මොකක්ද මේ ‘‘රතු දත්ත පොත ’’ (2 කොටස)
(මෙය අන්තර් ජාලය අැසුරින් සැකසිණි.)
A .වර්ග කිලෝමීටර සියයක ප්‍රදේශයකට වඩා අඩු කොටසක දක්නට ලැබෙන ශාක හා සත්ත්ව විශේෂ මෙම වර්ගය ට අයත් වේ.මීට අමතරව චර්යා රටාවල පැහැදිලි වෙනසක් සහිත ශාක හා සත්ත්ව විශේෂ, වාර්තාගත චර්යා රටාවල හා පරිණත ගහනයේ පැහැදිලි අවගමනයක් සහිත ශාක හා සත්ත්ව විශේෂ , වාර්තාගත පැවැත්මේ හෝ සැරිසරන ප්‍රදේශවල හෝ ළදරු ගහනයේ හෝ පරිනත ගහනයේ හෝ පැහැදිලි උච්චාවචනයක් සහිත ශාක හා සත්ත්ව විශේෂ මෙම වර්ගය ට අයත් වේ .
B .ඉහත 1-3 ඇතුලත් ව වර්ග කිලෝමීටර දහයක ට අඩු ප්‍රදේශයක දක්නට ලැබෙන ශාක හා සත්ත්ව විශේෂ මෙම වර්ගය ට අයත් වේ .
C .ගහනය පරිණත ජීවීන් 250 ට අඩු හෝ පරම්පරා 3ක (වසර 10ක) සත්ව ගහනයෙන් පරිණත සත්ත්ව ගහනය 25% දක්වා අඩු වූ හෝ කිසිදු ගහනයක් තුල 50%ක පරිණත සත්ත්ව ගහනයක් වාර්තා නොවන හෝ උප සංගහන තුල 90%ක පරිණත සත්ත්ව ගහනය අඩු වීමක් දක්නට ලැබෙන ශාක හා සත්ත්ව විශේෂ මෙම වර්ගය ට අයත් වේ .
D .50කට අඩු පරිණත සත්ත්ව ගහනයක් සහිත ශාක හා සත්ත්ව විශේෂ මෙම වර්ගය ට අයත් වේ .
E .වඳ වී යාමේ සම්භාවිතාවය 50% දක්වා වර්ධනය වී අැති බව දක්නට ලැෙබන ශාක හා සත්ත්ව විශේෂ මෙම වර්ගය ට අයත් වේ .
2008-10 වාර්තා වලට අනුව රටවල් 17 ක ජීවී හා ශාක විශේෂ 15ක් වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ (CR) කාණ්ඩයට ඇතුලත් කරන ලදී.
වඳ වී යාමේ තර්ජනයට ලක්වීනොමැති නමුත් මුහුණ පෑමේ ඉහල අවදානමක් සහිත විශේෂ මෙය ට අයත්ය.
පරම්පරා 3ක හෝ වසර 10ක කාලයක් තුල ගහනයේ 50%ක අඩුවීමක් පැහැදිලිව දක්නට ලැබෙන ශාක හා සත්ත්ව විශේෂ , වාර්තාගත වන භුමි ප්‍රදේශය වර්ග කිලෝ මීටර් පන් දහස හෝ වර්ග කිලෝ මීටර් පන් සියය දක්වා අඩු වීමක් දක්වන ශාක හා සත්ත්ව විශේෂ , ගහනයේ ප්‍රමාණය 2500 කට අඩු පරිණත සත්ත්වයන්ගෙන් සමන්විත හෝ පරිණත සත්ත්ව ගහනයේ 20%ක අඩුවක් වසර 5ක හෝ පරම්පරා දෙකක් අතර දී දක්වන ශාක හා සත්ත්ව විශේෂ ,පරිණත සත්ත්වයන් ගණන 250ට අඩුවන ශාක හා සත්ත්ව විශේෂ හා ප්‍රමාණාත්මක සංගණන මගින් අවම වශයෙන් 20%ක වඳ වී යාමේ ප්‍රවනතාවයක්( වසර 20ක් තුල හෝ පාරම්පර 5ක් තුල ) දක්වන ශාක හා සත්ත්ව විශේෂ වඳ වී යාමේ ඉහල අවදානමක් ඇති වර්ගය ට අයත්වේ.
අාසියාතික අලියා, අප්‍රිකානු පෙන්ගුවින් , කොටියා , පර්සියානු දිවියා මේ සදහා උදාහරණවේ.
CE හෝ EN වර්ගීකරණයට අයත් නොවන නමුත් නුදුරු අනාගතයේදීමවඳවී යාමේ අනතුරට ලක් විය හැකි සත්ත්ව කාණ්ඩ මෙය ට ඇතුලත් කෙරේ.