බටහිර සංගීතය සිංහලෙන් . . පාඩම 6 (21-07-2017)
බටහිර සංගීතය සිංහලෙන් පාඩම 6 න් අපි සාකාච්ඡා කලේ Sharp major scales ගැනය. ඒ ඔස්සේ අපි E major scale වන තුරු සාකච්ඡා කළෙමු. අද එතැන් සිට. . ,
පාඩමේ පහසුව තකා නැවතත් E major scale මතක් කරගමු.
E major scale: E F# G# A B C# D# E
මෙහිදී ද major scales වල ස්වර පරතර අනුපිලිවෙල සපුරා ඇති අතර, 3 සහ 4 වන ස්වර වන G# සහ A අතරත්, 7 සහ 8 වන ස්වර වන D♯ සහ E අතරත් semitone 1ක පරතරය බැගින් ඇත.
ඉන්පසු සෑදෙන 6 වන sharp major scale එක ආරම්භ වන්නේ E major scale හි 5 වන ස්වරය වන B ස්වරයෙනි. මෙහිදී ස්වර 5ක් sharp වන බව දැකගත හැකි වනු ඇත.
B major scale: B C# D# E F# G# A# B
මෙහිදී ද major scales වල ස්වර පරතර අනුපිලිවෙල සපුරා ඇති අතර, 3 සහ 4 වන ස්වර වන D# සහ E අතරත්, 7 සහ 8 වන ස්වර වන A# සහ B අතරත් semitone 1ක පරතරය බැගින් ඇත.
ඉන්පසු සෑදෙන 7 වන sharp major scale එක ආරම්භ වන්නේ A major scale හි 5 වන ස්වරය වන F# ස්වරයෙනි. මෙහිදී ස්වර 6ක් sharp වන බව දැකගත හැකි වනු ඇත.
F# major scale: F# G# A# B C# D# E# F#
මෙහිදී ද major scales වල ස්වර පරතර අනුපිලිවෙල සපුරා ඇති අතර, 3 සහ 4 වන ස්වර වන A# සහ B අතරත්, 7 සහ 8 වන ස්වර වන E# සහ F# අතරත් semitone 1ක පරතරය බැගින් ඇත.
ඉන්පසු සෑදෙන 8 වන sharp major scale එක ආරම්භ වන්නේ F# major scale හි 5 වන ස්වරය වන C# ස්වරයෙනි. මෙහිදී ස්වර 7ක් sharp වන බව දැකගත හැකි වනු ඇත.
C# major scale: C# D# E# F# G# A# B# C#
මෙහිදී ද major scales වල ස්වර පරතර අනුපිලිවෙල සපුරා ඇති අතර, 3 සහ 4 වන ස්වර වන A# සහ B අතරත්, 7 සහ 8 වන ස්වර වන E# සහ F# අතරත් semitone 1ක පරතරය බැගින් ඇත.
ඉන්පසු සෑදෙන 8 වන sharp major scale එක ආරම්භ වන්නේ F# major scale හි 5 වන ස්වරය වන C# ස්වරයෙනි. මෙහිදී ස්වර 7ක් sharp වන බව දැකගත හැකි වනු ඇත.
ඒ අනුව C# major scale හි සියලුම ස්වර sharp වේ. එසේ හෙයින් sharp major scales සෑදීම මෙතනින් නැවතේ.
තවත් වැදගත් කරුණක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කල යුතුය.
ඉහත සටහන අනුව
F# major scale තුල E# ස්වරයක් ද
C# major scale තුල E# වලට අමතරව B# ස්වරයක් ද යෙදී ඇති ආකාරය දැකගත හැකිය.
E# = F ද, B# = C ද නව දැනටමත් ඔබ දන්නා කරුණකි.
ඉහත scale වලදී E# වෙනුවට F ද, B# වෙනුවට C ද යොදා නොගත්තේ මන්දැයි ප්‍රශ්නයක් මතුවේ. එම ස්වර එසේ යොදාගත්තා යයි සිතමු. එවිට
F# major scale සහ C# major scale හි ආකාරය පහත පරිදි වේ.
F# major scale: F# G# A# B C# D# F F#
C# major scale: C# D# F F# G# A# C C#
බටහිර සංගීතයේ රීතිය අනුව scales ලිවීමේදී එලම ස්වර නාමය ගන්නා ස්වර දෙකක් එක ළඟ පිහිටිය නොහැක.
F# major scale හි එකම ස්වර නාමය F F# ලෙසින්ද
C# major scale හි එකම ස්වර නාමය F F# සහ C C# ලෙසින්ද යේදී ඇත.
මෙය වැරදි සහගත බැවින් F වෙනුවට E# ද, C වෙනුවට B# ද යොදාගෙන ඇත.
දැන් ඔබට මේ සිද්ධාන්තය පැහැදිලි වී ඇති සිතමි.
බටහිර සංගීතයේ දී Scales ලිවීමෙදී, එම ස්වර sharp හෝ වේවා flat හෝ වේවා A, B, C, D, E, F, G යන ස්වර අනුපිලිවෙල අනුගමනය කල යුතුය. ඒ කියන්නේ A ස්වර නාමයට පසුව B ස්වර නාමය තිබිය යුතුය යන්නයි.
උදාහරණයක් ලෙස
E major scale හි ස්වර අනුපිලිවෙල E F G A B C D E ආකාරයට පෙළ ගැස්විය යුතුය.
මෙය ස්වර අනුපිලිවෙල පමණක් වන අතර E major scale හි ස්වර නොවන බව මතක තබා ගත යුතුය. අවශ්‍ය තැන් වල sharp ස්වර යොදාගෙන semitone පරතර අනුපිලිවෙල සකසා ගත යුතුය.
තවත් උදාහරණයක් ගත් විට, D major scale හි ස්වර අනුපිලිවෙල D, E, F, G, A, B, C, D ආකාරය විය යුතුය.
නැවත බටහිර සංගීතය සිංහලෙන් 7 වන පාඩම සමගින් හමුවන තුරු
ඔබට ජය හා සතුට