මෙම ලිපියෙන් අවධානය යොමු වන්නේ ආර්ථික විද්‍යාව යනු කුමක්ද?, එහි වැදගත්කම , ආර්ථික විද්‍යාවේ ක්‍රමෙව්දය හා ස්වභාවික විද්‍යා හා සමාජයීය විද්‍යා අතර වෙනස පිළිබදවය.
ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවන්ගේ රැජිණ ලෙස හදුන්වයි.ආර්ථික විද්‍යාවෙන් නිරුපනය කරනුයේ සීමා සහිත සම්පත් ප්‍රමාණයක් පවතින සමාජයක් තුල මිනිසාගේ භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කිරීමේ දී නිෂ්පාදනය, බෙදා හැරීම හා පරිභෝජනය කිරීම යන ක්ෂේත්රයන්ගේ මිනිස් හැසිරීම අධ්‍යනය කිරීමයි.වෙනත් වචනයකින් පැවසුවහොත් ආර්ථික විද්‍යාව යනු විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් තම තරගකාරී අසීමිත මිනිස් උවමනා අතර ප්‍රමුඛතා පදනමක් මත ප්රශස්ත ලෙස බෙදා වෙන් කරන්නේ කෙසේද යන්න අධ්‍යනය කරන විෂයක් ලෙසයි.ආර්ථික විද්‍යාව ශිල්ප ශාස්ත්‍රයන් අතරින් පැරණිම විද්‍යාව ද නවීන විද්‍යාවන් අතරින් නවීන විද්‍යාව ද වේ.
පැරණි ආර්ථික විද්‍යා නිර්වචන -
“ ආර්ථික විද්‍යාව යනු ධනය පිළිබද හැදෑරීමයි. ” - ඇඩම්ස් ස්මිත් ( ජාතීන්ගේ ධනය ග්‍රන්ථය ඇසුරින් )
“ ආර්ථික විද්‍යාව යනු එදිනෙදා ව්‍යාපාරික ජීවිතයේදී මිනිසුන් කටයුතු කරන ආකාරය හදාරන විද්‍යාවකි. ” - ඇල්ෆඩ් මාර්ෂල් ( ආර්ථික විද්‍යා මූල ධර්ම ග්‍රන්ථය ඇසුරින් )
“ ආර්ථික විද්‍යාව යනු විකල්ප භාවිත සහිත හිග සම්පත් හා මිනිස් උවමනා අතර පවතින සම්බන්ධතාවයේ දී මිනිස් හැසිරීම් අධ්‍යනය කරන විෂයකි. ” - ලයනල් රොබින්සන් ( ආර්ථික විද්‍යාවේ ස්වභාවය හා වැදගත්කම ග්‍රන්ථය ඇසුරින් )
“ ආර්ථික විද්‍යාව යනු සමාජය විසින් ඵලදායි භාණ්ඩ නිෂ්පාදනය කිරීම සදහා හිග සම්පත් භාවිතා කරනු ලබන්නේ කෙසේද, එලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ පුද්ගලයින් අතර බෙදා හරිනු ලබන්නේ කෙසේද යන්න අධ්‍යනය කරනු ලබන විෂයකි. ” - පෝල් සමුවෙල්සන් ( ලෝ පතල ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථය ඇසුරින් )
“ ආර්ථික විද්‍යාව යනු කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් හෝ නොව නිවැරදි නිගමනයක් කරා එල්ඹීමට මනසට ආධාරකයක් සපයන මෙවලමක් කට්ටලයකි.
ඉහත නිර්වචන වලින් අපට පෙනී යනුයේ ආර්ථික විද්‍යාවට කිසියම් නිශ්චිත නිර්වචනයක් නොමැති බවයි.මන්ද නිශ්චිත නිර්වචනයක් සැපයිය හැක්කේ වෙනස් නොවන විෂයක් සදහා පමණි.නමුදු ආර්ථික විද්‍යාව දිනෙන් දින අලුත් වෙමින් පවතී.එම නිසා වර්තමානය වන විට ආර්ථික විද්‍යාව සදහා නිර්වචන සැපයීම නවතා දමා තිබේ.වර්තමානය වන විට ආර්ථික විද්‍යාව වශයෙන් සලකනුයේ ආර්ථික විද්වතුන් විසින් කරනු කියනු ලබන දෑ පමණකි.
ආර්ථික විද්‍යාව හැදෑරීමේ වැදගත්කම
1.බුද්ධිමත් ඡන්ද දායකයෙකු වීම
2.සමාජය තේරුම් ගැනීමට හැකි වීම
3.අල්ලස, මත්ද්‍රව්‍ය වැනි ප්‍රශ්න කෙරෙහි විසදුම් සොයා ගැනීමට හැකි වීම
4.ආර්ථික චින්තය පහල වීම
5.තාර්කිකව සිතීමේ හැකියාව ඇති වීම
ආර්ථික විද්‍යාව සමාජයීය විද්‍යාවකි.ස්වභාවික විද්‍යා හා සමාජයීය විද්‍යා අතර ඇති වෙනස
ස්වභාවික විද්‍යා - මූල ද්‍රව්‍යන්ගේ හැසිරීම අධ්‍යනය කරයි
සමාජයීය විද්‍යා - මිනිස් සමාජයේ පුද්ගලයන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වය පරික්ෂා කරයි
ස්වභාවික විද්‍යා - පාලනය කරනු ලබන තත්ත්ව යටතේ කරුණු හදාරයි
සමාජයීය විද්‍යා - පාලනය කරනු ලබන තත්ත්ව යටතේ කරුණු හැදෑරිය නොහැකිය
ස්වභාවික විද්‍යා - දෘෂ්ටිගෝචර ලෝකය පමණක් හදාරයි
සමාජයීය විද්‍යා - දෘෂ්ටිගෝචර මෙන්ම මනඃකල්පිත ලෝකය ද හදාරයි
ආර්ථික විද්‍යාවේ ක්‍රමවේද දෙකකි.එනම්,
1.යතානුරුපි ප්‍රකාශන
2.අභිමතානුරුපි ප්‍රකාශන
යතානුරුපි ප්‍රකාශන - කුමක් වුයේද ? කුමක්ද ? කුමක් වනු ඇත්ද ?
අභිමතානුරුපි ප්‍රකාශන - කුමක් විය යුතුද ?
යතානුරුපි ප්‍රකාශන - විෂයානුබද්ධ වේ.
අභිමතානුරුපි ප්‍රකාශන - විෂයානුබද්ධ නොවේ.පුද්ගලානුබද්ධ වේ.
යතානුරුපි ප්‍රකාශන - පරික්ෂාවට භාජනය කල හැකිය
අභිමතානුරුපි ප්‍රකාශන - පරික්ෂාවට භාජනය කල නොහැකිය
මෙම ලිපිය විඩියෝ දසුන් සහිතව මෙතනින් නරඔන්න
උසස් පෙළ
ආර්ථික විද්‍යාව
(සිද්ධාන්ත/පුනරීක්ෂණ)
තනි හෝ කණ්ඩායම් පන්ති
071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි)
(විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි)