විටමින් යනු විවිධ පරිවෘත්තීය ක්‍රියාවලි සඳහා අත්‍යවශ්‍ය වන කාබනික සංයෝග වේ.මේවා ශරීරය තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා වලට ප්‍රතික්‍රියාවලට සහභාගී වන අතර නිරෝගී බව පවත්වා ගැනීමට වැදගත් වේ.මේවා අවශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රමාණ වලිනි. ඒවා ඌන විට විවිධ රෝග තත්ත්ව ඇති වේ.විටමින් ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදනු ලැබේ. ඒවා නම්
මේද ද්‍රාව්‍ය විටමින
ජල ද්‍රාව්‍ය විටමින්
ජල ද්‍රව්‍ය විටමින් ජලයේ දිය වී දේහය ට අවශෝෂණය කරයි.ජල ද්‍රාව්‍ය විටමින වනුයේ විටමින් B හා C ය.
මේද ද්‍රාව්‍ය විටමින ජලයේ දිය නොවන අතර මේදයේ දිය වී දේහයට අවශෝෂණය කරය. මේද ද්‍රව්‍ය විටමින වනුයේ විටමින් A, D, E හා K ය.
මිනිස් දේහය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන විටමින් වර්ග ඒවායේ ප්‍රයෝජන හා ඒවා ඌන වීමෙන් ඇතිවන ඌනතා ලක්ෂණ පහත දැක්වේ.
පෙනීමට වැදගත්වන දෘෂ්ටි වර්ණක සෑදීමට අත්‍යවශ්‍ය වේ.
සම පැහැපත්ව හා නිරෝගීව පවත්වා ගැනීමට වැදගත් වේ.
තද කොළ පැහැතිඑළවළු, තැඹිලි පැහැති එළවළු, තැඹිලි පැහැති පලතුරු හා කිරි වල විටමින් a අන්තර්ගත වේ.
ඌනතා ලක්ෂණ
රාත්‍රී අන්ධතාවය
ඇසේ බිටෝ ලප ඇතිවීම
සමේ වියලි බව
වැලමිට දණහිස ආදී කටු වැනි බිබිලි මතුවීම
ස්වසන පද්ධතිය ආශ්රිත රෝග .
ස්නායු පටක වල නිසි පැවැත්ම ට අවශ්‍ය වේ .
රතු රුධිරාණු රුධිරාණූ සෑදීමට අවශ්‍ය සංඝටකයකි.
සම නිරෝගීව පවත්වා ගැනීමට වැදගත් වේ.
මේද පරිවුර්තීය සඳහා වැදගත් වේ.
ඇට මිදුලු නිර්මාණයට අවශ්‍ය වේ.
රක්තාණු වල පරිනිතිය ට වැදගත් වේ.
ප්‍රතිදේහ සෑදීමට අත්‍යවශ්‍ය වේ .
රනිල බෝග , කිරි නිෂ්පාදන ,පලතුරු,එළවළු විටමින් බී අන්තර්ගත වේ.
ඌනතා ලක්ෂණ
බෙරි බෙරි රෝගය
මුඛ කොන් වන වීම
රක්ත හීනතාව
සමේ වියළි බව හා වර්ණ වෙනස් වීම .
සමේ නිරෝගීභාවය සඳහා වැදගත් වේ.
දත්වල එනමලය සෑදීමට අවශ්‍ය වේ .
කොලජන් තන්තු සංස්ලේෂණය සඳහා සහභාගි වේ.
පැඟිරි කුලයේ පලතුරු වල ,තක්කාලි ,බ්‍රොකලි වල විටමින් සී අන්තර්ගත වේ .
ඌනතා ලක්ෂණ
විදුරු මස් දුර්වල වීම .
අභ්‍යන්තර රුධිර ගැලීම් ඇති වීම .
රෝග සුවය සුව වීමට කල් ගත වීම
පේශි වල වේදනාව
ස්කර්වි රෝගය
කැල්සියම් හා පොස්පරස් අවශෝෂණය පාලනය කරයි .
බිත්තර කහ මදය හා කිරි නිෂ්පාදන වල විටමින් ඩී අන්තර්ගත වේ .
ඌනතා ලක්ෂණ
රිකට්සියාව (අස්ථි විකෘති වීම )
පටක වල හා සෛලවල වර්ධනය වීම සඳහා අවශ්‍ය වේ.
සෛලීය ශ්වසනයේ දී වාහකයෙක් වීම .
එළවළු තෙල් බීජ නට්ස් තුළ විටමින් e අන්තර්ගත වේ.
ඌනතා ලක්ෂණ.
පරිණත නොවූ දරු උපත් සිදුවීම
රතු රුධිරාණු බිඳීයාම වේගවත් වීම
සෛල විභාජනය දුර්වලතා ඇතිවීම
ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතා
සතුන්ගේ පේශි ක්ෂය වීම.
රුධිර කැටි ගැසීමට අවශ්‍ය සංඝටක සෑදීම සඳහා වැදගත් වේ.
කොළ පැහැති එළවළු විටමින් කේ ක් අන්තර්ගත වේ.තවද මහා අන්ත්රය අන්ත්‍රයේ ජීවත් වන බැක්ටීරියා මගින් ද නිෂ්පාදනය කරයි.
ඌනතා ලක්ෂණ
රුධිර කැටි ගැසීම ප්‍රමාද වීම.
ආහාරයේ අඩංගු ජීරණය කළ නොහැකි කොටස් තන්තුමය ද්‍රව්‍ය වේ.මේවා සමන්විත වනුයේ සෙලියුලෝස් වැනි කාබෝහයිඩ්රේට වලිනි.
පලා වර්ග සහ එළවළු ආදියේ තන්තුමය ද්‍රව්‍ය බහුල වේ. මරු ද්‍රව්‍ය සමග දේහයන් බැහැර කරනු ලැබුවත් මේවා ආහාරය තිබීම අත්‍යවශ්‍ය වේ.
තන්තු වල වැදගත් කම