බලශක්ති අර්බුදය සහ ඊට පිළියම් (3)
(විද්යාව පෙළ පොත් ,විජය පුවත්පත හා අන්තර්ජාලය අැසුරෙනි)
(න්යෂ්ඨීක ශක්තිය)
ආසියාවේ සහ මැදපෙරදිග ප්රතික්රියාකාරක වැඩි වැඩියෙන් ඉදිවෙද්දී එමෙන් ම යෝජිත ප්රතික්රියාකාරක සියල්ල ඉදිකෙරුණොත්, ඒ වන විට න්යෂ්ටික බලය උපයෝගී කිරීමෙහි 68%කින් වර්ධනය වනු ඇත. කෙසේ වෙතත් විදුලිබල ජනනය ට න්යෂ්ටික බලය යොදා ගැනීමේ අනාගතය එතරම් දීප්තිමත් නැත. ලොව වැඩි ම ප්රතික්රියාකාරක සංඛ්යාවක් ඇත්තේ ඇ.එ.ජනපදයෙහිය. සංඛ්යාව 99 කි. විදුලිය ජනනය සඳහා තවත් ප්රතික්රියාකාරක 4ක් ඉදිකිරීමට ද නියමිත යි. එසේ වුවද, ඇමරිකාවේද න්යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම වැඩිවෙනවා වෙනුව ට හීනවෙමින් පවති. ඇතැම් ජනපදවල, ලාභ ස්වභාවික වායු හා සුළං බල ජනනයේ විදුලිය නිපදවීෙම් පිරිවැය න්යෂ්ටික බලාගාර මගින් නිෂ්පාදනය කරනවාට වඩා අඩු ය. ෆුකුෂිමා සිද්ධියෙන් පසුව ජපානය යළි න්යෂ්ටික විදුලිබල ජනනය කෙරෙහි නැඹුරුවීම ට ප්රයත්න දරමින් සිටිය ද ජර්මනිය විරුද්ධ දිශාව ට යමින් සිය න්යෂ්ටික බාලාගාර අඩුකිරීම ට සැලසුම් කර ඇත. චීනය තාක්ෂණික වශයෙන් විවිධ වූ න්යෂ්ටික බලාගාර ඉදිකරමින් සිටිය ත් ගල් අඟුරු යොදා ගන්නා බලාගාර හා සසඳන විට එය දහයට එකක අනුපාතයක් පමණකි. ආදර්ශ සැපයූ ස්විඩනය හා ප්රංශය ද සිය විදුලිය අවශ්යතා සඳහා න්යෂ්ටික බලාගාර කෙරෙහි රඳා පැවැත්ම අඩුකරමින් සිටි යි. අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරිය පවා පුරෝකතනය කරන්නේ ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ සමස්තයක් වශයෙන් මෙම රඳා පැවැත්ම හීනවෙමින් පවතින බවයි. (ෆොසිල ඉන්ධන භාවිතයෙන් සිදුවන) ‘දේශගුණික හානිය ගැන බිය පත් වෙනවාට වඩා න්යෂ්ටික බලාගාරයක අනතුරු ගැන ජනතාව, රටවල් බිය වී සිටින තුරු මෙම ප්රවණතා දිගට ම පවතිනු ඇතැයි ටැස්මේනියා සරසවියේ පරිසර බැරී බෲක් පවස යි.
අප රටේ ඇති ඛනිජ තෙල් නිධි පිළිබඳ ගවේෂණය කර ඛනිජ තෙල් සම්පත ලංකාවේ ආර්ථිකය සඳහා යොදාගැනීම ට හැකියාවක් ලැබුණොත් එහි අතුරුඵලයක් හැටියට එයින් ලැබෙන ගෑස් වලින් ද විදුලිය නිපදවා ගත හැකිය. එසේ ගෑස් නිපදවා ගත හැකි වුවහොත් ඉතාමත් ලාභදායී බලශක්ති ප්රභේදයක් ලෙස එය ද භාවිත කළ හැකිය.
සූර්ය බල ශක්තිය තවත් විකල්ප බලශක්ති උත්පාදන ක්රමයකි. ලංකාව සමකය ආසන්නයේ පිහිටි රටක් බැවින් වැඩි කාලයක් සූර්ය තාපය පවතින වියලි කාලගුණයක් ඇති ලංකාව වැනි රටකට සූර්ය තාපයෙන් උපරිම ප්රයෝජනයක් ගත හැකිය. සූර්ය තාපයෙන් විදුලිය උත්පාදනය කරන විදුලි උත්පාදන ක්රමයක් වූ සූර්ය බල ශක්ති තාක්ෂණය ශ්රී ලංකාව වැනි රටකට වඩා යෝග්ය විකල්ප බලශක්ති ක්රමයක් වෙයි.
ඇතැම් සීත හිම වැටෙන රටවල හිරු එළිය වැටෙන්නේ වසරේ එක් කාලයකදී පමණි. එහෙත් ලංකාව වසරේ වැඩි දවසක් හොඳ හිරු එලියකට හිමිකම් කියයි. රටේ අවශ්යතාවට සරිලන ආකාරයෙන් තාපය ගබඩා කරන්න ට අවශ්ය සූර්යකෝෂ සහ බැටරි නිපදවීමට හෝ මිලදී ගැනීම ට මුදල් ආයෝජනය කරන්න ට තරම් අප ට හැකියාවක් නැත. එමෙන්ම මිලදී ගන්න ට ජනතාව සතු හැකියාව ගැන ද අවධානය යොමුකළ යුතුය යන තර්කය අදාළ බලධාරීන් හා දේශපාලනඥයන් නගන පොදු තර්කයකි.
සාගර රළ මගින් ද විශාල ජවයක් ලබා ගත හැකි ය. එය රළේ වේගය හා උස මත රදා පවතී. මූලික පිරිවැය අධික වුව ද ලාභ දායී ක්රමය කි.