ගුත්තිල කාව්‍ය රචනා රීතිය හා සම්ප්‍රදාය

ගුත්තිල කාව්‍ය රචනා රීතිය හා සම්ප්‍රදාය

සිංහල සාහිත්‍යයේ නැගීම නම් තම කෘතියේ මාර්ටින් වික්‍රමසිංහයන් " සිංහල කාර්යාවලිය යෙහි මුදුන් මුල " වශයෙන් හඳුන්වා දෙන ලද්දාවූ ද , ගුත්තිල ගීතය නම් තම කෘතියෙන් පෙන්වා දුන් අයුරින් ද වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍ය වූ කලී ජනකවියේ සන්දර්භයේ රීතියත රාජසභා කාව්‍ය රීතියත් යන තුනෙහි සංකලනයෙහි  උසස්ම ප්‍රතිඵලය සේ දක්වා තිබේ. එදිරිවීර සරත්චන්ද්‍ර , ගුණදාස අමරසේකර වැනි පසුකාලීන සාහිත්‍ය විචාරකයන් විසින් ද , මුනිදාස කුමාරතුංග, ඩබ්ලිව්.ඇන්. ගුණවර්ධන , යක්කඩුවේ පඤ්ඤාරාම හිමි වැනි මුල්කාලීන මුල් කාලීන උගතුන්ගේ ද නොමද අවධානයට හා පැසසුමට බඳුන් වූ ගුත්තිල කාව්‍ය පිළිබඳ අංග අංගසම්පූර්ණ විමසුමක් හා රසවිඳීම ක  සම්පූර්ණ විමසුමක් හා රසවිඳීම ක ට කැමැත්තෝ එම කතුවරයන්ගේ කෘතීන් ද අනිවාර්යෙන්ම කියවිය යුත්තෙ හු වෙති. මෙම ලිපිය හරහා අවධානය යොමු කරන්නේ ගුත්තිලයේ රචනා රීතිය  හා සම්ප්‍රදාය පිළිබඳව ඇගයීමක් කිරීමටය.

 ගුත්තිලය රචනා වූ කොට්ටේ යුගයේදී සිව් පද කාව්‍යයේ වර්ධනයක් සිදුවිය. කාව්‍යශේඛරය , බුදුගුණඅලංකාරය, ලෝවැඩ සගරාව, වැනි  සිව්පද කාව්‍ය කෘතීන් බිහිවූයේ ද මෙම යුගයේ දී ය. එම සිව් පද  කාව්‍යවලින් ගේ මුදුන් මිණ ගුත්තිල කාව්‍ය බැව් බොහෝ වියතුන්ගේ මතය වී තිබේ . 

 ගුත්තිලයේ ශ්‍රේෂ්ඨත්වයට හේතු පාදක වන කරුණු අතර වෑත්තෑවේ හිමියන් යොදාගත් රීතිය ප්‍රධාන තැනක් ගනී. එය වූ කලී අප රට ජන කාව්‍ය රීතියෙත්  , ව්‍යක්ත(රාජසභා රීතිය ) කවි රීතියෙත් අපූර්ව සමායෝජනයෙන් නිපදවා ගත්තක් වූ බැව් පෙනේ. 

 සරල සුගම ධ්වනිතාර්ථ හා අර්ථ ශබ්ද රස පූර්ණ විවිධ වෘත්ත හා තාලානූරූපීව සුගායනය කරමින් රස විඳීමට හැකිවීම වැනි සුලක්ෂණ වලින් පරිසමාප්ත වීම අපේ ජන කවියේ ලක්ෂණ සමහරකි. ගුත්තිලය එම ජන කාව්‍ය රීතියෙන් රචනා වූ බොහෝ කවි වලින් සමලංකෘත වී තිබේ. ජන කතා කලාවේ බණ කතා කලාවේ ද මනා සුසංයෝගය ප්‍රදර්ශනය කරවන මෙම ලක්ෂණය සද්ධර්මරත්නාවලිය තුළින් ධර්මසේන හිමියන් ගද්‍යයෙන් රචනා කළ පරිද්දෙන් පරිද්දෙන්ම වෑත්තෑවේ හිමියන් පද්‍යයෙන් එම කටයුත්ත ඉටු කළ බැව් පෙනේ . 

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සිංහල සාහිත්‍යයේ නැගීම නම් කෘතියෙහි දක්වා ඇති පහත දැක්වෙන අදහස මෙහිදී දැක්වීම වඩාත් යෝග්‍ය වේ.

     " වෑත්තෑවේ හිමියන් ගුත්තිල කතාව කීවේ ජනකවියකු ලෙසිනි. නායකයන් කියන දේ වහ වහ වහා පිළිවෙලින් කීමෙන් කතාවට එක පිට එක නැග එන   තරඟාවලියක ස්වරූපය දීම ජනකවියේ ලක්ෂණයකි.උචිත ඔහුව අක්‍රමික වූ  වර්ණනයෙන් කතාව තැනින් තැන අලංකාරයට ප්‍රමාද වීමත් තැතනීමත් ජන කවියාගේ කාරිය නොවේ. ජන කාව්‍යයේ මේ ලක්ෂණ ගුත්තිල කාව්‍යයේ වස්තු විකාශනයේ ද දැකිය හැකිය. 

මාර්ටින් වික්‍රමසිංහයන් දැක්වූ ජනකවි රීතියෙ  දක්නා තත් ලක්ෂණය ගුත්තිලයේ කතා  වින්‍යාසයේ දී නොමදව දක්නා ලැබේ. තැනට උචිත වූ රමණීය කෙටි වර්ණයකින් බරණැස් රජු හඳුන්වා දුන් පසුව ළමා ගුත්තිල රාජ සේවයට පැමිණීම තෙක් රචිත කෙටි රසවත් වැනුම මීට එක් නිදසුනකි. ඒ මෙසේය.

 රජ            කුල   අදර                        ලත් 

විදුමිණි  රුවන් කර                         යුත් 

පසිඳු    මහ                                  දනවත්

ගදෙව් කුලයක ඉපිද              බෝසත් 

 

කුමර කෙළි                            පුරුදුව 

ගුරුන් පෙම් කොද               තරිඳුව

දිසි පින්පිඩු                                බදුව

සොඳුරු ගුත්තිල නමින්     පසිඳුව 

 

සුරගන                                       වෙතට 

අදනා සොඳුරු                          රුසිරට

නරග රග පසු                            කොට 

පැමිණ පිරුණු  සොළොස්   වයසට 

 

කළ  පන්සිළු                           නොනිසි

වඩවන පුරගනන්                          රිසි 

කරන ලද මන්                                 විසි

ඉගෙන  විණා ගායනා                   නිසි 

 

බඹදත්  නිරිඳු                                        මැද 

දක්වා  ශිල්ප  මන                                නද 

ලැබ යස සිරි                                   නොමද 

පැමිණ රජ  සෙවයට හැම                 සද

 

වීණා තරගයෙන් හසුවූ ගුත්තිලාචාර්යාවරයට අත් වු ජයග්‍රහනය ධ්වනිත කරවීමට වෑත්තෑවෙ හිමි නිශා වර්ණනාවක ට බසිනු පෙනෙයි. මුළු ලෝකයම, අචේතනික ස්වභාව ධර්මය පවා, ප්‍රීතියෙන් පිනා ගොස් මංගල විලාශයෙන් සැරසෙන අයුරු වර්ණනා වර්ණනාවේ යොදා ඇති සෑම අලංකාරයකින් ම කින්ම කියවේ.  මේ වූ කලි තතන තතනා වර්ණනා යොදමින් පාණ්ඩිත්වය පෙන්වීමට දැරූ ප්‍රයත්නයක් නොව ස්වකීය කවිත්වය  පාණ්ඩිත්වයට සංයෝග කොට ගැනීමෙන් නිපන්නක්  මෙන්ම අප කලින් සඳහන් කළ නිරායාසයෙන් කතාව ගලායාමට සැලැස්වීමේ ජනකවි රීතියට තවත් නිදසුනකි. පින් කවි කවි කිහිපයක් මෙසේය.

 

බිදදුරු  කද   රැ                                සින්

පහළ  තුරු රැස්  විල                     සින් 

තුටුව  සුර විල                                 සින් 

විසුළ   අසෙනිය  කුසුම්    විල     සින්

 

එතර  පැළ  දිගු                                                 ල   ද 

සදවෙල  පට   දුහුල්                                        හැ  ද

තරු  වැළ   හර                                             වැළ   ද

සැරුණු    වෙනි   ජය  කෙළින  ලෙස           වැ ද

 

සද කිරණෙහි                                              ගැලි

වැහෙන  සද  කත                                    සිලිලි

ජය කෙළි  දැක                                           බ   ලි

ගලන  තුටු  කදුළු    සිරි                         කියලි

 

ගුත්තිලයේ ජනකවි ලක්ෂණ ප්‍රකට  කරවන නිර්මාණයකට මනා නිදසුනක් නම් සුර පුර සිරි විස්තරයයි. අපේ ජන කවියේ රිද්මය සරල සුමග බව අතිශයෝක්තිය යන සියලුම අංග වලින් මෙම කවි පොහොසත්ය. ඊට නිදසුන් පහත සඳහන් වේ.

 ඇතෙක දෙතිස් කුඹු දළ සිව් සැටක්              ඇති

ගෙයක රුවන් ටැම් සැත්තෑ දහස්                  ඇති

රියක යොදන ලද සුදු සිදු දහස්                      ඇති 

එ සක සැපත් පවසා කිම ඉමක්                    නැති

 

අවස්ථාවට උචිතව සුදුසු තැන්හි රස උද්දිපනය උදෙසා ජනකවි වහර  උපයුක්ත කර ගනිමින් රචිත ගුත්තිලයේ පහත දැක්වෙන කවිය විමසා බැලිය හැකිය.

කෙළෙහි   ගුණ             සින්දෙ 

මූසිල අන්ද                    මන්දෙ 

ජයෙහි ලොබ              බැන්දෙ

තමා වීණා තත ද        සින්දෙ 

මෙයින් කියවෙන්නේ ගුරුවරයා අනුව යමින් මූසිල ද තම වීනාවේ තත සිද දැමීමේ අවස්ථාවය. කෙළෙහි ගුණ නොදත් මූසිල ජයග්‍රහණය පතා තත සිඳ දැමීම වෑත්තෑවේ හිමියන් කවියට නංවන්නේ සරල සුන්දර ජනවහරින් ගත් වදන් සුදුසු තැන්හි ස්ථානගත   කිරීමෙනි. මෙහි යොදා ඇති මූසිල අන්ද මන්දේ යන යෙදුම ප්‍රකට ගැමි වහරකි. එහි අර්ථය හා ඉන් නගන ව්‍යංගාර්ථය මූසිල ඒ අවස්ථාවේ පත්තු කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වය  අප ඉදිරියේ මවා පාන්නට සමත් වී ඇත.