ජන කවිය
සාහිත්යය නම් පාඨක සිත් සතන් තුළ රසවත් හැගීම් ඇතිවන පරිද්දෙන් නිර්මාණය කරන ලද ගද්ය හා පද්ය කෘතියයි. සාහිත්ය කරුවගෙ අරමුණ රස නිෂ්පත්තිය යි. ජීවිතය පිළිබඳ අපූර්ව අත්දැකීමක් ඇසුරෙන් පාඨකයා චමත්කාරයට පත් කිරීමට ඔහු තම සාහිත්ය නිර්මාණය මඟින් බලාපොරොත්තු වේ. කිසියම් සාහිත්ය නිර්මාණයක් උසස් ලෙස සැළකෙන්නේ පාඨකයා ඉන් ලබන වින්දනයේ අපූර්වත්වය නිසා ය. මිනිසා ට සිය විවේකය විනෝදයෙන් ගත කිරීමටත්, වෙහෙස නිවා ගැනීමටත්, සිත සන්සුන් කර ගැනීමටත්, දුක් කම්කටොලු අමතක කර ගැනීමටත් සාහිත්යයෙන් ලැබෙන සේවය ඉමහත් ය.
එක එක අය විවිධ ආකාරයට කතා කරනවා. එනම් මේ බස්වහර ය. මේ කරන කතාවට සෞන්දර්ය එක් වූ තැන නිර්මාණය වන්නා වූ එක් පැත්තක් තමයි ජන කවිය. මෙමඟින් ඔවුනොවුන්ගේ සංස්කෘතිය ද පෝෂණය ලබනවා පමණක් නොවෙයි එය අන්ය ජාතීන් අතර ද ඉමහත් ගෞරවයට පාත්ර වී අනන්යතා ගොඩනඟා ගැනීමට උත්සුක ද වනු ඇත. ජන විඥානය කරනකොට ගෙන උපත ලබන ජන කවි තුළින් ජනයාගේ බස්වහර පිළිබඳ ව තේරුම් ගැනීමට අවශ්ය උපකාරක ද සපයනු ලබනවා.
උගතුන් විසින් නිර්මාණය කරන ප්රබුද්ධ කවියට වඩා පරිසරය මත ගැටෙන දුගී ජනතාවගෙන් නිර්මාණය වන ඇතැම් කාව්ය වියත් වන්නේ කඳුළ, සිනහව, වේදනාව, සුන්දර ආකෘතිය අමරණීය කොට කවියට ගැබි කිරීම නිසා යැයි මම සිතමි. නිර්මලව, අව්යාජයෙන්, රසවත්ව ගලා එන හැඟීම් ගුවනට මුසුවන්නේ සාමූහිකත්වය ද පූර්ණ කොට ගෙන ය. තව ද වෘත්තිය ජීවිතය ද ජන කවියට පාදක කොට ගනී.
ආදිතම සිංහලයන් සීගිරියේ කුරුටු ගී ලියන්නට ඇත්තේ ගැමි වහර මනා කොට දැන ගෙන යැයි සිතෙන්නේ එකී කවියේ ඇති විදග්ධ බව නිසාවෙනි. සීගිරියෙ ද ඇත්තේ ජන කවියයි. ජන කවිය විවිධ තැන්වල එක එක ස්වරූප වලින් සිටිනවා. ඒ විතරක් ඇයි ජන කවියේ ශබ්ද මාදුර්යද එම අවස්ථාවට උචිත බවක් ද පෙන්නුම් කරනවා. දුෂ්කර කාර්යයක් වුවත් පහසු වෙන්නේ ඒක නිසානේ.
“හදවත කියනවා කවියට පණ දෙන්න
දිව මගෙ කියනවා මුමුණා ගෙන ඉන්න
මම දැන් කියනවා කවුරුත් අහ ගන්න
ගෙවිලිය ඉඹිනවා මගෙ හඳ මෝරන්න”
කවිය ආ මඟ හරි සුන්දරයි. මම කවදත් ජන කවියට ආදරෙයි. ඒ මගේ මුතුන් මිත්තන්ගේ හඬයි. ජන කවිය සමඟ ජීවත් වන විට මට හැගෙන්නේ “මම ඔවුන් සමඟ ජීවත් වෙනවා” යන්නයි. තනිව යන ගමන ශක්තිමත් ව ඉදිරියට යන බව මට හැගෙන්නේත් ඒ නිසා වෙන්න ඇති.
මව්පියගුරු වන්දනාව
තානම -
තම්දන තනා තන තම්දන තාන තනා
තෙයි තන තනා තන තම්දන තාන තනා
අම්මට......................
කවිය -
නැණස පහදවා අපි යහමඟ යවන ලෙසින්
හොඳ පැවැත්ම ගුණ දහමින් කියා දෙමින්
වෙහෙසෙන අපේ ගුරු දෙගුරුන් සමඟ බැතින්
රැගුම් පාන්නට අවසර පතමු ඉතින්
සම්මා සම්බුදු සරණයි මා වැදු මගෙ අම්මා
නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා
අම්මා ඔබේ ගුණ කීමට මටනම් බෑ නිම්මා
සම්මා සම්බුදු වැන්දා නිවන් දකිමු අම්මා
ටික ටික වතුර අරගෙන පොල් කටුවකට
නාවපු අයුරු මතකයි ඔබේ උකුල මට
ඒවා දැනෙන විට අම්මේ අද අපට
නෙතගින් කදුළු වැගිරෙනවා ඔබේ නමට
දසමස කුසදරා මා බිහිකළ අම්මා
ඇඟ ලේ කිරට හරවා මට පෙම් බැන්දා
නෙතගින් එන කඳුළු හොර නෑ නොව නිම්මා
වැන්දා ඔබට මම හැදුවට මගෙ අම්මා
තාත්තට.....................
නෙතට නින්ද නෑ රෑ නිදි වරාගෙන
කුසට අහර නෑ දහඩිය පෙරා ගෙන
අපට දෙන්න මතුවට කළ බලාගෙන
පියාණෙනි වඳිමි මම දණ නමාගෙන
පියා ඈත රට රටවල් වලට ගියා
සොයා ගෙනත් මිල මුදලත් දුන්න පියා
මේ ආකාර සැපතක් මට දුන්න පියා
බුදුන් දැක නිවන් දකිනවා මගෙ පියා
පියා කියන කට හඬ වාසනාවන්
ගතේ රෝග තිබුනත් දුරහැර පලයන්
මෙතනින් දකින්නට අද නැත පියාණන්
බුදුන් දැක නිවන් දකිනවා පියාණන්
තඹ රන් වුවත් මිල අඩුවෙනවා කලෙක
මගෙ රන් පියා වටිනවා මට හැම කලෙක
මගෙ රන් පියේ ගුණ කීමට බෑ මුවෙක
මගෙ රන් පියා වාසනවන් හැම කලෙක
නැති බැරි කමක් මට නොදැනෙන නියාවෙනි
දුක් කරදර මැදින් මා හැදු දයාවෙනි
හොඳ දරුවකු වන්න මට දුන් ඔවා මිණි
ඔබේ පා යුග වදිමි ආදර පියාණෙනි
ගුරුවරුන්ට.........................
බාලෙදි මම ඉගෙන ගන්න ගුරුන් ළඟට යන්දා
දෙසිත් නැතිව ගුරුන් මෙමට ශිල්ප දුන්න හින්දා
ත්රිගු ත්රිගු තෙයි ත්රිගු ත්රිගු තෙයි ගුරුන් ළඟට යන්දා
මෙන්න මෙමා මගෙ ගුරුන්ට සිරස නමා වැන්දා
ශිල්ප සතර දුන් මගෙ ගුරු පියාණෙනි
නොයෙකුත් ලෙසින් ඔවදන් දුන් දයායවෙනි
අතපය වෙහෙසවා මා හට ඔවා දුනි
නිවනට යන්න ඔබ මගෙ ගුරු පියාණෙනි
අතට පයට සව්දම් සුරල් අරගෙනේ
අපට හොඳට තාලෙට බෙර වයනු පෙනේ
දෙවියන් බුදුන් තිසරණ සරණ ලබමිනේ
බෙර ගුරු උතුමන්ටයි අප මේ පිං දෙන්නේ