භරත නාට්යයේ දේව දාසී සංකල්පය
භරත නාට්ය සම්ප්රදාය ප්රබල ලෙස හින්දු ආගමික සම්බන්දතාවක් මත ප්රබවය ලැබූ නර්තන අංගයක් බව දැක්වීමට මනා පිටුවහලක් වන්නේ දේවදාසී සංකල්පයයි. දේවාල වල දෙවියන් වෙනුවෙන් ඇප කැප වී සිටි කාන්තාවන් “දේවදාසීන්” ලෙස ඉතා කෙටියෙන් හදුන්වාදිය හැකි ය. ආන්ද්රා දේශයෙන් තන්ජෝරයට පැමිණි මෙම නර්තන සම්ප්රදාය මුල් යුගයේ දේවාල වල සිටි දේවදාසීන් විසින් දෙවියන් පිදීම සදහා ඉදිරිපත් කොට ඇත. එබැවින් මෙම නැටුම් “දසිඅට්ටම්” යනුවෙන් මුල් කාලයේ හදුන්වා ඇත. කෝවිල තුලින් මෙසේ බිහි වූ දේවදාසී සංකල්පය ඉන් පරිබාහිරව සෙසු සමාජ උත්සව වලදී ද පසුව මුළු භාරතය පුරා ම පැතිර ගියේ ය. කාන්තාවන් විෂයෙහි වූ භරත නාට්යයම් ආරම්භයේහි රගමඩලට නැංවුයේ චාරිත්ර අනුගමනය කලේ දෙවියන්ට සේවය සදහා පැමිණෙන මොවුන් ශුද්ධ වූ වස්තූන් ලෙස සැලකු හෙයිනි.දෙවියන්ට පෙරහරේ චාමර සැලීම, පහන ගෙන යාම මොවුන්ගේ ප්රදාන කාර්යය වුයේ ය. මෙසේ යද්දී යාගයෙන් හා නර්තනයෙන් දෙවියන් හා ප්රේක්ෂකයින් සතුටු කොට ඔවුන් භක්තියෙන් කුල්මත් කොට මෝක්ෂයට මග පෙන්නනුවෝ ද මෙම දේව දාසීන් ය. මෙම ක්රියාවලින් හින්දු කෝවිල් වල යෙදෙන ක්රියාවලියක් වන අතර මෙය දෛනිකක්රියාවලියක්වන දේවදාසී වෘත්තියයි. එවන් දේවදාසීන් 7 වර්ගයක් ඉන්දියාවේ වාසය කළ බව කියවේ.
තාන්ජෝර් ප්රදේශය මෙකී දාසී අට්ටම් ගැන විශේෂ ප්රසිද්ධියක් ඉසිලූ ප්රදේශයකි. ඒවාගේ ම සුවිශේෂී පුජනීය දේවස්ථාන රැසකට හිමිකම් කියූ ප්රදේශයකි. තාන්ජෝරයේ පිහිටි එවැනි දේවාල වල දේවදාසීන් 500 ක් පමණ එකවර නර්තනය කළ අතර චෝළ, පාන්ඩ්ය ආදී රජවරු මොවුන්ගේ නඩත්තු කටයුතු බාරව ක්රයාකර ඇති බව ඉතිහාස පොත පතෙහි සදහන් වේ. තව ද තාන්ජෝරයේ දාසී අට්ටම් සදහා ප්රවීන ගුරු පරපුරක් සිටි බව ද සදහන් වේ. ඔවුන් පණ්ඩනාලුර් පෙළපතට අයත් වුවන් ය. මෙම ගුරුවරු නට්ටුවානර් නමින් හදුන්වා ඇති අතර එවකට මොවුන්ගේ කාර්යය වී ඇත්තේ දේවදාසීන්ට නැටුම් ඉගැන්වීමයි. ඒ තුලින් තමන්ගේ ජිවනෝපාය ගොස් ඇත. ඒ අතර සිටි ප්රවීන ගුරු පරම්පරාවක් ලෙස තාන්ජාවුර් සහෝදරයන් සිවු දෙනා හැදින්විය හැකි ය. භරත නාට්ය සම්ප්රදාය තුළ ප්රබල ලෙස හින්දු ආගමික සම්බන්දතාවක් ඇති නර්තන අංගයක් ලෙස පදම් නර්තන අංගය හදුන්වා දීමට පුළුවනි. පදම් යනු භක්තිගීත විශේෂයකි. නැටුම් සංදර්ශනක මුල් භාගයෙන් පසු දෙවන භාගයේ ආරම්බය වන්නේ පදම් නර්තනයයි.
මෙහි දී භක්ති ගී වලට අනුව එහි අදහස සාත්වික අහිනයෙන් හා මුද්රා මගින් නිරූපණය කරයි. තව ද ස්ව ආත්මය දෙවියන් සමීපයට ගෙන යාම සදහා දුතිකාවන් යොදා ගැනීම සම්බන්ධ සිද්ධියක් ද පදම් නර්තනය තුලින් නිරූපණය කරයි.ඇතම් විට මෙම ගීත දෙමළ, තෙළිඟු භාෂා වලින් ද ඉදිරිපත් කරනු ලබයි. ඒ වගේ ම අභිනය හා හස්ත මුද්රා භාවිත කරමින් ශිවගේ හා ක්රෂ්ණාගේ ගති ලක්ෂණ විදහාපාන ගීතයට අනුව කෙරෙන රංගනයක් ද මෙහි අන්තර්ගත ය. මේසා සියලු කාරණාවන්ගෙන් අපට ගම්ය මාන වන්නේ දේවදාසී සංකල්පය තුළ හින්දු ආගමික සම්බන්දතාවක් ඇතිබවයි.