ප්‍රෝමිතියස් බන්ධනය - 12-වසර නාට්‍ය හා රංග කලාව

ප්‍රෝමිතියස් බන්ධනය

ප්‍රෝමිතියස්  බන්ධනය.

 

ඊස්කිලස් විසින් මෙම නාට්‍ය ලියනු ලැබුයේ ක්‍රි.පු. 467 ත් 457 ත් අතර කාලය තුළ බව විද්වතුන්ගේ පිළිගැනීමයි.ග්‍රික ශෝකාන්තනාට්‍ය තුළට ස්වාධීන ලක්ෂණ ඇතුළත් කරමින් එය පෝෂණය කළ ඊස්කිලස් ප්‍රොමිතියස් බන්ධනය රචනා කරන විට නාට්‍යනිර්මාණය පිළිබඳ මනා පරිචයකින් සිටි බව පෙනී යයි. ප්‍රොමිතියස් බන්ධනය නාට්‍ය සදහා පාදක කරගෙන ඇත්තේ ග්‍රිසියේප්‍රචලිතව තිබූ කතා පුවත් දෙකකි. එයින් එකක් නම් **ප්‍රොමිතියස් පිළිබඳ කතාවයි. අනෙක

** අයෝ නම් කාන්තාව පිළිබඳ කතාවයි.

 

එයින් ප්‍රොමිතියස් කතා පුවතේ හරය මෙසේය, දෙදෙව් ලොව රජ වු ත්‍රෝනස් දෙවියන්ගේ සමයේ මිනිස් වර්ගයා මැවූ නමුදු ඔවුහුබුද්ධි හීන වූහ. තිරිසනුන් මෙන් ජිවත් වූ ඔවුහු එකිනෙකා මරා ගත්හ. වනචාරින් වූ ඔවුන් මැවීම ගැන ත්‍රෝනස් දෙවියා පසුතැවිලිවූයේ . මේ අතර ත්‍රෝනස්ට විරැද්ධව සිදු කළ ප්‍රබල යුද්ධයකින් පසු ඔහු පතාල ලෝකයේ සිරකර තබා ත්‍රෝනස්ගේ පුත්‍ර සියූස්දෙවියා දෙව්ලොව අග රජ බවට පත් වියමෙහිදි දෙවිවරුන් දෙපසට බෙදී යුධ වැදුනු අතර ප්‍රොමිතියස් යුද්ධය සදහා සියුස්දෙවියාට උපකාර කළ ප්‍රධානියෙක් විය. ප්‍රොමිතියස් පොළෝ වැසියෙකු වුව  දෙවියන්ගේ උපත ලැබුවෙක් විය. ඉයාපෙටස් නම්ටයිටන්වරයා ඔහුගේ පියා වූ අතර මව ක්ලීමින් නම් වූවාය.

 

"වෙන්නට ඇති දේ පෙනෙන්නා" යන අරුත ඇති ප්‍රොමිතියස් නමින් හැදින් වු ඔවුහු සෙසු ටයිටන්වරුන්ට වඩා බුද්ධිමත්වියප්‍රොමිතියස්ගේ ආධාරයෙන් රජකම ගත් සියුස් දෙවියා සිය පාලනය ඇරඹිමට සිතුවේ දෙවියන්ගේ වැරදුණු අත්හදා බැලීමක් වුමනුෂ්‍ය සංහතිය සහමුලින්ම වනසා දමා වෙනුවට ලෝකයෙහි පරිසමාප්ත ජිවීන් පරපුරක් ඇති කිරිමෙනිසෙසු දෙවිවරුන් මේඅදහසට එකග වුවද  ප්‍රොමිතියස් විරුද්ධ විය. එසේම ඔහු තර්ක බුද්ධිය මෙහෙයවා උපායශිලී ලෙස ක්‍රියා කිරීමට මිනිස්සුන්ටඉගැන්වූ අතර මිනිස් සංහතියට අතිශය වැදගත් දායාදයක් වූ ගින්න දෙවියන්ට රහසින් මනුෂ්‍යයන්ට ප්‍රධානය කළේය.අල්පායුෂ්ඨමිනිස්සුන්ට දෙවියන් සතු මහාම වස්තුවක් වූ ගින්න දීම නිසා සියුස් දෙවියා මහත් සේ කෝපයට පත් විය. ඉන්පසු දෙව්ලොව රජකමලබා ගැනීමේදී ප්‍රොමිතියස් තමාට කළ උපකාර නොසලකා විශ්වයේ ඉතා ඈත හුදෙකලා තැනක් වූ ගල් පරයක ඇණ ගසාහැකිලිලා ප්‍රොමිතියස් සදාකාලිකව බැද දැමිමට නියම කළේය.

               නාට්‍ය ඇරඹෙන්නේ බලය හා භීෂණය ප්‍රොමිතියස් දෑත් දෙපසින් අල්වා ගෙන ඔහු බැද දැමිමට දෙව්ලොවකර්මාන්තකරුවා වු හිපිටස් සමග පැමිණීමෙනි. එහිදී  බලය මෙසේ පවසයි.

 

" මොහුයි ප්‍රොමිතියස් නම් කැරලිකරුවා

ඇණ ගසනු තබා ඔහු මේ සෙල් උලට

දෙවියන් වන ඔබ සතු වස්තුවයි මොහු

සොරකම් කළේ සියළු දෑ නිමකම් කළ ගින්න

සොරකම් කර ගෙනත් දුන්නා මොහු මිනිසුනට"

 

        මෙහිදි හිපිටස් ඔවුන්ගේ හඩ ඉටු කිරීමට පසුබට වෙයිමගේ සොහොයුරු දෙවියෙකුට මෙවැනි වින  කරන්නේ කේසේදමාමේ අදුරු භේදයෙහිලාසිර කරන්නේ කේසේද මොහු එසේ වුවද බලය හා භීෂණය කරන දැඩි බලපෑම නිසා හිපිටස් සිය සිතටඑකග නොවි ප්‍රොමිතියස් හැකිලිලා බැද දමයිඉන්පසු බලය හා භීෂණය පිටව යයි.

                                          ඊස්කිලස්    මෙම නාට්‍යයේදී රංගෝද්වීපනය කරන්නේ මෙම හැම සිදුවිමකින්ම මතුවනසංවේදනාවන්‍ ඔහු සිදුවීම මෙම සිද්ධි මාලාවේ සංයෝජනය කර ඇත. එහෙයින් රංගෝචිත ලක්ෂණ සොයා ගැනීම අසීරුය. ප්‍රොමිතියස් ගල් කුලෙහි තබා ඇණ ගැසීම පමණක් රංග පූර්ණභාවයකින් යුක්ත වුවද ප්‍රොමිතියස් ඇණ ගැසූ තැන සිට ඔහු මහදෙවි සමග සිතින් කරන අරගලය සක්‍රිය ගතික බවින් තොරයඅතිදක්ෂ  නිර්මාණකරුවෙකු  වශයෙන් ඊස්කිලස්ගේ ශූරභාවය ප්‍රකටවන්නේ ඔහු මේ අභීයෝගය ජයගත් ආකාරය විමසා බලන විටය.ප්‍රොමිතියස් බන්ධනය නාට්‍යයේ ආකෘතිකමය විශිෂ්ඨතාපවතින්නේ මේ කරුණු මතය.

බලය හා භීෂණය නික්ම ගිය පසු ප්‍රොමිතියස් මුවට නංවන සංවාද භාවාත්මකය එමෙන්ම කාව්‍යත්මකය.එය ශෝකජනක වීරචරිතයක් නිරූපණය කිරීමේ විශේෂ ලක්ෂණකිමේ ප්‍රොමිතියස්ගේ මුවට නංවන සංවාදයකි.

 

"ඉහළ වැඩ සිටින දෙවියනි

හමා බසින මාරුතයනි

ගලා හැලෙන ජල ධාරාවෙනි

මුහුදු රැළි මත රැදෙන නොනිමෙන සිනා රැල්ලෙනි

සකල දෙවිවරුනි

ජගත් මාතාවෙනි

අමතමි ඔබ සැමට"

 

මෙසේ සියල්ලන් අමතන ප්‍රොමිතියස් තමන් වෙත පත් විපත පවසයි.එතැන් සිට ඔහු අත්වැල සමග දිර්ඝ සංවාදයක යෙදෙයි.එහිදීසියුස් දෙවියන්ගේ ක්‍රියාකාරකම් විවේචනාත්මක විලාශයකින් ඉදිරිපත් කරයි.

අත්වැල ගල් කුල මත ගොනු ගැසෙන අතරෙහි මුහුද දෙබෑ කරගෙන පියාපත් සහිත සතර පා සතෙකු මත නෑගී මුහුදු දෙවියාපැමිණේ. ප්‍රොමිතියස් මෙසේ පවසයි.

 

"දැන් ඉතිං කියන්න මා කුමක් කළ  යුතු ?

ඔබ මෙන් මුදවා ගැනිමට

මේ මුහුදු දෙවියා හැරුණු විට

වෙන හිතෛෂීවන්ත මිතුරෙකු නැත ඔබට"

 

ඔහු සියුස්ට ගැළැපෙන ලෙස අදහස් වෙනස් කරන මෙන් ප්‍රොමිතියස්ගෙන් ඉල්ලා සිටි."මගේ මිත්‍රය, සංසිදුවා ගන්න ඔය කෝපයසියුස්ගෙන් බෑගෑපත්ව ඉල්ලන්න ඔබට සමාව දෙන ලෙස "සියුස් කෙතරම් බලවතෙකු වුවද ප්‍රොමිතියස් මුහුදු දෙවියන්ගේ ඉල්ලීමඅනුව ඊට අවනත නොවේ. ඔහු මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් මහත් කැප කිරීමක් කළ අයෙකි.

 

"මිනිසා දත් සකළ විද්‍යා ශාස්ත්‍රයන්

ප්‍රොමිතියස් ඔවුනට කළ තිළිණයයි"

 

යනුවෙන් ඔහු පවසයි.සියුස් දෙවියන් පිළිබද ප්‍රොමිතියස් දත් රහස හෙළි නොකරන නිසා ඔහු තව තවත් දෙවියන්ගේ කෝපයට ලක්වෙයි.

 

       ප්‍රොමිතියස් බන්ධනය නාට්‍යයේ ඊළඟ භූමිකාව අයෝ පිළිබඳ පුවතයිඅගෝෂ් නම් ග්‍රික් පුරවරයේ සියුස් මහ දෙවියන්ගේදේවාලයෙන් පූජකවරිය වශයෙන් සිටියේ එරට රජ වන ඉනාකුස්ගේ දියණිය වන අයෝ නැමැත්තියයි. ඇය ඉතාමත් රූපශ්‍රීයෙන්යුක්ත කාන්තාවකීඇගේ රුව දැක කෙරෙහි ආශක්ත වූ මහ දෙවියා ඇය තම වසගයට ගැනිමට මහත් වෙහෙසක් දැරුවේය. ඇය තමාට නොලැබුණොත් මුළු අගෝෂ් නුවරම තමාගේ අසනිරස යවා වනසන බව දේව අනාවැකියක් මගින් දන්වා සියුස් දෙවියාඉනාකුස්ට තර්ජනය කරයිඉන් බියපත් වන ඉනාකුස් රජ තම දියණිය වන අයෝ මාළිගයෙන් පිටත දමා දොරගුළු ලා ගනී. අයෝසමග එළිපිටම එක් විමට පැකිළෙන සියුස් මහ දෙවි ඔහුගේ බලයෙන් ඇය ගවදෙනක බවට පත් කරයිසියුස් මහ දෙවි අයෝකෙරෙහි ආශක්ත වූ බව දැනගත් ඔහුගේ බිරිය වන හේරා දෙවගන ඊර්ෂ්‍යාවෙන් පෙළෙන්නීඇට මැස්සෙකු මවා මේ ගවදෙනටනිරන්තරයෙන් අනින්නට සලස්වයිවේදනාවෙන් පීඩිත වන අයෝ හිස් ලූ ලූ අත දිව යන්නට පටන් ගනී. ආගුස් නම් යෝධගොපල්ලෙකු මවන හේරා ඔහු අයෝ පිටුපස යවයිසියුස් සිය අතවැසි කර්නිස් දෙවියා යොදා ආගුස් මරා දමයි. එහෙත් දිගටම ඇටමැසි පහරින් පීඩා විදින අයෝ යුරෝපය පුරා දුව ඇවිද අවසානයේ නයිල්  නදි මිටියාවතට පැමිණෙයි. එහිදී සියුස් විසින් ඇයටනැවත ප්‍රකෘති ස්වරූපය දී ඇය හා එක්වීම නිසා අයෝ ,ඉසපෝස්(ස්පර්ශයෙන් බිහි වූ තැනැත්තා ) නම් පුතෙකු බිහි කරයි. මේතැනැත්තාගෙන් නයිල් නදී මිටියාවතේ අලුත් පරපුරක් බිහි වෙයි .ප්‍රොමිතියස් බන්ධනය නාට්‍යයෙන් යදම් වූ ප්‍රොමිතියස් වෙත අයෝපැමිණේ. ඇය මෙසේ පවසන්නීය.

 

අයෝ:-  කුමන පෙදෙසක්ද මෙය,කුමන        ජිවිහු වෙසෙත් මෙහි කුණාටුද සුළගටද නතු වෙමින් අර ගල් භේදයෙහි එල්ලෙන්නේකුමක්ද?ඔබ ඔය පව ගෙවන්නේ මරණය තෙක් කවර වරදකට ?

 

ප්‍රොමිතියස්:-   මට ඇහෙනවා ඉනාකුස්ගේ දූ අයෝ වේදනාවෙන් හඩන හඩ මහ දෙවිදු ඇයට වහ වැටුනා ප්‍රේමයෙන්මහදෙවිදුගේ බිරිද හේරා පළිගැනීමට ඇයගෙන්, ඇයට වද දෙනවා.

                  

                       මෙලෙසය,

 

මෙසේ අයෝ සහ ප්‍රොමිතියස් අතර ඇතිවන සංවාදයෙන් දෙදෙනා පිළිබඳ තොරතුරු හෙළිදරව් වේ. අයෝට ඉදිරියට විදින්නටසිදුවන දුක් ගැහැට හෙළි කරන ප්‍රොමිතියස් ඔහු එක්වන්නට යන සර්ව බන්ධනයක් නිසා සියුස් බලයෙන් පහ වන බව පෙන්වයි. එසේම අයෝගේ දරුවෙකු තමා නිදහස් කරන බවදා පවසයිඉන්පසු අයෝ නික්ම යයි.

 

දැඩි ගති ඵල කරන අනම්‍යශීලී ප්‍රොමිතියස් අතිශය දරුණු වේදනාකාරී දඩුවමක් නියම වෙයි. එනම් උදෑසන හිරු නැගෙත්මගිජුලිහිනියෙක් පැමිණ බැද දමා සිටින ප්‍රොමිතියස්ගේ අතුනුබහන් ඉවතට ඇද දමා ඔහුගේ අක්මාව ටිකෙන් ටික කා දමයි. හිරුඅවරට යත්ම ගිජුලිහිනියා සිය ගොදුර හැර දමා යයි. රාත්‍රී කාලයේ නැවතත් ඔහුගේ අක්මාව ලියලයිපසු දින යලිත් ලිහිණියාපැමිණ අක්මාව අනුභව කරයිමෙසේ මිනිස් පරම්පරා 13 ක් ගතවන තෙක් ප්‍රොමිතියස් මේ ජරා දුක විදී. එම දීර්ඝ කාලයඅවසානයේ සියුස් මහ දෙවි ප්‍රොමිතියස් සමග සාමදාන වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු හර්ට්‍යුලිස් යෝධයාට සිය දුන්නෙන් විදගිජුලිහිනියා මරා දැමිමට ඉඩ දෙයි. ප්‍රොමිතියස් වෙනුවට පාතාල ලෝකයට යාමට මරණාසන්නව සිටි දෙවි කෙනෙක් එකග වූයෙන්ප්‍රොමිතියස්ට පාතාල ලෝකයෙන් ගැළවී නැවත නිදහස ලබා ගැනිමට හැකි වේ.

 

නාට්‍ය අවසානයේ හර්ලිස් මෙසේ පවසයි ."අවසාන සමූල ඝාතනයේ අහිංසක ගොදුර වනු ඇත තොප නාට්‍ය ඛේදජනක ලෙසසමාප්ත වෙයි." ප්‍රොමිතියස් මෙසේ පවසයි ."ව්‍යසනය මා වෙත ළං ළංව පැමිණේ දැන් ,අහෝ මහීකාන්තාවනී,මාගේමෑණියනනී,මුළු මහත් ජනී ජනයාට එළිය දෙන හිරු සදුත් සමග යන අහස් දෙවියනිබලන්න මට කරන මේ අකටයුතු". ගල් කුලදෙදරී නොපෙනී යයි. අත්වැල සී සීකඩ විසිරි යයිශෝකජනකයක් ලෙස ප්‍රොමිතියස් බන්ධනය නාට්‍යය සමාප්ත වෙයි.

   

ඊස්කිලස්ගේ "ප්‍රොමිතියස් බ්‍රවුන්" නම් නාට්‍ය වු කලී මේ මහා නාට්‍ය රචකයා විසින් ලියන්නට ඇතැයි සැලකෙන නාට්‍ය කෘති 70  පමණ අතරින් දැනට ඉතිරි වි ඇති එක් නාට්‍යයකි. එකී ක්‍රි.පු.4 වන සියවස පමණ රචනා වූත් රචනෝපාක්‍රම මෙන්ම තේමාවේගාම්භිර්‍යය අතින්ද ඉතා පරිණත ලක්ෂණ පෙන්වන නාට්‍යයකි. ප්‍රොමිතියස් නම් දෙවියෙකු මිනිස් වර්ගයාට යහපත පිණිස ගත් ක්‍රියාමාර්ගයත් සියුස් දෙවියා තම කාමාශාව සපුරා ගැනිමට ගත් ක්‍රියා මාර්ගයත් යන ගැටුම පදනම් කරගෙන ලියවුණු මෙම නාට්‍යයඉන්පසු ප්‍රබන්ධකරණයට පිවිසුණු බොහෝ රචකයන්ට ආලෝකයක් ගෙන දුන් කෘතියකි. පාදාන්ත අයුක්ති සහගත පාලකයාත් ඊටඑරෙහි වන හුදෙකලාව නැගී සිටින සත්පුරුෂයාත් අතර ඇති වන සනාථන අරගලය මැනවින් නිරූපනය කරන ප්‍රොමිතියස් බන්ධනයනාට්‍යය සර්වකාලීන අගයක් සහිත සර්වත්‍රික නිර්මාණයකි.

සැකසුම :- සංචලන කලායතනය

               කලායතනාදිපති

                අචලා නිමල්තී