නූතනයේ රංග භූමි අලංකරණය කර ගැනීම සදහා විවිධ ශිල්ප ක්‍රම භාවිත කරන බව අද්‍යතන නව නිර්මාණය දෙස විමර්ශනාත්මක ව බැලීමෙන් අපට හදුනා ගත හැකි ය. අතීතයේ දී මෙන් නොව කාර්ය බහුල සමාජයක් තුළ වැඩි වෙලාවක් එක ස්ථානයක පුද්ගලයින් රදවා තබා ගැනීම අසීරු කරුණකි. එවන් වූ වටපිටාවක් තුළ ප්‍රේක්ෂක මනස මද වේලාවකට හෝ රදවා තබා ගැනීමට නිර්මාණකරුවා බොහෝ උපාය මාර්ග සොයා යනු ලැබේ. එවන් එක් උපාය මාර්ගයකි, නූතන රංග භූමි අලංකරණය.
එකී අලංකරණයේ දී ප්‍රේක්ෂක අවධානය ලබා ගැනීමට භාවිත කරනු ලබන ශිල්ප ක්‍රම රැසක් අද්‍යතනයේ ව්‍යවහාරයේ පවතී. එවන් ශිල්ප ක්‍රම කිහිපයක් ලෙස වේදිකා ආලෝකනය, පසුතල නිර්මාණය, සැරසිලි සදහා භාවිත කරන විව්ධ අමුද්‍රව්‍ය, තාක්ෂණික ක්‍රම ශිල්ප හා ඩිජිටල් තාක්ෂණය ආදිය හැදින්විය හැකි ය.
ඒ වගේ ම රංග භූමිවල විවිධතා ද මීට අයත් වේ. මේ එක් එක් කරුණු පිළිබද විමසා බැලීමේ දී වේදිකා ආලෝකනය ඒ අතර ප්‍රදාන තැනක් ගනු ලබයි. විදුලි බලය සොයා ගැනීමත් සමග ම ලොවට එක්වුණු මෙකී ආලෝකය වර්තමාන වේදිකාව තුළ මහත් ආන්දෝලනයක් කළ තාක්ෂණික ශිල්ප ක්‍රමයක් ලෙස අර්ථ ගැන්වීම යුක්ති යුක්ත ය. මෙම ආලෝකනය තිත් පහන් හා ධාරා පහන් ලෙස වේදිකාව තුළ භාවිත කරන අතර නොයෙකුත් විදුලි බුබුළු වර්ග ද වේදිකා ආලෝකනය සදහා බාවිත කරනු ලැබේ.
එය නූතන රංග භූමි අලංකාරණයේ දී බාවිත වන ශිල්ප ක්රමයකි. තවද රංග භූමි අලංකාරණය සදහා යොදා ගන්නා පසුතල නිර්මාණ ද නූතනයේ බාවිත තවත් එක් ශිල්ප ක්රමයකි.මෙකී නිර්මාණ ක්රමයේ දී වේදිකාව මත දිගහැරෙන කලා කෘතියෙහි සමස්ථ අර්ථය ම වඩාත් තීව්ර කොට පෙන්වාදීමේ හැකියාව ඇත. නිදසුනක් ලෙස “කරදිය” මුද්‍රා නාට්‍යයේ දී පසුතල නිර්මාණ ලෙස යොදාගෙන ඇති පොල්ගස්, පැල්පත, ගල්කුළ වැනි සංකේත මෙසේ පෙන්වා දිය හැක. ඒ තුළින් වෙරළාසන්න ධීවර පරිසරය මනා සේ ප්‍රේක්ෂකයාට සමීප කර ඇත්තේ නූතන රංග භූමි අලංකරණයේ බාවිත ශිල්ප ක්‍රම තුළ ඇති වටිනාකම ලොවට හෙළි කරවමිනි.
තවද රංග භූමි අලංකරණයේ දී භාවිත ශිල්ප ක්‍රමයක් ලෙස සැරසිලි සදහා භාවිත කරන අමුද්‍රව්‍ය පෙන්වාදිය හැකි ය. මෙකී අමුද්‍රව්‍ය ලෙස කැන්වස්කාඩ්බෝඩ්, හාඩ්බෝඩ්, රිජිෆෝම්, තුනී ලෑලි, රෙදි, ගෝනි රෙදි, වැනි කෘතීම ද්‍රව්‍ය පෙන්වාදිය හැකි ය. මේවා අද්‍යතන නව නිරමාණකරණයේ දී බහුල ව යොදාගන්නා බවක් අප නෙත ගැටී තිබේ. එයට හේතු වශයෙන් පෙන්වාදිය හැක්කේ මෙකී නිර්මාණ ආයාසයෙන් තොර ව වේදිකාවේ සවිකළ හැකි අතර සැහැල්ලු ශක්තිමත් භාවයකින් ද යුක්ත වීම ය.
නූතන රංග භූමි අලංකරණයේ භාවිත තවත් එක් ශිල්ප ක්‍රමයක් වන්නේ තාක්ෂණික උපක්‍රම භාවිත කරන අතර, ඒ අනුව පරිගණක සැලසුම් මගින් කරනු ලබන ආලෝකකරණය පෙන්වාදිය හැකි ය. මෙම නව තාක්ෂණික ක්‍රමය සදහා ලෝකයේ දියුණු රටවල් අද වන විට දැඩි නැබුරු බවක් පෙන්වන බව බොහෝ නිර්මාණ තුලින් අපට පෙනේ. ඩිජිටල් තාක්ෂණය ද එසේම ය. නූතන රංග භූමි අලංකරණයේ දී භාවිත තවත් එක් ශිල්ප ක්‍රමයක් ලෙස රංග භූමි වල විවිධතා පෙන්වාදිය හැක. ඒ යටතේ රංග භූමි වල ඇතුලත් විවිධ වේදිකා වර්ග අතර කවාකාර වේදිකා,ආරුක්කු වේදිකා, කැරකෙන වේදිකා පෙන්වාදිය හැකි ය. ඒ වගේ ම තත් කාළවකවානුව වන විට යාන්ත්‍රික ව ක්රයයාත්මක වන උපකරණ සහිත නවීනතම වේදිකා ද මෙරට ඉදි වී ඇත. එයට නිදසුන් ලෙස “නෙලුම් පොකුණ” වේදිකාව හදුන්වාදිය හැක.