රට යකුම හෙවත් රිද්දියාගය සිංහල ශාන්තිකර්ම සම්ප්‍රදායේ පහතරට ප්‍රදේශයට ආවේණික ප්‍රධාන ශාන්තිකර්මයකි. මාතර හා බෙන්තර ප්‍රදේශ මුල් කරගෙන පැවැත්වෙයි. විවාහක දරුවන් අපේක්ෂිත කාන්තාවන් උදෙසා යකුන් අරභයා පැවැත්වෙනශාන්තිකර්මයකි.
පැවැත්වීමේ අරමුණු:
උපත් කථාව |
රටයකුම හෙවත් රිද්දියාගය ආරම්භ වී ඇත්තේ දරු දොළ උපතක් මුල් කර ගෙනය. එක් කථා පුවතකට අනුව මහා මේරුවපළාගෙන හටගත් ගිනි පුපුරු හතකින් මුදුන්මාල, ධර්මපාල, ගිරිමේඛල, ඕන්කාර, රිද්දි, කොණ්ඩමාල, රණකපාල යන බිසෝවරු සත්දෙනෙක් උපන්හ. මොවුහු සොළොස් වයස පසු කළ මුත් දරුවන් නොලද බැවින් දරු උපත් අපේක්ෂාවෙන් වේදනාවෙන් කල්ගෙවූහ. දීපංකර බුදුන්ට නොඉඳුල් සලුවක් වියා පූජා කිරීමෙන් දරු සම්පත් ලැබෙන බව සිහිනෙන් දැක, එය ඉටු කර ගැනීමට කටයුතු කළහ. නේරංජනා නදියට ගොස් හිස නානු ගා ස්නානය කොට සලුපිළි හා ආභරණ පැළඳ, දලු බුලත් අනුභව කොට, නැව්නැග ලක්දිව උසන්ගොඩ ප්‍රදේශයට ගොඩ බැස්සහ. එහිදී බිසෝවරු හේනක් කොටා, කපු වපුරා, අස්වැන්න ලබා සලුවක් වියාදීපංකර බුදුන්ට පූජා කළහ. එම අනුහසින් දරු ගැබ් පහළ වූ බව කියවෙයි. මෙම කථා පුවත ශාන්තිකර්මයේ දොළහ පෙළපාලියහා කපුයක්කාරිය යන අංග ඔස්සේ නිරූපණය කෙරේ.
ඒ හා සම්බන්ධ වූ තවත් කථා පුවතකට අනුව දරු ගැබ් පහළ වීමෙන් පසු ආභරණ ඇල්ලට දිය නෑමට යාමේදී රොඩියෙකු ස්පර්ශවීම නිසා බිසෝවරුන් ඇල්ලෙන් පැන මිය ගොස් යක්ෂණියන් වී උපත ලද බව කියවෙයි. දරුවන් කෙරේ ආසාවෙන් මිය ගිය බැවින් කාන්තාවන්ට වඳ බව ඇති කෙරෙන බවත් සඳහන් වේ.
රටයකුම හා සම්බන්ධ පුරාවෘත්ත තවත් ආකාරයකින් ජනශැතියේ එයි. මහාමේරුව හෙවත් රන් ගිර කූටයේ හට ගත් ගින්නකින් රිද්දි බිසව උපන්නාය. වැඩිවියට පත් ඇය මහා බ්‍රහ්මයාගේ අඹුව බවට පත්වූ අතර දූවරුන් සත් දෙනෙකු ලැබුවාය. පසුව මහාබ්‍රහ්මයා ඇය අත්හැර දමා ගියෙන් තමා සමග උපන් අවශේෂ යකුන් සමග එක්ව වෙසමුණි රජුගේ පිරිසට එක් වූවාය. එහිදී ඇය වෙසමුණි රජුගෙන් වරමක් ගෙන කලු කුමාරයා සමග එක්ව කාන්තාවන්ට හා ළදරුවන්ට රෝග පමුණුවමින් දොළ පිදේනි ලැබීමට යොමු විය. ඔවුහු වෙසමුණි රජුගේ අණ නොසලකා කටයුතු කළ හෙයින් අසුරගිරි පර්වතයට නෙරපා හැර දොළොස් වසරක් දුක්වින්ඳහ. පසුව දීපංකර බුදුන්ගන් වරම් ගෙන කාන්තාවන් වඳ බවට පත් කර දොළ පිදේනි ගැනීමට යොමු වූ බව කියවේ.
රටයකුම පැවැත්වීමට පෙර අදාළ ආතුර කාන්තාව උදෙසා කලහ පේ කිරීම, ඇප නූල් බැඳීම යන චාරිත්‍ර ඉටු කෙරේ. සඳුදා, බදාදායන දෙදිනයන්හි නොපවත්වයි. සැන්දෑ යාමයේ පටන් පසුදා පහන් වනතුරු තුන් සමයමකින් හෝ ඉරමුදුන් සමයම ද ඇතුලු වසමයම් හතරක පුද පෙත්වලින් සමන්විත වේ.
|
යොදා ගන්නා සැරසිලි |
|
පුද ලබන යක්කු |
පූජා විධි රටාව |
|
මාතර පළාත |
|
බෙන්තර පළාත |
සෙත් කිරීම හා ආරක්ෂා කිරීම