ආතර් සී ක්ලාක් මහතා

ආතර් සී ක්ලාක් මහතා

ආතර් සී ක්ලාක් මහතා


 

     එංගලන්තයේ සමර් සෙට් ප්‍රාන්තයේ 1917 දෙසැම්බර් 16 වන දින ලෝ සුපතල විද්‍යාඥයෙකු වූ ආතර් සී ක්ලාක් මහතා උපත ලැබීය.උපන් ගම ආසන්නයේ පිහිටි හුයිෂස් හා ග්‍රැමර් ස්කූල් යන පාසල් වලින් මූලික අධ්‍යාපනය ලැබූ කුඩා ආතර් සී ක්ලාක්ට තම පාසල් අධ්‍යාපනය අතරමඟ නතර කිරීමට සිදුවිය.ඒ ඔහුගේ පියාගේ අභාවය හේතුවෙන් පැණ නැගුණු දැඩි ආර්ථික දුෂ්කරතා නිසාවෙනි.

පුවත් පත් සහ සඟරා ආදියට ලිපි ලිවීමට එහු කුඩාකල සිටම කැමැත්තක් දැක්වූයේය. “1945 වසරේ ඔක්තෝම්බර් මස රැහැන් රහිත ලෝකය”  නම් වූ ලෝ සුපතල පුවත් පතට ලිපියක් පළ කරමින් ආතර් සී ක්ලාක් මහතා ලෝක සන්නිවේදන ඉතිහාසයේ අමරණීය සන්ධිස්ථානයක් සනිටුහන් කමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය. එම ලිපියේ සඳහන් වූයේ පෘථිවියට කිලෝ මීටර් 22300 ක් ඉහළ අභ්‍යාවකාශයේ භූ ස්ථාවර කක්ෂයේ අංශක 120 ක පරතරයක් ඇතිව පැයට සැතපුම් 7000 ක වේගයකින් පෘථිවිය වටා භ්‍රමණය වන චන්ද්‍රිකා මධ්‍යස්ථාන තුනක් පිහිටුවීම තුලින් මුළු ලෝකයම ආවරණය වන පරිදි සන්නිවේදන ජාලයක් පිහිටුවිය හැකි බවයි. නමුත් එකල පැවති තාක්ෂණික දියුණුව හා සසඳන විට එය සිතා ගැනීමටවත් නොහැක්කක් විය.

ආතර් සී ක්ලාක් මහතා ලෝක ප්‍රසිද්ධ වීමට තවත් සාධකයක් වූයේ එතුමා අනාගතය ගැන හෙළිකළ අනාවැකි වේ.එකී කරුණ නිසා මෙතුමා “අනාගතය දුටු මිනිසා“ ,“අනාගතයේ ලොව සිදුවන විපර්යාස කලින් දුටු ඉසිවරයා“ යන නම් වලින්ද හැඳින්විණි.එතුමා පළකළ අනාවැකි කීපයක් පහත දැක්වේ.

01.2020 දී රහස් තොරතුරු හා බුද්ධිමය තොරතුරු සෙවීම සඳහා නිර්මාණය

කරනු ලබන කෘතීම බුද්ධිය මිනිස් බුද්ධි මට්ටමට ආසන්නවේ.ඒ අනුව    

පෘථිවියේ බුද්ධිමත් ජීවීන් කොටස් දෙකක් ඇතිවේ.

02.2036 දී දළ ජාතික නිෂ්පාදනය අනුව චීනය ඇමරිකාව අභිබවා ලොව

      විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ.

03.2045 දී සම්පූර්ණයෙන් ප්‍රතිචක්‍රීය කරණය කළහැකි තැන තැන ගෙනයන

      ජංගම නිවසක් නිර්මාණය කරයි.

04.2051 දී සඳ මතුපිට පෘෂ්ඨය කොටස් වලට බෙදා යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයක්

     සහිත ප්‍රෙද්ශ ඉදි කරයි.ඒ අනුව ඒ ප්‍රෙද්ශවල පදිංචි වන වැඩිහිටියන් සඳේ

     ගුරුත්වාකර්ශනය අඩු වීම හේතුකොටගෙන වැඩි කලක් ජීවත් වේ.

05.2095 දී රොකට් භාවිතය අවසන් වී මිනිසා ආලෝකයෙ ප්‍රෙව්ගයට

     ආසන්නව ගමන් කළ හැකි අභ්‍යාවකාශ යානා නිපදවයි.ඒ අනුව අභ්‍යාවකාශ

     මාර්ග බිහි වී පළමු මානව පර්යේෂක කණ්ඩායමක් ආසන්නයේ පවතින

    තාරකා පද්ධති වලට ගමන් කරයි.

06.වර්ෂ 2100 දී මිනිසා ග්‍රහලෝක හා තාරකා ගවේෂකයෙකු බවට පත් වේ.

 

මෙතුමාගේ සේවය අගය කරමින් සම්මාන රාශියක් මෙතුමාට හිමි විය.ඒවා අතුරින් “1962 යුනෙස්කෝව මගිනි පිරිනැමූ කාලිංග සම්මානය” ,“ 1973,1974,1979 යන වසරවල නොබියුලා සම්මානය”, “ 1979 දී ගැලැක්සි සම්මානය”, “ 1982 දී මාකෝනි සම්මානය ”, “ 1987 දී චාර්ල්ස් ඒ ලින්ඩ්බර්ග් සම්මානය” ,“1989 දී බ්‍රිතාන්‍ය රැජිණ සී.ඊ.බී.සම්මානය ” සහ “1986 දී ශ්‍රී ලංකා රජයේ විද්‍යාජෝති සම්මානය” ආදිය ඔහු දිනාගත් වැදගත් සම්මාන කීපයකි.

වර්ෂ 1959 දී මෙතුමා ශ්‍රී ලංකාව තම නිවහන කර ගත්තේය.වර්ෂ 1975 දී සම්මත කර ගන්නා ලද නීතියකට අනුව එතුමාට මෙරට ප්‍රථම සම්මාන නේවාසිකයා ලෙස ශ්‍රී ලංකාවේ විසීමට අවසර ලැබුණි.එතැන් පටන් එතුමා අප රටට කළ සේවාවද අගය කළ යුතුය.එතුමා 1979 වසරේ දී මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති වරයා වශයෙන් වර්ෂ 2002 දක්වා කටයුතු කළේය.එසේ ම රූපවාහිනී නිෂ්පාදන කීපයකට හවුල් වී රූපවාහිනී වැඩසටහන් මාලාවක්ද අති සාර්ථක ලෙස ගෙන ගියේය.

මෙතුමා 2008 මාර්තු මස 19 වැනි දින කොළඹ පෞද්ගලික රෝහළක දී අවසන් හුස්ම හෙලුවේය.මිය යන විට 90 වැනි වියේ පසුවූ මෙතුමා ගේ අවසන් කටයුතු චාම් ලෙස එතුමාගේ ඉල්ලීම පරිදි සිදු කළේය.නමුත් ආතර් සී ක්ලාක් නාමය සදා කල් අප හද තුල රැඳී පවතිනු නොඅනුමානය.


කතෘ : Charith Janaka
ලිපිය : සාමාන්‍ය ලිපි
කියවූ ගණන : 33,649
කැමති ගණන : 5




Hasaral Kumarage
හොදටම හොදයි
2023 02 22 04:49:55