පාඩම් අංක - 02
විභක්ති
විභක්ති යනු නාමයන් නොයෙක් අයුරින් යෙදීමයි. සිදත් සඟරා කතුවරයා මේ විභක්ති හඳුන්වනුයේ ”නමින් පරව බෙදනුයේ විබත් නමි” යනුවෙනි. මෙලෙස සිංහල භාෂාවෙහි විභක්ති 9 ක් වේ. ඒවා නම්,
හලන්ත ශබ්ද : (හල් අකුරකින් අවසන් වන ශඛ්ද)
මිනිස් ශබ්දය
විභක්ති
|
ඒක වචන |
බහු වචන |
ප‍්‍රථමා කර්ම කර්තෘ කරණ සම්ප‍්‍රදාන අවධි සම්බන්ධ ආධාර ආලපන |
මිනිස් + ආ = මිනිසා මිනිස් + ආ = මිනිසා මිනිසා විසින් මිනිසා හේතු/කරණ/නිසා මිනිසාට මිනිසාගෙන්/කෙරෙන් මිනිසාගේ මිනිසා කෙරෙහි/වෙත මිනිස් + ආ = මිනිසා |
මිනිස් + හු = මිනිස්සු මිනිස් + උන් = මිනිසුන් මිනිසුන් විසින් මිනිසුන් හේතු/කරණ/නිසා මිනිසුන්ට මිනිසුන්ගෙන්/ කෙරෙන් මිනිසුන්ගේ මිනිසුන් කෙරෙහි/වෙත මිනිස් + උනි = මිනිසුනි
|
ස්වරාන්ත ශබ්ද ( ස්වරයකින් අවසන් වන ශඛ්ද)
දරු ශබ්දය
විභක්ති
|
ඒක වචන |
බහු වචන |
ප‍්‍රථමා කර්ම කර්තෘ කරණ සම්ප‍්‍රදාන අවධි සම්බන්ධ ආධාර ආලපන |
දරු + ආ = දරුවා දරු + ආ = දරුවා දරුවා විසින් දරුවා හේතු/කරණ/නිසා දරුවාට දරුවාගෙන්/කෙරෙන් දරුවාගේ දරුවා කෙරෙහි/වෙත දරු + අ = දරුව |
දරු + ඕ = දරුවෝ දරු + අන් = දරුවන් දරුවන් විසින් දරුවන් හේතු/කරණ/නිසා දරුවන්ට දරුවන්ගෙන්/කෙරෙන් දරුවන්ගේ දරුවන් කෙරෙහි/වෙත දරු + අණි = දරුවනි
|
බමුණු ශබ්දය
විභක්ති
|
ඒක වචන |
බහු වචන |
ප‍්‍රථමා කර්ම කර්තෘ කරණ සම්ප‍්‍රදාන අවධි සම්බන්ධ ආධාර ආලපන |
බමුණු + ආ = බමුණා බමුණු + ආ = බමුණා බමුණා විසින් බමුණා හේතු/කරණ/නිසා බමුණාට බමුණාගෙන්/කෙරෙන් බමුණාගේ බමුණා කෙරෙහි/වෙත බමුණු + අ = බමු ණ |
බමුණු + ඕ = බමුණෝ බමුණු + අන් = බමුණන් බමුණන් විසින් බමුණන් හේතු/කරණ/නිසා බමුණන්ට බමුණන්ගෙන්/කෙරෙන් බමුණන්ගේ බමුණන් කෙරෙහි/වෙත බමුණ + අනි = බමුණනි
|
ප‍්‍රශ්න අංක 01 - පහත සඳහන් නාම පදයන්හි විභක්ති කවරේදැයි නම් කරන්න.
ගස් ශබ්දය
විභක්ති
|
ඒක වචන |
බහු වචන |
ප‍්‍රථමා කර්ම කර්තෘ කරණ
සම්ප‍්‍රදාන අවධි
සම්බන්ධ ආධාර ආලපන |
ගස් + අ = ගස ගස ගස ගස් + ඉන් = ගසින් ගස් + එන් = ගසෙන් ගසට ගසෙන්/ගසින් ගස් + ඒ = ගසේ ගස් + එහි= ගසෙහි ගස් + ඒ = ගසේ ගස
|
ගස් ගස් ගස් ගස්වලින්
ගස්වලට ගස්වලින් ගස්වල ගස්වල
ගස්
|
ප‍්‍රශ්න අංක 02 - පහත සඳහන් පදවල විභක්ති කවරේදැයි නම් කරන්න.
අප්‍රාණවාචී ස්වරාන්ත
මලු ශබ්දය
විභක්ති
|
ඒක වචන |
බහු වචන |
ප‍්‍රථමා කර්ම කර්තෘ කරණ සම්ප‍්‍රදාන අවධි සම්බන්ධ ආධාර ආලපන |
මලු + අ = මල්ල මලු + අ = මල්ල මලු + අ = මල්ල මලු + එන් = මල්ලෙන් මල්ලට මල්ලෙන් මලු + ඒ = මල්ලේ මල්ලෙහි/ මල්ලේ මල්ල |
මලු මලු මලු මලුවලින් මලුවලට මලුවලින් මලුවල මලුවල මලු
|
කෙකි ශබ්දය
විභක්ති
|
ඒක වචන |
බහු වචන |
ප‍්‍රථමා කර්ම කර්තෘ කරණ සම්ප‍්‍රදාන අවධි සම්බන්ධ ආධාර ආලපන |
කෙක් + අ = කෙක්ක කෙක්ක කෙක්ක කෙක් + එන් = කෙක්කෙන් කෙක්කට කෙක්කෙන් කෙකි + ඒ = කෙක්කේ කෙක්කෙහි = කෙක්කේ කෙක්ක |
කෙකි කෙකි කෙකි කෙකිවලින් කෙකිවලට කෙකිවලින් කෙකිවල කෙකිවල කෙකි
|
ප‍්‍රශ්න අංක 03 - මේ පදවල විභක්ති කවරේදැයි නම් කරන්න.
විභක්ති සෑදෙන ආකාරය පහත සඳහන් පරිදි මතක තබාගන්න.
උදා:- කුණාටුවට ගසෙන් අත්තක් කැඩුණේ ය.
කලයෙන් දිය වෑස්සෙයි.
උදා:- ළමයාගේ පොත - ගේ: ප‍්‍රාණවාචී පදවලට යෙදේ.
කලයේ ගැට්ට, මලේ පෙති - ඒ: ප‍්‍රාණවාචී පදවලට යෙදේ.
වේ.
කූඩුවේ (කූඩුවෙහි) කුරුල්ලෝ නිදති. (රැඳීමක් ප‍්‍රකාශ කරන)
කුඹුරේ ගොයම් වැඬේ. (ආධාර විභක්ති)
උදා:- දරුව මේ වැඩය කරන්න./ පුත මෙහි එන්න.
ප‍්‍රශ්න අංක 04 - ආංකික පදයන්හි විභක්ති කවරේදැයි නම් කරන්න.
-----------------------------------------------------------------------------------------
මෙම පාඩමට අයත් පිළිතුරු අංක 03 පාඩම සමග බලාපොරොත්තුවන්න.
පාඩම් අංක - 01 උක්ත ආඛ්‍යාත සම්බන්ධය සඳහා පිළිතුරු
පිළිතුරු
පිළිතුරු
පිළිතුරු
කර්තෘ
මාලා ජයසේකර
විශේෂ ශාස්ත‍්‍රවේදී - සිංහල (ගෞරව) උපාධිය
ශාස්ත‍්‍රපති - සිංහල (ගෞරව) උපාධිය
සිංහල භාෂා උපදේශක - රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
ත‍්‍රිභාෂා ශබ්දකෝෂ කර්තෘ - රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
දිවුරුම් දුන් භාෂා පරිවර්තක- රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
සහතිකලත් භාෂා පරිවර්තක- රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
071 8175021