ඉතිහාසය හැදෑරීමේදි අපට මුලාශ්ර ඉතාමත් වැදගත් වන අතර එමගින් අපට අතීතයේ දී නර්තන කලාවක් පැවතියේද එය කුමන ආකරයෙන් පැවතියේද යන්න සොයාබැලීමට හැකිවනු ඇත.
මූලාශ්ර
1.ජනප්රවාද හා මුඛ පරම්පරා කතා 2.සෙල්ලිපි 3.අභිලේඛන 4.විවිද කැනීම් වලින් සොයාගන්නා සාධක 5.සමකාලීන සාහිත්ය කෘති 6.දේශාටන වාර්තා
ප්රාග් ඓතිහාසික යුගය
මෙම කාලය තුලදී ලිඛිත සාධක කිසිවක් නොමැති අතර එකල ජන සමාජයේ පැවති ජනප්රවාද තුලින් එකී කාලයේ පැවති නර්තන කලාව පිළිබදව අවබෝදයක් ලබා ගැනිමට හැකි වේ.
1.අතීතයේ මෙරට රාජ්ය හොබවන ලදැයි කියවෙන රාවණා රජු පිලිබදව කියවෙන කතා පුවත් (මොහු සකල කලා විදීන්ගේ ප්රවීණයෙක් විය.තවද බහූරී නැටුම් හදාරා ඇත.)
2.දෙවියන් විසින් නර්තන කලාව බිහිකරා යන්න මතයක් ඇත(තාරකා-සුර කතාව)
3.ලංකාවේ ආදීවාසී නර්තනය පැවති බව.
4.ලංකාවේ ජන කොටසක් වූ අහිකුණ්ඨික ජනයා අතර වූ සරල නැටුම්.
5.විජය රජතුමා ලංකාවට පැමුණුන දිනයේ පැවති විවාහ මංගල උත්සවයක් පිළිබදව සදහන් වේ.
* අනුරාධපුර යුගය (කි.පු 6 වන සියවසයේ මැද භාගයේ සිට කි.ව 1017 දක්වා වූ වසර 1560ක කාලය)
1.පඩුවස් දෙව් රජුට වූ දිව්දෝසය සුව කිරීම සදහා මලය රටින් කුමාරවරුන් ගෙන්වා හැටපස් මංගල්යය නමින් ශාන්තිකර්මයක් කර වූ බව සදහන් වේ.
2.පණ්ඩුකාභය රජතුමාගේ කාලයේදී ගායන,වාදන,නර්තන සදහා විශේෂ ස්ථානයක් හිමිවිය. * යක්ෂ යක්ෂණීන් සදහා දේවාල ඉදිකිරීම . * වාර්ශික බලි දානය කරවීම * පණ්ඩුකාභය රජතුමා දෙව් මිනිසුන්ට නැටුම් කරවූ බව ද රජුගේ ව්නෝදාස්වාදය සදහා රාජ සභාව තුල නර්තනය පැවත් වූ බව * අනුරාධපුර යුගයේ පෙරහැර පැවැති වූ අවස්ථාවන් කිහිපයක් පිළිබදව සදහන් වේ.
3.දුටු ගැමුණු රජතුමා රුවන්වැලිසෑය ඉදිකිරීමේ උත්සවයට නාටිකාංගනාවන් පිරිවරා පෙරහැරින් ගිය බව මහාවංසයේ සදහන් වේ.
4. ඨාතු නිදානෝත්සවයට නලගනන් 16000 සැරසුන ආකාරය ථූපවංශ කතුවරයා සදන් කර ඇත.
* රුවන්වැලි සෑයේ ඇතුලු ගර්භයේ නටන දේවතාව්න්ගේ රූප තූර්යවාදන රූප තැන්පත් කල බව සදහ්න් වේ.
5.භාතිකාභාය රජුගේ කාලයේ මහා ස්ථූපය හුණු පිරියම් කල බව සදහන් වේ.
6.සැසේරුව කොරවකගල සෙල්ලිපිය තුලින් එකල නර්තනය පිලිබදව හදුනා ගත හැකිය.
7.කුට්ටම් පොකුණ අසලින් සොයාගත් නලගන රුව
8.මැදිරිගිරිය වටදාගෙයි කණුවල දැක්වෙන උඩැක්කිය හා එකැස් බෙරය.
පොළොන්නරු යුගය
අනුරාධපුර රාජධානිය බිද වැටීමත් සමග ලංකාවේ මීලග රාජධානිය ලෙස පොළොන්නරු රාජධානිය බිහි විය.චෝල පාණ්ඩය ආක්රමන නිසා පොළොන්නරු රාජධානිය හින්දු බලපෑම් වලට ලක්විය.
නර්තන කලාවට රාජ්ය අනුග්රහය ලැබී ඉතාමත් දියුණු තත්වයකට පත්වීම මේ කාලයේදී සිදු විය.
පරාක්රමබාහු රජතුමා
* මෙතුමා නර්තන ශිල්පය,කාව්ය ශාස්ත්රය ආදි කොට ඇති සෞන්දර්ය කලාවන් පිළිබදව හසල දැණුමකින් යුක්ත වූ බව චූලවංශයේ සදහන්වේ.
* පරාක්රමබාහු රජතුමා රජමාලිගයට යාබදව සරස්වතී මණ්ඩපය නම් වූ ශාලාවක් ඉදි කරවා එය නර්තනය ගායනය පැවත්වීම සදහා යොදාගත් බව කියවේ.
* පරාක්රමබාහු රජතුමාගේ අගමෙහෙසිය වූ රූපාවති බිසව නැටුම් ශිල්පිනියක් බව සදහන් වේ.
නිශ්ශංකමල්ල රජතුමා
* මෙතුමා නර්තනය නැරඹීමට අතිශය ප්රිය කර ඇති අතර ඒ බව ශිලා ලේඛන වලින් සනාථ වේ.(කාලිංග උද්යාන ලිපිය හා කාලිංග ක්රිඩා ගල් ආසන ලිපිය).
* මෙතුමා නවග්රහ බලි ශාන්තිකර්මය කර වූ බව චූලවංශයේ සදහන් වේ.
පුරාව්ද්යත්මක සාධක
* පොළොන්නරු වටදාගෙයි ඇති නටන ස්ත්රියගේ හා පුර්ෂයාගේ රූකම්
* අංක 1 ශිව දේවාලයෙන් හමු වී ඇති නටරාජා රූපයත් එහි පාදමේ බෙරය තාලම්පට කැටයම් කර ඇති බව දක්නට ලැබේ.
*දැදිගම කොටවෙහෙරින් හමු වී ඇති ඇත් පහණේ දැක්වෙන නලගනන්ගේ රූකම්.
මේ අනුව පොළොන්නරු යුගයේ නර්තන කලාව හා සම්බන්ධ පහත නිගමන වලට එළබ්ය හැකිය.
* නර්තනයට රාජ්ය අනුග්රහය ලැබුනු බව
* නර්තනය සදහා කුලීණ තරුණ තරුණියන් යොදාගත් බව
* දකුණු ඉන්දියානු නර්තන ආභාෂය ලැබීම.
* නර්තනය යුද්ධෝප්රක්ක්රමයක් ලෙස හමුදාව දිරිගැන්වීමට යොදාගැනිම ..
ඉහත් කී සාධක තුලින් ප්රාග් යුගය ,අනුරාධපුර යුගය හා පොළොන්නරු යුගයන් හීදී නර්තන කලාව කුමණ ආකරයකින් පැවතියේද යන්න අපට හදුනා ගත හැක.