ලංකාවට වහින වැස්ස
වර්ෂාව
වර්ෂාව යනු පොළොවෙන් වාෂ්ප වී ඉහළට යන ජලය ඝනීභවනය වී (ද්‍රව බිංඳු ලෙස) යළි පොළොවට පතිත වීමයි. මෙය ස්වභාවික ක්‍රියාවලියකි.
වර්ෂාපතනය
වර්ෂාපතනය යනු කිසියම් ප්‍රදේශයකට නිශ්චිත කාලයකදී ලැබෙන මැනගත හැකි වර්ෂා ජල ප්‍රමාණය යි.
වර්ෂාපතනය මනින ක්‍රම කිහිපයකි.
1)වර්ෂාපතන ප්‍රමාණය - යම් කාල නිශ්චිත සීමාවක් තුළ දී ලැබෙන වර්ෂාපතනයේ ප්‍රමාණය
2)වර්ෂාපතන ව්‍යාප්තිය - යම් නිශ්චිත කාල සීමාවක් තුළ දී ලැබෙන වර්ෂාපතනයේ පැතිරීම
3)වර්ෂාපතන තීව්‍රතාවය - එක් පැයක දී ලැබෙන වර්ෂාපතන ප්‍රමාණය
වර්ෂාපතනය මැනීම ට වර්ෂාමානය භාවිත කරයි. මෙය සරල වර්ෂාමානය හා ස්වයංක්‍රීය වර්ෂාමානය ලෙස කොටස් දෙකකි.
ලංකාවේ පිහිටි කලාපය හා ඊට බලපාන දේශගුණ වර්ග
ලංකාව දකුණු අාසියානු කලාපයේ පිහිටි රටකි. මෙම කලාපයේ ප්‍රධාන දේශගුණ වර්ග සතරකි.
1)නිවර්තන මෝසම් දේශගුණය - අධික වර්ෂාවක් ලැබේ.
2)නිවර්තන වියළි දේශගුණය - වර්ෂාවට වඩා වාෂ්පීකරණය වැඩි ය.
3)උණුසුම් සෞම්‍ය වැසි සහිත දේශගුණය - ග්‍රීස්ම ඍතුවේ වැසි ලැබේ.
4)තුන්ද්‍රා දේශගුණය - ශීතල අධික ය.
මින් ලංකාවට බලපානුයේ නිවර්තන මෝසම් දේශගුණය යි.
දකුණු අාසියානු කලාපයේ ප්‍රධාන දේශගුණ ඍතු
1)ශීත ඍතුව - දෙසැම්බර් සිට පෙබරවාරි
2)උෂ්ණ ඍතුව -මාර්තු සිට මැයි
3)වර්ෂා ඍතුව - ජුනි සිට දෙසැම්බර්
ලංකාව සමකාසන්නව පිහිටි රටකි. එනිසා උෂ්ණත්වය අධික ය. නමුත් සාගරික බලපෑම හා වර්ෂාපතනය නිසා එම බලපෑම අවම වේ.
ලැබෙන වර්ෂාවේ ප්‍රමාණය අනුව ලංකාවේ වර්ෂාපතන කලාප තුනකි
*තෙත් කලාපය
*අතරමැදි කලාපය
*වියළි කලාපය
ලංකාවට වර්ෂාව ලැබෙන ප්‍රධාන ක්‍රම
* මෝසම් වර්ෂාව
*සංවහන වර්ෂාව
*වා සුළි වර්ෂාව
මෝසම් වර්ෂාව
මෙහි දී මෝසම් වර්ෂාව නිරිත දිග මෝසම් වර්ෂාව හා ඊසාන දිග මෝසම් වර්ෂාව ලෙස කොටස් දෙකකි.
ඊසාන දිග මෝසම් වර්ෂාව මගින් ලංකාවට විශාල වර්ෂාපතනයක් ලැබේ.
ඊසාන දිග මෝසම් වර්ෂාව
ඊසාන දිග මෝසම් වර්ෂාව ඊසාන දිග මෝසම් සුළං නිසා අැතිවේ. ඊසාන දිගින් රටට අැතුළු වී උතුරු ,නැගෙනහිර ,උතුරු මැද අාදී විශාල
ප්‍රදේශයකට වර්ෂාව ලබා දෙන ඊසාන දිග මෝසම් සුළං දෙසැම්බර් පෙබරවාරි අතර කාලසීමාවේ පවතී.
නිරිත දිග මෝසම් වර්ෂාව
නිරිත දිග මෝසම් වර්ෂාව නිරිත දිග මෝසම් සුළං නිසා අැතිවේ. නිරිත දිගින් රටට අැතුළු වී නිරිත දිග ප්‍රදේශයට හා මධ්‍යම කඳුකරයට වර්ෂාව
ලබා දෙන නිරිත දිග මෝසම් සුළං මැයි සැප්තැම්බර් අතර කාලසීමාවේ පවතී.
සංවහන වර්ෂාව
දිවා කාලයේදී සූර්ය තාපය නිසා මුහුදු ජලය හා ගොඩබිම රත්වේ. නමුත් ගොඩබිම විශිෂ්ට තාප ධාරිතාවට වඩා මුහුදු ජලයේ විශිෂ්ට තාප ධාරිතාව වැඩි ය.
එනිසා ගොඩබිම සාගරය ට වඩා ඉක්මනින් රත්වේ. එනිසා ගොඩබිම අාසන්න වායු ස්ථර රත් වී ඉහළ යයි. මෙහි දී අැතිවන පීඩන වෙනස පිරවීමට මුහුදින් ගොඩබිමට සුළං හමයි. මෙය සංවහන වායු ධාරා නම් වේ. මෙම සංවහන වායු ධාරා නිසා ගිගිරුම් සහිත වර්ෂාවක් සවස් කාලයේ දී හටගනී. මෙම ක්‍රියාවලිය අන්තර්මෝසම ලෙස ද හඳුන්වයි. මාර්තු - අප්‍රේල් හා සැප්තැම්බර් - ඔක්තොම්බර් අතර කාලසීමාවේ අැතිවේ.
වා සුළි වර්ෂාව
උෂ්ණත්ව වෙනස්වීම් මත සාගරයේ පීඩන අවපාත අැති වේ. අැතැම්විට මෙම පීඩන අවපාත වා සුළි දක්වා වර්ධනය වේ. ඔක්තොම්බර් නොවැම්බර් අතර
කාලයේදී ලංකාවට වා සුළි වර්ෂාව ලැබේ.
මේ අනුව බලන විට ලංකාවට වර්ෂය පුරාම වර්ෂාව ලැබේ.