31. පහත වගන්ති වලින් සාවද්‍ය වන්නේ
පිළිතුරු: එක් එක් ළමයාගේ නම, ළමයාගේ මුළු ලකුණු, ඔවුන්ගේ සාමාන්‍ය ලකුණු, ඔවුන්ගේ විෂය දක්ෂතාවය, ස්ථානය ආදී තොරතුරු මගින් ගුරුතුමාට සිය ළමයින් පිළිබඳව තීරණයකට එලඹිය හැකිය. පිළිතුර 3 වේ.
32. ගුණාත්මක දත්තයක් වන්නේ,
පිළිතුරු: වේගය, වර්ගඵලය, විශ්කම්භය ආදිය ප්‍රමාණාත්මක දත්ත සඳහා උදාහරණ වේ. කහ පාට , සුදු පාට යනු ගුණාත්මක දත්ත වේ. පිළිතුර 2 වේ.
33. පහත සඳහන් දෑ අතුරින් තොරතුරු සමග සන්සන්දනය කිරීමේ දී දත්ත ලෙස වර්ගීකරණය කළ හැක්කේ කුමක් ද?
පිළිතුරු: ප්‍රතිශත දැක්වෙන වට ප්‍රස්ථාර මගින් තොරතුරක් නිරූපනය කෙරේ. මීටර 100 වාර්ථාව මගින් ද තොරතුරක් නිරූපනය කෙරේ. සාමාන්‍ය මිල මගින් ද තොරතුරක් නිරූපනය කරන අතර දුරකථන අංක වල අවසාන සංඛ්‍යාංක සතර මගින් කිසිදු තේරුමක් නොමැති දත්තයන් පමණක් ලබා දේ.පිළිතුර 2 වේ.
34. 2014, -T20 ලෝක කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් හට මෙම තොරතුර වඩාත් ඉහළම අගයක් ගෙන දුන්නේ.........................
පිළිතුරු: තොරතුරු නිකුත් කරන මොහොතේ හෝ නිපදවන මොහොතේ ඒවාට විශාල වටිනාකමක් ඇත. කාලය ගත වනවාත් සමගම එම වටිනාකම අඩුවී අවසානයේ දී ඒවා දත්ත බවට පත් වේ. මෙය තොරතුරු පිළිබඳව ස්වර්ණමය න්‍යායයි. තිසර පෙරේරා ජයග්‍රාහී ලකුණ ලබා ගත් විට දී ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන් හට තරඟය පිළිබඳව වැඩිම වටිනාකමක් ගෙන දේ.පිළිතුර 2 වේ.
35. බැංකු ගණුදෙණු කරුවෙකු එම බැංකුවට සම්බන්ධ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයට කාඩ් පත සහ මුර පදය ඇතුළත් කර ශේෂය විමසූ විට බැංකුවේ දත්ත සමුදාය පිරික්සීමෙන් ඔහුගේ ගිණුමේ ශේෂය පිළිබඳව තිරය මත දර්ශයන වේ. මෙම පද්ධතිය සඳහා ආදානය, ක්‍රියාවලිය සහ ප්‍රතිදානය පිළිවෙලින් දැක්වෙනුයේ,
පිළිතුරු: ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයට ලබා දිය යුතු ආදානය වන්නේ මුර පදයයි. මුර පදය පරිශීලකයා විසින් ලබා දුන් විට යන්ත්‍රය බැංකුවට සම්බන්ධ දත්ත සමුදාය පිරික්සීමෙන් අදාල තොරතුරු යන්ත්‍රයේ තිරය මත දර්ශණය කරයි. පිළිතුර 4 වේ.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න.