවන් විදුලි තරංග
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න...