- කතාකරන ECON - බැඳුම්කර -
"බැඳුම්කර"..... මේ වචනෙ නම් අනත්තවත් අහලා ඇති නේද ? ඒත් හරියට ම දන්නේ නෑ නේද බැඳුම්කර කියන්නේ මොනාද , මොකද්ද ඒවයෙන් කරන්නෙ කියලා...
හ්ම්ම්..හරි වැඩිකතා නැතුව ඒ ගැන පැහැදිලි කරගමුකෝ එහෙනම්.
රජය විසින් හැම අවුරුද්දකම අයවැය වාර්තා හදනවානේ.අන්න ඒ අයවැය වාර්තා බලලා ආදයමට වැඩිය වියදම වැඩිනම් ,ණය ලබා ගන්න ඕන කියලා තීරණය කරලා ,ගන්න ඕන ණය ප්‍රමාණයත් ඇස්තමේන්තු කරනවා..
දැන් එහෙම තීරණය කරන ණය අදාළ වෙන්නේ වර්ෂයකට,ඉතින් මාසෙකට හරියන ණය කොටස හොයන්න අර මුළු ගාන 12 න් බෙදනවා.
ඉන්නකෝ මං ගානක් ඇසුරෙන්ම කියලා දෙන්න.
රජයේ ආදායම රු.බිලි.3400
රජයේ වියදම රු.බිලි.4600
කියලා හිතමුකෝ.
දැන් පේනවා නේද ,
වියදම > ආදයම කියලා.
එහෙනම්,
ගන්න ඕන ණය = වියදම - ආදායම
= 4600-3400 = 1200
මාසික ණය කොටස = 1200 ÷ 12 = 100
අන්න දැන් ,මහ භාණ්ඩාගාරයෙන් මහ බැංකුවට කියනවා මාසෙකට බිලියන 100 ගානේ ණය හොයලා දෙන්න කියලා.
දැන්,මෙතනදි මහබැංකුවට ණය හොයාගන්න විකල්ප ක්‍රම කිහිපයක් තියෙනවා.
ම්ම්..අපි හිතමුකෝ රට ඇතුළෙන් ණය ගන්න තීරණය කරා කියලා.
ඊටපස්සේ මහබැංකුව අර බිලියන 100 ක වටිනාකමට හරියන්න නිත්‍යානුකූල ලියවිලි අච්චු ගහනවා.
අන්න ඒවට තමයි කියන්නේ බැඳුම්කර කියලා.
හරි දැන් එහෙනම් දැනගත්තනේ බැඳුම්කර කියන්නෙ මොනාද කියලා.ඉතුරු ටිකත් කියවන්නකෝ එහෙනම්.
ඔන්න දැන් මහබැංකුව අර ලියවිලි ටික විකුණන්නයි යන්නේ.ඒවා හැමෝටම විකුණන්නෙත් නෑ.ධනවත්තු ටිකකට තමයි ඒ ටික විකුණන්න බලන්නේ.
අන්න ඒ කට්ටියට කියන්නේ ප්‍රාථමික වෙළෙන්දෝ කියලා.
බැඳුම්කර කියලා කිව්ව ගමන් මතක් වෙන්නේ බැඳුම්කර වංචාව ගැන නේද ?
කුතුහලයක් ඉතිරි කරන් නැතුව මං ඒ ගැනත් කියලා දෙන්නම්කෝ..
සරලව හිතමුකෝ දැන් ප්‍රාථමික වෙළෙන්දෝ දෙන්නයි ඉන්නේ කියලා.මහබැංකුව කියනවා දැන් බිලියන 100 ක බැඳුම්කර තියෙනෙවා,ගන්න කැමති අය පොලී අනුපාත් ඉදිරිපත් කරන්න කියලා.
ඔන්න
A ප්‍රා.වෙළෙන්දා කියනවා. බිලියන 100 ක බැඳුම්කර ගන්න කැමතියි 10% පොලියකට කියලා. (මෙතනදි යා අයෝජනය මගින් බිලි.10 ක ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා)
B ප්‍රා.වෙළෙන්දා කියනවාබිලියන 100 ක බැඳුම්කර ගන්න කැමතියි 8% පොලියකට කියලා.(මෙතනදි යා අයෝජනය මගින් බිලි.8 ක ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා)
මහ බැංකුවත් කැමති ,නැවත පියවීමට වෙන වියදම අඩුකරගන්නනේ.,ඉතිං එයාලා 8% ක පොලියට බැඳුම්කර ටික විකුණනවා .එතකොට වියදම බිලි.8 ක් විතරනේ.
වංචාව වෙන්නේ මෙන්න මෙහෙමයි,
10% පොලියට බැඳුම්කර ඉල්ලපු කෙනා,8% පොලියට ඉල්ලපු කෙනාට කියනවා ,ඔයා මේකට මැදිහත් වෙන්න යන්න එපා.මම ඔයාට ඒකට හරියන්න ගානක් ගෙවන්නම් කියලා.ඉතිං එයා ආවෙ නැත්තම් මහබැංකුවට සිද්ධ වෙනවා 10% පොලියට ඒ කියන්නේ වැඩි වියදමක් යටතේ ඒ ටික විකුණන්න .
මෙතනදි බැඳුම්කර හිමියාට රු.බිලි 10 ක් පොලී හම්බෙනවා නේ.අනිත් කෙනා නැති නිසා බිලි.2 ක අතිරේක පොලියකුත් හම්බෙනවා.ඉතිං එතනින් බාගයක් ඒ කියන්නේ සම්පූර්ණයෙන් බිලියනයක මුදලක් අල්ලසක් විදිහට අනිත් ඉදිරිපත් නොවූ ප්‍රා.වෙළෙන්දාට දුන්නත් බැඳුම්කර හිමි ප්‍රාථමික වෙළෙන්දාට ලාබයි.
හ්ම්ම්.. ඉතිං ඔන්න ඔය විදිහට තමා බැඳුම්කර වංචාව උනා කියන්නේ.
වැඩි පොලී ගෙවලා ණය ගන්න එක රජයට පාඩුයි. ණය බර තවත් වැඩිවෙන එක විතරයි වෙන්නේ.මෙතනදි තැලෙන්නේ පෙලෙන්නේ,බදු ගෙවන අපේම මිනිස්සුනේ, ඒකට බදු වැඩිකරලා මහජනතාවගෙන් වැඩි මුදලක් ගන්න වෙනවනෙ .
අන්න ඒ නිසයි ඒක වංචාවක් වෙන්නේ.තව මුදල් අවභාවිතා වෙනවත් එක්කනේ.
******
හරිනේ එහෙනම්.ඔන්න A to Z බැඳුම්කර ගැනත්,බැඳුම්කර වංචාව ගැනත් කියලා දුන්නා.අඩු පාඩු එහෙම තියනවත් ඇති.දෝෂ ඇත්නම් සමාවන්න.
ආ.....
අදහස්,යෝජනා (ඉදිරියට පැහැදිලි කරන්න ඕන කොටස්) එහෙම තියෙනවනම් දන්වන්න
සැකසුම : නෙත්මි හසාරා
©All rights reserved 2019