කේ.එම්.බලිවාලා නමැත්තාගේ ප්රධානත්වයෙන් ක්රි.ව.1900 දී බොම්බායේ සිට ලංකාවට පැමිණි එල්පින්ස්ටන් කොම්පැණි නම් සංචාරක නාට්ය සමාගම මගින් කොළඹ ප්රධාන නගර කීපයක නෘත්ය පෙන්වීම ආරම්භ කිරීම ලංකාවේ නෘත්ය යුගයේ මූලාරම්භය ලෙස සැලකේ. මේ නාට්ය ක්රමයේ ආභාෂය සිංහල කලා කරුවන් නාට්ය නිශ්පාදනය ආරම්භ කල අතර එහි මුල් ප්රයත්නය සී.දොන්.බස්තියන් ශුරීන්ගේ රොලීනා නම් නෘත්ය විය. මෙය බටහිර සාහිත්යයෙන් උපුටා ගන්නා ලද කතාවකි. නියම නෘත්ය ස්වරූපයෙන් 1885දී සකස් කල ප්රථම නාට්ය රෝමියෝ ජුලියට් නම් විය. පසු කලෙකදී සිංහභාහූ, ස්වර්ණතිලකා, ඇලඩින් සහ පුදුම පහන, අලිබබා, බැඩොරා ආදී රචනා විණි.
ලංකාවේ නෘත්ය යුගයේ මූලාරම්භය මෙයට වසර 150ට පමණ ඈතකට විහිදේ. මීළඟ නෘත්ය නිශ්පාදනයෙහිලා පුරෝගාමී වූවන් ගෙන් මුල් තැන ගන්නා දෙදෙනකි. නීතිඥ ජොන් ද සිල්වා සහ නීති චාල්ස් ඩයස් ශුරීන් මුල් අවදියේ සිංහල රචනයක් නිශ්පාදනය කල නෘත්යයන්හී සංගීතය නිර්මාණය කිරීම සඳහා අවශ්ය සංගීතඥයන් කිහිප දෙනකු ගේ නම් මෙසේය.
1.විශ්වනාත් ලව්ජි
2.අබ්දුල් සතාර්
3.ජටා ශංකර්
4.සදාලාල්
ආරම්භයේ මෙම නෘත්ය පෙන්වන ලද ශාලා අතර මරදානේ "පුෂ්ප ශාලාව" සහ "ටවර් හෝල්" නෘත්ය ශාලාව 1911 දී ආරම්භ විය.කල් යාමේදී නෘත්ය නිශ්පාදනය සදහා විවිධ සංවිධාන ඇති විය. පහත දැක්වෙනුුුුුුුුුුයේ ඒ අතරිිිිින් කීපයකි.
1.සීමා සහිත සිංහල නාට්ය සමාගම
2.ආර්යය සිංහල නාට්ය සභාව
3.විපුල ජන රංග සභාව
නෘත්ය ගී තනු භාරතීය සංගීතය ආභාශ කොට ගෙන සැකසුනි. භාරතීය සංගීතය (හින්දුස්ථානී සංගීතය) ලක්දිව ප්රචාරයට පත්වීමට මෙම නෘත්ය නාටක හා නෘත්ය ගී මහෝපකාරී විය. මෙමගින් සිංහලයන් උතුරු ඉන්දීය සංගීතය ඉගෙන ගැනීමේ පෙළඹවීමක් ඇති විය. නෘත්ය ගී සඳහා ප්රධාන වශයෙන් සහය කර ගන්නා ලද සංගීතය භාණ්ඩ වශයෙන් ස්ර්පිනාව හෙවත් හාර්මෝනියම්, වයලීන, තබ්ලා, ඩොලක්, හැදින්විය හැක.නාඩගම් ගීත වල විශේෂ කොටසක් වූ "උරුට්ටුව"වෙනුවට නෘත්ය ගීත වල අඩංගු විශේෂ කොටසක් ලෙස සැලකිය හැක්කේ ඇදී යන ස්වරූපයෙන් තාල විරහිතව ගැයෙන දොහොරා නම් කොටසයි. සෑම නෘත්ය ගීතයකම දොහොරා යන කොටස ඇතුළත් යැයි මෙයින් අදහස් නෙවෙයි.
*පැරණි නෘත්ය කීපයක්
1.නීතිඥ ජොන් ද සිල්වාගේ
දුටුගැමුණු, සිරිසඟබෝ, උත්තර රාම චරිතය, ශ්රී වික්රම, වෙස්සන්තර, දේවානම් පියතිස්ස, රත්නාවලිය
2.නීතිඥ චාල්ස් ඩයස්ගගේ
පත්මාවතී, විදුර, සිවම්මා දනපාල, පන්ඩුකාභය, හේමමාලී, භූරිදත්ත, ඔතෙලෝ, ශ්රී වික්රම රාජසිංහ
ශ්රී වික්රම නාට්යයේ එන ගීතයක්
අප ගුණ සරු සිංහල භූපති
වාසනා පිං ඇති
දැනුමැති වචනැති යහපති නරපති
ගුණසරු සිංහල භූපති
ජනිතව තුංග ඒ අණ්ඩර වංශේ
පිරිසිදු වීය ලකේ
සුන්දර සරසවි මුවසර සරසර
සිරිලිය පුළුලු රැකී
සැම දේශා ප්රදේශා ස්වදේශා විදේශා විශේෂා
කීර්තියක් ඇති
*නුර්ති නාට්යයන් හී විශේෂ ලක්ෂන
1.නූර්තියේ නියමිත කතා ශරීරයක් පැහැදිලිව ඇත.
2.බටහිර සාහිත්යයේ පරිවර්තන මෙන්ම රජවරුන් හා බැඳි කතා රචනා වී ඇත.
3.අංග සම්පූර්ණ වේදිකාවක් මත රඟ දැක්වීම.
4.විචිත්ර ඇඳුම් පැලඳුම්, වේදිකා සැරසිලි හා ජවනිකා වලට අවශ්ය පසුබිම් තිර සකස් කර තිබීම.
5.විවිධ ජවනිකා (අහසින් යාම, ගිනිකඳු පිපිරවීම) ආදියේදී යන්ත්රානුසාරයෙන් ක්රියාත්මක කර පෙන්වීම.
6.මුල් යුගයේදී හින්දු ගී තනු අනුවද පසුව හින්දුස්ථානී සංගීතයේ රාග තාල නිර්මාණය කිරීම.
7.ඉන්දීයානු සංස්කෘත නාට්ය ආභාෂය තිබීම.
*වාල්මිකීගේ රාමායණය
*නවභූතිගේ උත්තර රාම චරිතය
*කාලිදාසගේ මේඝදූතය
*හර්ෂ දේව්ගේ රත්නාවලිය සඳහන් කල හැක.