රූකඩ ගෙදර නාට්‍ය විචාරය - සාමාන්‍යපෙළ නාට්‍ය හා රංග කලාව

රූකඩ ගෙදර නාට්‍ය විචාරය

රූකඩ ගෙදර නාට්‍ය විචාරය

 

ජීවිතය තුල ඇති වන්නා වූ ගැටළු ජීවිතය තව තවත් ජීවත් කරවයිඑම ගැටලුව මිනිසුන් අතරම පැන නැගී මිනිසා සමගමපෝෂණය වී මිනිසා අතරම පුපුරා යයි තුලින් ඇති වන්නා වූ කම්පනය පුද්ගලයාට බලපාන්නේ වට ඔවුන් හට තිබෙනසම්බන්ධතාවය අනුවයි. ලෝකයේ කලාව යන්නද ගොඩ නැගෙන්නේ මේ කියන්නා වු මිනිස් කුලකය තුලමයනමුත් මෙලෙසගොඩනැගෙන්නා වූ කලාව තුලින් නාට්‍ය කලාව හුදෙක් මිනිසා සමගම ගැටෙමින් පෝෂණය වූවකිමේ ආකාරයට පෝෂණය වන්නාවූ නාට්‍ය තුල මිනිසා මිනිසාගේ ජීවන වෑයම හෙලිදරව් කෙරෙන කලා කෘතීන් සම්භාව්‍ය යන්නාවූ සිද්ධාන්තය තුලට පිවිසෙයිඅප ජීවත් වන ලෝකය තුල අපට දැනෙන අප දකින් ජීවන යථාර්තය මෙම කෘතීන් තුල නිර්මානය වී තිබෙයි. මෙලෙස නිර්මානය වූනාට්‍ය අතුරින් ලෝක ධර්මතාවය වේදිකාවට ගෙන නාට්‍ය කරුවකු වන නෝවේජියානු ජාතික හෙන් රික් ඉබ්සන්ගේ බෝනිකිගෙදර නම් වූ සම්භව්‍ය මා කලා නිර්මණය තුන් කල් සංස්පර්ෂණය කළ නාට්‍ය නිර්මාණයක් ලෙස දැක්වීමට කැමැත්තෙමු.

 

ලෝකයේ වේදිකාවට ගෙන ඒමට අපහසුම නාට්‍ය කරුවන් වේනම් අතර ඉහලින්ම සිටින්නේ ඉබ්සන් යැයි කීමට පුළුවනඔහුතම නාට්‍ය තුල පෝෂණය කරනු ලැබුවේ මිනිසා අතරම ඇති අරගලයන්යසමාජය තුල සම කාලීනව තිබූ සිදුරුයමේ ඔස්සේයමින් එකල සමාජ වපසරිය තුල ඔහු දුටු කාන්තාව හා සමාජය යන කාරණාව වැඩිපුර තම තේමා කර ගැනීමට උනන්දු වී ඇති බවකීමට පුළුවන. නමුත් ඔහු කාන්තාවගේ විමුක්ති දායකයා ලෙස කටයුතු නොකළ බව් අකිව යුතුය. නමුත් බොහො සමකාලීනයන්ඔහුව දුටුවේ එලෙසටය. ප්‍රධාන වශයෙන් මෙම බොනිකි ගෙදර නාට්‍ය තුලින් එය එලෙස මතු වන බව ඔවුහු දැක්වූහබෝනිකිගෙදර නාට්‍යයේ නෝරා තම නිවස අතහැර යාම ඔවුහු අර්ථ කථනය කර දැක්වූයේ පිරිමියා අතහැර තම විමුක්තිය වෙනුවෙන්සටන් වදින ගැහැණිය ලෙසටයනමුත් ඉබ්සන් සිය නාට්‍ය පුරාවටම අර්ථ දැක්වීමට උතසහ දරන්නේ විමුක්ති ධර ගැහැණිය නොවඑකිනෙකාව වටහා ගැනීම යන කාරණාවයි.

 

ශ්‍රී ලංකාව තුල අද වන විට මෙම නාට්‍යය සිව් වතාවක් පමාණ නිෂ්පාදනය විය. නමුත් මේ කියන්නාවු වැටහීම යන සිද්ධානිත ඒවාතුල කෙතරම් දුරට ගොද නගමින් චරිත වලට සාධාරණයක් වුනාද යන්න ගැටළුවකි. එලෙස ප්‍රශ්නාර්ථයන් ඉතිරිව තිබියදීමෑතක නිෂ්පාදන්ය වූ බෝනිකි ගෙදර නාට්‍ය කෙතරම් දුරට මෙම අභියෝගය භාර ගත්තාද යන්න් විමසීම වටිනේය.

 

පළමු වශයෙන් මෙහි පෙළ අධ්‍යයනය කරන්නෙකුට වැටහෙන පලමු කාරනාව වන්නේ මේ තුල ඉබ්සන් යොදාගෙන තිබෙන්නේස්ටැනිස්ට් ලාවුස්කිගේ රංගන විධික්‍රමය යන්න බවයිනාට්‍ය තුල චරිත විග්‍රහ කිරීමත පහසු මෙන්ම යෝග්‍යම වන්නේ එයයි. පැසසුම් සහගතව පළමුව මේ කියන්නා වු ක්‍රමය මෙම නාට්‍ය තුල සාර්ථකව යොධාගෙන තිබුනු බව ජගත් බණ්ඩාරයන්ගේඅධ්‍යක්ෂණයක් ලෙස වේදිකා ගත වූ බෝනිකි ගෙදර නට්‍යයෙන් හෙලිදරවි විය. එයින් නාට්‍යයේ මූලික පදනම ඔහු විසින්හදුනාගෙන තිබෙන බව කිය හැකිය. 

 

නෝරා යනු මෙම නාට්‍යයේ අර්ථකතනයට අනුව බෝනික්කියයිතම පියා තුරුලේහි හුරතල් වන ඇය ටෝවල්ගේ හුරතල් බට්ටිච්චිලෙස, ගී කිරිල්ලි ලෙස නැතිනම් හා පැටික්කි ලෙස ඔහුගේ සෙවනට එයිසම්කාලින සමාජයට අනුව ඇයටද වූයේ සැමියාගේ සෙවන මත ඔහුට රිසිසේ ඔහුට හුරතල් වෙමින් සිටීම පමණි. ඇයගේ කාර්යය දරුවන් සමග ගෙවන ජීවිතය පමණිනමුත් ඇයඅන් අයතරම් බොළඳ නැතඇය නිසැකයෙන්ම ශක්තිමත් ගැහැනියකි.

 

ගැහැණියකටතම විවාහයෙන් පසු ජීවන රුකුල වන්නේ තම සැමියායඇය හා සැමියා අතර හටගන්නේ ආත්මගත බැඳීමකිආසියාවේ සැමියා මැරුණු ගැහැනිය වැන්දඹුවයිනැතිනම් පව්ගෙවිය යුතු පව්කාරියකිනැතිනම් අන් පිරිමින්ගේ සුව යහන මතනිදන වෛශ්‍යවකිමෙන්න මේ කියන්න වූ ප්‍රස්තුතයන් ගොඩ නැගීමට පෙර තම සැමියා සුරක්ෂිත කර ගැනීම නියම බිරියකගේවගකීම වෙයිමෙලෙස ආසියාව තුල පමණක් නොව ලොව ඕනෑම ගැහැනියක තම සැමියා මරණ මංචකයේ සිටිනු දැකීමට කිසිදානොපතයිබෝනිකි ගෙදර නාට්‍යයේද නෝරා ක්‍රියා කරන්නේ මේ කියන්නා වු පොදු ගැහැණියගේ භූමිකාවට අනුවයක්‍රොග්ස්ටඩ්ගෙන් තම සැමියට හොරෙන් ණයක් ගන්නේ තම සැමියාගේ ජීවිතය ගලවා ගැනීම පිණිසය. එය කෙතරම්මානුෂීයද..!

 

නෝරාගේ චරිතය යනු මෙම නාට්‍යයේ තිබෙන ප්‍රාණීයම චරිතයයි වාගේම ඉක්මන් හැඟීම් ජාලාවක එක විට දෝලනය වනචරිතයකිතම රහස පිටතට නොපෙන්නවා තමන් තුලම අරගලයක යෙදෙන ගැහැනියකිඑවැනි ගැහැනියකගේ ස්වාභාවයකෙලෙසද ..... ඇයගේ හැගීම් ජාලාව කෙසේ විය යුතුද .... මෙය මැනවින් නාට්‍ය කරුවා තේරුම් ගෙන තිබෙන බව කීම සාවධ්‍යනොවේප්‍රධාන වශයෙන් මෙම නෝරා කියන චරිතය තුල ප්‍රාථමික ලක්ෂණ පවතියි. ඇතැම් විට නෝරා උඩ පැන අත්පුඩිගසන්නේඑම ලක්ෂණ මතුවන විටයඑවැනි අවස්ථා බොහොමයක් මෙම නාට්‍ය තුල පවතියිඑය නියමාකාරයට ජගත් බන්ඩාරයන්වටහාගෙන නිර්මාණය කර තිබුණි.

 

මෙම නාට්‍යයේ ක්‍රොග්ස්ටඩ්ගේ චරිතය යනු තමන් උදෙසාම වැඩ කරන තමන් වෙනුවෙන් අරගල කරන පුද්ගල චරිතයයිඔහුවහෙල්මර් විසින් කන්තෝරුවෙන් අස්කරන්නට පටන් ගන්නා දින සිටම, නෝරා තමන් සමග කළ රහස් ගණුදෙනුවට අදාල ලියවිල්ලතම ආයුධය බවට පත් කරගනියිඔහු මෙම ලියවිල්ල සමග නෝරාව හිර කරන්නේ තම රස්සාව වෙනුවෙනිබිරිඳගේ හැරයාමත්සමග ඔහු ඇද වැටී තිබුණු ජරා ජීර්ණ අවදියෙන් ගොඩ ඒමට පණ කෙන්ද වගේ ඔහු සටන් කරයිමේ කියන්නා වූ අරගල ඔහු තුලගොඩනැගෙන ආකාරය මනාවට ප්‍රේක්ෂකයාට ගෙන ඒම අධ්‍යක්ෂකවරයාගේ වගකීමකි. නෝරාගේ සියලුම රංගයන්ප්‍රේක්ෂකාගාරය වෙත ගලා යන්නට පටන් ගන්නේ මෙම චරිතයේ පවතින වර්ණයත් සමගය. එය මහා භාරදූර කාර්යයකි. එයදනාට්‍ය කරුවා ජයගෙන තිබෙන බව කිවයුතු අතර ක්‍රොග්ස්ට්ඩ්ගේ සංවාද ගලනය තාවත් වේගවත් වූයේනම් මැනවි යැයි මට සිතේඑසේ නොවන විට නෝරාගේ චරිතයේ වර්ණය ඉදිරියට කැපී නොපෙනෙයි. වාගෙම මාගේ විචක්ෂණයට නතු වූ තවදකාරණාවක් වන්නේ නෝරාගේ චරිතය තුලට එම සම්පත් දායිකාව දුන් බර තව තවත් වැඩි විය උතු බවයි. චරිතයේ හැගීම්අපගේ හදවතට නොදැනුණු බවක් හැඟුණි. නමුත් සාධාරණයක් කිරීමට ඇය උත්සහ දැරූ බව කිව යුතුය.

 

අධ්‍යක්ෂණය මත මැනවින් පෝෂණය වී තිබූ චරිත ද්විත්වය ලෙස ලින්ඩේගේ චරිතය හා ඩොක්ට රෑන්ක්ගේ චරිතය ගැනීමටපුළුවනලින්ඩේ යනු ජීවිතය වටහා ගත් ගැහැණියකිජීවිතයේ දුක් කම් කටොළු විඳ දරා සිට තිබෙන ගැහැණියකි. ඇයගෙ ස්වරයතුල සෑම දෙයම ගැබ්ව පවතියිඑය එම චරිතයට පණ පෙවූ සම්පත් දායිකාව මැනවින් සාධාරණලෙස චරිතයට ඉටුකළ බවපෙනිණ.

 

වාගේම රෑන්ක්ගේ චරිතය යනු මරණය දකිමින් ජීවත් වන මිනිසෙකි. ඔහු නෝරාට ආදරය කරයි. මරණය තෙක්ම සිත තුලපැසවමින් තබා ගෙනසිටි ඔහු එය අවසාන් බිඳ වැටීමට පෙර ඇයට ප්‍රකාශ කරයි. ඔහු තුල මේ ආකාරයෙන් ගොඩ නැගෙන සිද්ධිදාමය තුල අධ්‍යක්ෂක වරයා ඊට අදාල නියම මග පෙන්වීම කර තිබේ. නාට්‍යය තුල සිටින පහලම ස්වර ලාභියා එම චරිතයයි. එම චරිතයට අදාල වර්ණයයි. එය අධ්‍යක්ෂක වරයා මෙන්ම් නළුවාගෙද කැපවීම තුල වේදිකාව මත සාර්ථකව අපට දැකගැනීමට හැකි විය.

 

නාට්‍යයේ මුල සිටම ටෝවල්ඩ් නෝරාට ආමන්ත්‍රණය කරන්නේ " මගේ පුංචි ගී කිරිල්ලි, හා පැටික්කි, බෝනික්කි ලෙසයනමුත්ඔහුගේ ජීවිතය වෙනුවෙන් ඇය ගත් ණය පත්‍රිකාව දුටු පසු ඇයව කාලකණ්ණි ගැහැණියක් බවට පත් වෙයිතකතීරු ගෑණියක් වෙයි. ඇයට සිය දරුවන් පවා හැදීම තහනම් කරයිනෝරාට ටෝවල්ඩ්ව තේරුම් ගැනීමට පටන් ගැනෙන්නේ මෙතැන් සිටය. ක්‍රොග්ස්ට්ඩ්නැවත එම රහස එලි නොකරන බවට ලියුමක් එවූ විත ඔහුට නැවතත් ඇය කලින් සිටි බෝනික්කියම වෙයිනමුත් ඇයව වටහානොගන්නා ටෝවල්ඩ්ව ඇය වටහා ගනියිඔවුන් දෙදෙනා ජීවිතයේ පලමු වතාවට ආලින්දයේ මේසය මත එකට ඉඳගෙන මිනිහා හාගැහැනිය විදිහට මේ අරගලය සාක්ච්ඡා කරයිනෝරා ඔහුව වටහා ගෙන හමාරයඇය සොයන පිරිමියා මොහු නොවන බවවැටහුණු විට ඇය නියම ජීවිතය සොයාගෙන නිවස අතහැර දමා පිටව යයි.

 

බෝනිකි ගෙදර නාට්‍යයේ අන්තර්ගතය තුල කාන්තා විමුක්තිය පිළිබඳව කතා කෙරෙන බව හුදෙක් පවසන්නේ මෙම නෝරාගේ පිටවීම හරහාය. නමුත් එතන විග්‍රහ කෙරෙන්නේ ඔවුනොවුන් තුල පවතින් වැටහීම යන කාරණාව බව පැහැද්ලියකෙසේ වුවද මෙමනාට්‍ය තුල මෙවැනි වෙන් වූ ජීවිත දෙකක එක් වීමද සිදුවෙයිනෝරාගේ ටෝවල්ඩ්ගේ විවාහය දෙදරා යන මේසය මතදීමලින්ඩේගේ හා ක්‍රොග්ස්ට්ඩ්ගේ විවාහය නැවතත් එකතු වෙයි ඔවුන් දෙදෙනගේ වැටහීම යන කාරණාව පාදක කොත ගනිමිණි.

 

සමස්ථයක් ලෙස මෙම නව නිෂ්පාදනය තුල නාට්‍ය සංගීතය හා වෙස් මෝස්තර ඇඳුම් නිරමාණය ඉතා ඉහළ තලයක තිබුණු බවකීව යුතුයඅනෙකුත් ආන්ශාංගිකයන්ද ආකාරයෙන්ම් නාට්‍යයේ ගලා යාමට රිසි ලෙස කළමණාකරණය වී තිබුණු බව අපටපැහැදිලි විය.

 

මේ ආකාරයට බලන විට ලාංකේය වේදිකාව මත සාපේක්ෂ වශයෙන් ඉබ්සන්ව නිරූපණය වූ බව කිව හැකිය. සඳහාඅධ්‍යක්ෂවරයාගේ සිට විශාල කාර්යය හාර්යයක් සිදු වී තිබුණිනූතන වේදිකාව මත රසය විඳින්නට හැකි උසස් කලා නිර්මාණයක්ජගත් බණ්ඩාරයන්ගේ දැක්ම තුල නිර්මාණය වී තිබූ බව ප්‍රශංසනීයව කීමට පුළුවන.

 

සැකසුම :- ඩී . එම්. අචලා නිමල්තී