ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන රෝපණ ද්‍රව්‍ය වර්ග (Exporting plant materials from Sri Lanka)
හැදින්වීම
ආයතනික විස්තර
අමතර තොරතුරු
හැදින්වීම
රෝපණ ද්‍රව්‍ය යනු, රෝපණය කිරීම සදහා යොදා ගන්නා ශාක හා ශාක කොටසක් රෝපණ ද්‍රව්‍ය ලෙස හැදින්වේ.
උදා :-
ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන රෝපණ ද්‍රව්‍ය වර්ග
මේවා විදේශීය රටවල පවතින ඉල්ලුම සහ අවශ්‍යතාවය අනුව අපනයනය කරයි. එය පහත පරිදි වර්ගීකරණය කල හැක.
උදා :- ඉගුරු - බල්බ
උදා :-
a.Livistonarotundifolia - පැළෑටි ආකාරයෙන් අපනයනය කරයි.
b.polyscias guilfoylei - අතු කැබලි මුල් අද්දවා අපනයනය කරයි.
c.Miscanthus - China Grass - පැළෑටි ආකාරයෙන් අපනයනය කරයි.
d.බොන්සායි ශාක වර්ග
e.ජලාශ්‍රිත පැළෑටි
Cryptocoryne
Echinodorous
Anubias
උදා :- කරද මුංගු, ගම්මිරිස්, කරපිංචා, සාදික්කා
උදා :-
b. aglaonema plant
c. Scindapsus aureus
d. Pleomele song of india
5) ආහාරමය ශාක
උදා :- එළවළු පැළ වර්ග, සලාද වර්ග
උදා :- රෝස, කානේෂන්, ඕකිඩ්, ඇන්තූරියම්, ලිලී, ගාඩිනියා
උදා :- කෙසෙල්, ඇන්තූරියම්
ශ්‍රී ලංකාවෙන් මීට අමතරව රෝපණ ද්‍රව්‍ය ලෙස බීජ මගින් ද අපනයනය කරයි.
පුවක් බීජ
මීට අමතරව යම් යම් අනුමත එළවළු පැල වර්ග ද රෝපණ ද්‍රව්‍ය ලෙස අපනයනය කරයි.
ශ්‍රී ලංකාවේ පවතින ආයතන වර්ග (රෝපණ ද්‍රව්‍ය අපනයනය සදහා)
ශ්‍රී ලංකාවෙන් ඕනෑම ද්‍රව්‍යයක් අපනයනය කිරීම සදහාද ආනයනය කිරීම සම්බන්ධවද ප්‍රධාන වශයෙන් සෘජුවම සම්බන්ධ වී පවතින ආයතන පවතී.
මේවා අතුරින් ද පැළෑටි වර්ග අපනයනය සහ ආනයනය සම්බන්ධව කටයුතු කරන ආයතන වෙනමම පවතී.
රාජ්‍ය ආයතන :-
කිසියම් පුද්ගලයෙකුට ඕනෑම රෝපණ ද්‍රව්‍යයක් ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නම් ඉහත සදහන් ආයතන වලින් අනුමැතිය ලබා ගත යුතුය.
මෙම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ රෝපණ ද්‍රව්‍ය බිහි කිරීම සදහා පැළ තවාන් කිහිපයක්ම ඊට තුල ස්ථාපිත රට තුළ ස්ථාපිත කර ඇත.
උදා :-
අපනයන සංවර්ධන මණ්ඩලය මගින් ලංකාව තුළ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් එකතු කර ගනිමින් රෝපණ ද්‍රව්‍ය අපනයනය කිරීමටත් ආනයනය කරවා ගැනීමටත් කටයුතු සම්පාදනය කරයි.
රාජ්‍ය ආයතන :-
නීති අනපනත් (ශාක නිරෝධායන පනත)
එක් රටකින් තවත් රටකට ශාකයක් හෝ ශාකමය කොටසක් ආනයනය කිරීම හෝ අපනයන කිරීම සඳහා පනවා ඇති නීති රීති මාලාව ශාක නිරෝධයය නම් වේ. මෙහිදී එක් ආක්‍රමණශීලි හෝ රෝග සහිත හෝ ශාක වර්ග එක් රටකින් තවත් රටකට ඇතුළුවීම වැලැක්වීම සිදු කරයි.
මේ අනුව ශ්‍රී ලංකාව තුල ශාකයක් හි ශාකමය කොටසක් අනයයන සහ අපනය කරන්නෙක් 1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනතේ විධි විධානයන්ට අනුව ක්‍රියා කල යුතුය. මේ පිළිබඳව සිදු කෙරෙන ක්‍රියාවලිය ශාක නිරෝධායනය නම් වේ.
ශ්‍රී ලංකාව තුල මෙම නිරෝධායන ඒකක කිහිපයක් විවිධ ස්ථාන වල ස්ථාපිත කර ඇත.
කිසියම් පුද්ගලයෙකුට ශාකයක් හෝ ශාකමය ද්‍රව්‍යක් ආනයනය හෝ අපනයනය කිරීමට අවශ්‍ය නම් පහත පරිදි කටයුතු කල යුතුය.
කෙසේ වුවද මේවා සම්පුර්ණ කිරීමත් සමගම එම ආයතන මගින් එම ශාක සඳහා රෝග පවතීද නැද්ද හෝ ඒවා ආක්‍රමණශීලි හෝ වෙනත් අන්තරායකර ශාකද ආදී වශයෙන් පරික්ෂා කිරීමෙන් අනතුරුව එම පරීක්ෂාවන් සමත්වන්නේ නම් අපනයයට ඉඩ දෙනු ලැබේ. (මල් සහ පත්‍රීය ශාක අපනයන කර්මාන්තයේදී නම් සමහර අවස්තාවලදී ඒ ඒ රටවල පවතින නීති රෙගුලාසි සහ ඉල්ලීම මත මෙම ශාක වර්ග ධුමකරණයට ලක් කෙරේ.)
ශාක නිරෝධායන සේවාව නිසා සැලසෙන වාසි:-
උදා: වල්ලපට්ටා , සුදු හඳුන්, කොතල හිඹටු
ශාකයක් හෝ ශාකමය ද්‍රවයක් අපනයනය කිරීමේදී අනුගමනය කල යුතු නීති රීතිද මෙම පනතට අදාළ වන නිසා ඒවා මොනවාදැයි සලකා බලමු.
යනාදී කාරණා වේ.
බීජ පනත
මෙම ශාක නිරෝධායනයට අමතරව බිජ සහ ශාක රෝපණ ද්‍රව්‍ය ආනයනය, අපනයන සහ බෙදා හැරීම සම්බන්ධව පවතින පනත බිජ පනත නම් වේ. මෙය දැනට ක්‍රියාත්මකය. මෙම පනත : 2003 අංක 22 නම් වේ.
වෙළදපොළ ස්වභාවය (රෝපණ ද්‍රව්‍ය සදහා අපනයන වෙළදපොළ තත්තවය )
ශ්‍රී ලංකාවේ පවතින යහපත් දේශගුණික තත්ත්වය, සාරවත් පොළවත් පැවතීම, එකිනෙකට වෙනස් ලක්ෂණ වලින් යුතු දේශගුණික කලාප පැවතීමත් හා ඉහළ ජෛව විවිධත්වයන් නිසා ශ්‍රී ලංකාවෙන් උසස් ගුණාත්මයෙන් යුත් ශාක සහ රෝපණ ද්‍රව්‍ය බිහි වීමට හේතු වේ.
එසේම දූපතක් වශයෙන් පැවතීම නිසා බොහෝ විට ශාක ප්‍රභේද සමග සම්මිශ්‍රණය නොවුනු අපේම ප්‍රභේද පැවතීම පැවතීම අවට විදේශිය වෙළදපොළ තුළ ව්‍යාප්ත වීමට ඇති ශක්තියයි.
එලෙසම දේශීය වෙළදපොළ තුළත් ඉතා හොද ඉල්ලුමක් දිනෙන් දින වැඩි වීමට හේතු වේ.
වර්තමානයේ අපගේ වෙළදපොළ තුළ වැඩිම ඉල්ලුමක් පවතින රට වනුයේ නෙදර්ලන්තය යි. ඉන්පසු ඇති රට ජපානය යි. පහත දැක්වෙන ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ වර්ෂ 2006 සිට 2016 ඔක්තෝබර් මාසය දක්වා ශ්‍රී ලංකාවේ රෝපණ ද්‍රව්‍ය, කැපුම් මල් හා පත්‍ර අපනයනය කිරීමේ හා විදේශ රට වලින් මිලදී ගෙන ඇති ප්‍රවණතාවය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට අනුව පහත දැක්වේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට අනුව විදේශ රටවලින් මිලදී ගත් ප්‍රවණතා
වැඩිපුර යවන රෝපණ ද්‍රව්‍ය වර්ග
එසේම ශ්‍රී ලංකාවේ රෝපණ ද්‍රව්‍ය කැපුම් මල් හා පත්‍ර කර්මාන්තයේ අපනයන ක්ෂේත්‍රයේ අපනයනය සදහා වැඩිපුරම ඉල්ලුමක් පවතිනුයේ,
ශාක රෝපණ ද්‍රව්‍යයන් වන සජීවී ශාක (Live Plants) වලට ඉහළ ස්ථානයක් හිමි වී ඇති බව මෙයින් පැහැදිලි වේ.
රෝපණ ද්‍රව්‍ය වර්ග වැඩිපුර යවන ලද වර්ෂ
වර්ෂ 2006 සිට 2016 දක්වා කාපය තුළ ලබා ගත් දත්ත වලට අනුව ශ්‍රී ලංකාවෙන් රෝපණ ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් Floriculture අංග අපනයනය තුළ ඉහළ අගයක් ගෙන ඇත්තේ 2014 දීය. ඒ පිළිබදව එක්රැස් කරගත් දත්ත ඇතුළත් ප්‍රස්ථාරය පහතින් දක්වා ඇත.
කෙසේ වුවද ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයන අංගයන් එකට එක්ව ගත් කල කෘෂිකාර්මික රටක් වන අපේ රටින් වුවත් Floriculture අංශයේ දායකත්වය වන්නේ 0.16% ක් වන බව EDB වාර්ථා සනාථ කරයි.
අපනයනික රටවල් වලින් බලාපොරොත්තු වන ප්‍රමිතීන්
අනුමත ප්‍රමිතියක් නොමැති අතර අපනයනික රටින් පවසන ආකාරයට රෝපණ ද්‍රව්‍ය වල ප්‍රමිතිය සකස් කළ යුතුය.
Transport කරන ආයතන
මේ සදහා ආයතන විශාල ප්‍රමාණයක් ඇති අතර උදාහරණ කීපයක් පහත දැක්වේ.
ප්‍රවාහනය සිදු කරන ආකාරය හා ප්‍රවාහනයේ දී සැලකිලිමත් වන කරුණු
ප්‍රවාහන මාධ්‍ය ආකාර ක්‍රම 02ක් ඇත.එනම්,
- ගුවන් මගින් ප්‍රවාහනය කිරීමේ දී සිරස් අතට රෝපණ ද්‍රව්‍ය ඇසිරීම සිදු කර ප්‍රවාහනට සිදු කරයි.
- ගුවන් මගින් ප්‍රවාහනය සිදු කරන්නේ නම් ගුවන් තොටුපල වෙත ශාක රෝපණ ද්‍රව්‍ය අපනයනය සදහා යොමු කිරීම සිදු කරයි.
- මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය සිදු කිරීමේ දී තිරස් අතර ඇසිරීම සිදු කර ප්‍රවාහනය සිදු කරයි.
- මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනයේ දී අදාල රෝපණ ද්‍රව්‍ය වලට ආකෘතියක් සාදා නෙට් එකක් මගින් ආවරණය සිදු කර නැව් ගත කිරීම සිදු කරයි.
- නැව් මගින් ප්‍රවාහනය සිදු කරන්නේ නම්, ශාක නිරෝධායනය ඒකකය වෙත ශාක රෝපණ ද්‍රව්‍ය අපනයනය සදහා යොමු කිරීම සිදු කරයි.
අප රටින් තවමත් අපනයනය සිදු නොකරන අපනයනය සදහා හදුන්වාදිය හැකි ප්‍රභේද
හදුන්වා දිය හැකි ප්‍රභේද කිහිපයක් ඇති අතර ඒ සදහා උදාහරණ කීපයක් පහතින් දක්වා ඇත. එනම්,